චමියගෙ භාණ්ඩේ-12


                                                                                                        මුල් කොටසට...
 සාජන් මහත්තයා අඩි දෙක තුනක් තියන්න ඇති. එයාගෙ ෆෝන් එක රින්ග් වෙන්න ගත්තා.

"වීරසිංහ? මොකද?.
හ්ම්ම්??
හ්ම්ම්..."

ටිකක් වෙලා සාජන් මහත්තයා අහගෙන හිටියා.
"එහෙනම් තමුන් ඇහැ ගහගෙනම ඉන්නවා. දැන්ම මොකුත් කරන්න එපා.."

සාජන් මහත්තයා එහෙම කියලා කෝල් එක කට් කරලා ෆෝන් එක සාක්කුවට ඔබාගත්තා.

"වීරසිංහ කතා කලේ....
මිනිහෙක් ඉන්නවාලු සැක සහිත. මිනිහා ටිකක් වයස පාටයි කිව්වා. හරි කලබලෙන් වගේ එහාට මෙහාට යනවා. හැමෝම එක්ක කතා කරනවා, පොලීසියෙ අයට කිට්ටු වෙලා විස්තර අහනවා. වීරසිංහගෙනුත් අහලා. වීරෙත් ටිකක් කතාවට වැටිලා. ඒ මිනිහා කියන්නෙම කෙල්ල පැනලා ගිහින් වෙන්න ඇතිලු. ඒ අදහස හැමෝටම කාවද්දන්න මිනිහා ලොකු ට්‍රයි එකක් දෙනවා කියලා තමා වීරසිංහ මට කිව්වෙ...."

"මිනිහගෙ උස කොහොමද?.."
සේනාරත්න මහත්තයා ඇහුවා.

"ඒක නම් හරියටම කිව්වෙ නෑ. සාමාන්‍ය තරමේ කෙනෙක් කියලා තමා..."

"සර්.. කකුලේ තුවාලේ?..."


ඉතිරිය කියවන්න >)))>

චමියගෙ භාණ්ඩේ-11

                                                                                                                              මුල් කොටසට...
 මට හැපි.. ඇයි ඉතින් ලොකු ප්‍රසංශාවක් හම්බුනානෙ. මම ආඩම්බර හිනාවක් මූනට දාගත්තා චමියට පේන්න. ඊට පස්සෙ ආයෙත් කතාවට
අවධානය යොමු කරා.

"ඒත් මේ මිනිහට තුවාල උනේ කොහොමද?..
මේ කෙල්ල මැරෙන්න කලින් මිනිහත් එක්ක රණ්ඩු කරලද?..."

සාජන් මහත්තයා ඇහුවා.

"නෑ ජයේ. මම හිතන්නෑ. මොකද, මුල ඉඳන් මම බලාගෙනමයි ආවෙ. මේ තුවාල උනු ලකුණු මම දැක්කෙ අර අත කපපු හරියෙ ඉඳන් එද්දි. ඊට කලින් එක ලේ පැල්ලමක්වත් නෑ..."

"සර්.. මට මෙහෙමත් හිතෙනවා..."

මමත් අදහසක් දැම්මා.

"මේ මිනිහා අතේ පයේ වැඩට සූරයෙක් නෙවේ කියලා මට කලින්ම හිතිලා තිබුනා.මිනිහා අත කපන අතරේ තමන්ගෙ කකුලත් කපාගන්න ඇති. හදිස්සියයි, නුහුරු කමයි එක්ක. මම උනත් කෝටුවක් කපාගන්න ගියහමත් ඇඟිල්ලක් හරි කපාගන්නවා. ඒ හැටි..."

සාජන් මහත්තයා ඔලුව වැනුවා.


ඉතිරිය කියවන්න >)))>

චමියගෙ භාණ්ඩේ-10

                                                                                                              මුල් කොටසට...       
 මමයි, සාජන් මහත්තයයි, සේනාරත්න මහත්තයයි, කතාවක් නැතුවම ආයෙ ලේ ගොඩ තිබුනු තැනට ආවා. අපරාධ පරීක්ෂණ අංශයෙන් පරීක්ෂා කරලා ඉවර වෙනකන් මේ හරියෙවත්, අත තිබුනු තැනවත් තව දුරටත් අවුල් නොකර තියමු කියලා සේනාරත්න මහත්තයා කිව්වා. මටත් හිතුනා ඒක හොඳයි කියලා. අනෙක මගෙ වැඩ හින්දා මේ තැන් අවුල් වෙන එක පොලීසියට බාධාවක් වෙනවා කියලා මමත් තේරුම් ගත්තා.මම වගේ කිරි සප්පයෙක් කියපු කතා ටිකක් හින්දා (ඒවා හරි ගියා උනත්,) පොලීසියට එයාලා අපරාධ පරීක්ෂණ කරන සම්මත විදිහ වෙනස් කරන්න බෑනෙ? හරි නම් මෙතනට මගේ මැදිහත් වීමත් බාධාවක්. සාජන් මහත්තයා කොහොම හිතුවත්.....

ඒත් මෙහාට ආවෙ පොලිස් නිලධාරි මහත්වරු කීපදෙනයිනෙ. ඒකත් අතුරුදහන් වීමක් හොයන්න මිසක් අපරාධ පරීක්ෂණයකට නෙවෙයිනෙ. අනෙත් පොලිස් ටීම් එක එනකන් ඉන්න අමාරු හින්දයි සාජන් මහත්තයා මාවත් අඬගහගෙන  මේකට ආවෙ. එක අතකින් ඒකට වැරදි කියන්නත් බෑනෙ? සාමාන්‍ය පුරවැසියො හැටියට අපේ යුතුකම් පොලීසියට උදව් කරන එක...

"චටාස්.."


ඉතිරිය කියවන්න >)))>

Photobucket
Create your own banner at mybannermaker.com!
Sinhala Blog Reader
  • ආයුබෝවේවා

මේ වෙලාවේ

© 2013  boothspider.blogspot.com. Powered by Blogger.