"හඩු දෑස දුටුවාම..... දැනෙනවා ගඳ බෝම....."
...........
චමියගෙ චූන් එක..
හපෝ වසලා හමාරයි. ෂුවර් එකටම මූට එන්න කියන්න ඇත්තෙ අපෙ අම්මා.මොකද කම්මලේ බල්ලට වගෙ මමත් අම්මගෙ දේශනා වලට හොඳට හුරුයිනෙ. ඉතින් මාව ඇහැරවගන්න නම් චමිය තමා බඩුව. උගෙත් සද්දෙට නෙවෙ මන් ඇහැරෙන්නෙ.
ගඳට.
..."සුදෝ...? මගෙ පන... ඇහැරපන් මයෙ අම්මා......."
චමිය ලගටම ඇවිත්....
මම ෆුල් ට්‍රයි දුන්න නහය වහන් ඉන්න. කොහෙද ඉතින්?
නහය වහන් හිටියට කට ඇරිලනෙ? උරුලෑ ගඳ කටෙන් දැනෙනවා.
"බොල ගල් හිවලෝ... කට වහගෙන කතා කරපන්.. නැත්නම් මම මැරෙන්නෙ තොගෙ කටේ ගඳට. "
අම්මප මුගෙ මුඛයයි අධෝ මුඛයයි උපදිනකොට මාරු වෙලා. ඒකයි මට මේ තරම් සෝ සුසුම්....
"ආන්න නරක සමලියා.. තෝ මට හිවල කිව්වනෙ? තෝ මහ නරකයා බන්.."
මූ එක අතකින් කට වහගෙන මට කිව්වා.
අඩේ...?
කතාව නම් හද්ද ඇත්ත. ඒත් මන් මොකටද ඒක මූට කියන්නෙ?
මූට මන් ආදරේට හිවලා කිව්වට මූ සයිස් එකෙන් ඇති වලහෙක් විතර..
හිම වලහෙක් වගේ. කට්ට කලුයි.
ඒත් කොහෙද මුගෙ ගඳ කට නම් උගෙ හැටියට පොඩි එකක්. හරියට කන්ට්‍රෝල් කරගන්නත් බෑ. ඒකනෙ මූට සමනලයා කියලවත් කියාගන්න බැරි. මේ හින්ද කොච්චර ගඳ උනත් මම චමියගෙ කටට ආදරෙයි. උගෙ කන්ට්‍රෝල් නැති ටෝක් හරියට කෝපි කඩේ ඩිංගි මහත්තයගෙ ප්‍රස්තාව පිරුළු වගේ. ඉල ඇදෙනවා.
මන් ඉක්මන්ට නැගිට්ටා. කව්ද ආස හුස්ම ගන්නැතුව මැරෙන්න?
මම නැගිට්ට ගමන් ගියෙ කුස්සියට. අම්ම උදේට උයනවා. මම කට හෝදලා තේ එකක් හදාගත්තා තනියෙම්ම. ඒක චමිය අතට දීල මන් තව එකක් හදාගත්තා. ඒකට නම් සීනි දැම්මා. චමිය තේ බොන දිහා මම නෙවේ හැරිලවත් බැලුවෙ. ඌ එක විසි කරන්නෙත් නෑ. අම්මා ඉන්නවනෙ. කෝමද මන් වේලාසන ගඳ ගස්සපු එකට පොලියත් එක්ක පලිය ගත්තා? එල නෙහ්?
චමිය තේ බීල ඉවර වෙලා සින්ක් එක ලගට ගිහින් කෝප්පෙ හෝදන්නෙත් නැතුව වතුර එකක් පුරෝගෙන බිව්වා. බීල කෝප්පෙ මේසෙ උඩින් තියන ගමන් මන් ලගට ආවා.
"මචෝ උඹ දන්නවැයි? අද අපේ ගේ ඉස්සරායින් තඩි පොලිස් ජීප් එකක් ගියා. මාත් හොට දාල බැලුව මොකෝ මේ කවදාවත් නැතුව පොලෝසියෙන් ජීප් එකක් පුරෝලා කියලා....
අපේ ගෙට ටිකක් එහායින් හිටපු අර රතු භාන්ඩෙ මතකද? ඊයෙ රහත් වෙලාලුනෙ.."
"මොන භාන්ඩෙද පුතේ?..." අම්ම ඇහුවා.
"..පොලිස් ජීප් එකක් නම් ආපු කතාවක් මටත් ආරංචියි..."
අම්මත් කුස්සියෙ බව මූට මතක් වෙන්න ඇත්තෙ දැන් තමා. කොහෙද ඉතින්. මුගෙ කුනු කට තමයි.
"නැහ්... මේ... මේ..."
"ඒ අම්මෙ මෙයාගෙ ගෙවල් ගාව තිබ්බ රතු පාට බාල්දියක්... මෙයා හෙන ට්‍රයි එකක් දැම්ම ඒක ඔලුවට දාගන්න. හරි ගියෙ නෑ."
මම ඌව බේරගත්තා.
අම්මත් මගෙ දිහායි චමිය දිහායි බලලා, ආයෙත් චමියගෙ ඔලු ගෙඩිය දිහා ඇස් ලොකු කරන් බැලුව. ඊට පස්සෙ මොකුත් නොකියා ආයෙත් උයන්න පටන්ගත්ත. එයාට මම කිව්ව දේ මහ අප්‍රභංශයක් කියල මට තේරුනා. එහෙමයි කියල තේරුම් කරල දෙන්නයැ?
මං මේක කියවන්න ගත්ත. වැඩේ කියන්නේ 1,2,3, කියවන්න හොයා ගන්න මහන්සියක් ගන්න වෙන එකයි. නරකද පටුනක් දැම්මොත් (Blog Archive). එතකොට හොයා ගන්න ලේසිනේ.
ReplyDeleteසුබ ගමන්!
ඔන්න අද තමයි මේක කියවන්න පටන් ගත්තේ.
ReplyDeleteහරී. ඉවර වෙනකම් බලන්නකෝ.
DeleteBalamuko mokada venne kiyala
ReplyDelete