චමියගෙ භාණ්ඩේ-06

                                                                                 මුල් කොටසට....

මම තක්බීර් උනා. හරි නම් දැන් පොලිස් පරීක්ෂණයක් පටන් ගන්න ඕනි මෙතන. අපි වගේ අය ඉවත් කරලා මෙතැන හොඳට වට කරලා හෙම. ඒත් මේ සාජන් මහත්තයා මට අඬගහනවා සර්ච් එකට එන්ටර් වෙන්න කියලා. මෙහෙමත් චාන්ස් වදිනවද අපිට. ඈ? ඒත් සාජන් මහත්තයා එහෙම ඇහුවම කොයි ගොනාද එපා කියන්නෙ?මමත් හා කිව්වා.

"හැබැයි පුතේ, මම ඔයාට එන්න කිව්වෙ ඔයා අපිට කරපු උදව්ව හින්දයි. මොකුත් නොකර පැත්තකින් එන්න දෙන්නම. හොඳද?... ඒ වගේම මේ දේවල් ගැන සද්ද නොකර ඉන්නත් ඕනි."

මම ඔලුව වැනුවා.

"අනෙක, ඔයාලා වගේ කොල්ලො තමයි මේ කැලෑ මණ්ඩිය ගැන හොඳට දන්නෙ. අපිට මෙහෙ මොන පැත්තකට සර්ච් කරන්න වෙයිද දන්නෙත් නෑනෙ. ඒකයි වැඩියමත් එන්න කිව්වෙ....."

මම ආයෙත් වැනුවා.(ඔලුව)

එහෙනම් මේ අපිට ආදරේට නෙවේ එන්න කිව්වෙ? අපේ උදව් ඕනිවට...

මට ඒකට නම් හිතට හරි නෑ වගේ. නැත්නම් මම පුදුම උනා මෙහෙම පොලිස් පරීක්ෂණ මැද්දට එන්න කිව්වම. ඒත් ඉතින් මට මොකෝ. 

සාජන් මහත්තයා  අර සිවිල් පිට හිටපු කෙනා දිහාවට හැරුනා.

"සෙනේ...?  මොනවද තියෙන්නේ..."

සිවිල් කෙනා
හිටියෙ ලේ ගොඩ ලග දණ ගහගෙන. එතන වටේටම හොඳට බලන ගමන්.බලාගෙන  යද්දි මෙයත් සිවිල් පිට උනාට පොලීසියෙ කෙනෙක්.

"මේ ලේ තමයි  ජයේ... ප්‍රධාන ධමනියකින් ගලාගෙන ගිය ලේ. සතෙක්ගෙද, මිනිහෙක්ගෙද  කියලා නම් කියන්න බෑ. ඒත් මිනිහෙක් කියලා මට හිතෙනවා...."

සාජන් මහත්තයා මන් දිහාවට හැරුනා. 

"මේ මිස්ට සේනාරත්න. සෝකෝ එකේ වැඩ කරන මගේ මිත්‍රයෙක්.."

මම සේන මිස්ට හිනාවක් දැම්මා. (සාජන් මහත්තයත් කිව්ව හින්දයි මිස්ට කියලා මමත් කිව්වෙ.අපහාසයකට හෙම නෙවෙයි ඈ? අනෙක එයාගෙ සෝකෙ මට කියන්නෙ මොටද?)
මෑන් නම් මගෙ දිහා ලාවට බලලා ආයෙ බිම බලාගත්තා. අනේ ලැජ්ජ බයට හැදිච්ච කෙනෙක්. අපේ චමියා වගේ.

"අද උදේ මාව මීට් වෙන්න ආව ගමන් මගෙත් එක්ක මෙහෙටත් ආව."

සාජන් මහත්තයා ආයෙත් කිව්ව.මමත් අහගෙන හිටියා.

"පුතේ.. ඔය කෝටු කෑල්ල මට දෙන්න."

සෝකෙ මිස්ට සේන කිව්වෙ මට. මගෙ කකුල් දෙක පාමුලට  අත දික් කරලා. මමත් කකුල් දෙක ලඟම තිබුනු කෝටු කෑල්ලක් පාදලා අරන් කිට්ටු උනා එතෙන්ට. කෝට්ට අතට දීලා මමත් පාත් උනා ඒ ලඟින්ම.

දැන් තමයි ලඟින්ම පේන්නෙ. හරියටම මේ ලේ කියල සේනාරත්න කියන්න හේතුව මට පැහැදිලි උනා. ලේ ගොඩ වටේට කූඹි වහලා. කැළෑවල ඉන්න චූටි නිලමැස්සො වගේ උනුත් වටේට. එයිටත් වඩා කියතෑකි එන ලේ ගඳට.
 හපෝ....

මම නහය අකුලගත්තා. සේනාරත්න මහත්තයට නම් ගානක් නෑ වගේ. පුරුදු කාරයෙක් වෙන්ටැ? එයා හෙමීට ලේ ගොඩ වටේට කෝට්ටෙන් පාදන්න ගත්තා. ඒ උඩට වැටිලා තිබුනු කොලයක් කොලයක් ගානේ රොඩ්ඩක් ගානෙ එයා පරීක්ෂාකාරි උන හැටි මම දැක්කා.

කරුනාවන්ත සාජන් මහත්තයත් ලඟට ඇවිත් එබිලා බැලුවා.. උඩින් තිබුනු ලේ සලකුනු කොල රොඩු එක්ක කලවමේ තිබුනට රොඩු අයින් කරනකොට පැහැදිලි රතු පාටක් තිබුනා. ධමනියකින් ගලපු ලේයි කියන්න ඇත්තෙ ඒකයි එහෙනම්....

"මේ ලේ ගොඩ උඩට ගොඩක් කොල රොඩු, පස් හිටන් වැටිලා... පස් උනත් නිකන්ම වැටුනා වෙන්න බෑ. ලේ ටිකට උඩින්ම තිබුනෙ පස් එක්ක කවලම් වෙලා තිබුනු දිරා ගිය කොල රොඩු. ඒවා අයින් කරනකොට යටින් තියෙනවා එයිට වඩා අලුත් වගේ කොල. උඩින් තියෙන කොල රොඩු යටින් තියෙන ඒවට වඩා දිරාපත් වෙලා වගේ.
එහෙම උනේ කොහොමද?..."

 මෙහෙම ඇහුවෙ වෙන කවුරුවත් නෙවේ. මේ මම. එහෙම මම දැකපු දෙයින් මගෙ ඔලුවට ආපු ප්‍රශ්නෙ, මම ඇහුවෙ මගෙ ඔලුවටම උඩින් එබිලා හිටපු සාජන් මහත්තයාගෙන්. බොහොම බයපස්ස පාත් විදියට. 

එයාගෙ ඇස් දෙක හැරුනා සේනාරත්න දිහාවට. මමත් හැරිලා බැලුවා. සේනාරත්න මහත්තයා මගේ දිහා බලන් හිටියෙ අමුතු විදිහකට කට උල් කරගෙන. හපොයි ඉඹින්න හිතිලද මන්දා. ඒත් ඒ ගමන්ම වගේ එයා ආයෙත් ලා හිනාවක් දැම්මා, ලාම ලා එකක්.

"පුතාට හොඳ ඇස් දෙකක් තියෙනවා.. දිගටම බලන්න..."

ම්හු... මට ඇල්ලුවෙ නෑ කියපු කතාව. ගෙදර ගියාම බලන්න ඕනි කණ්නාඩියෙන්.

ඒත් එයා මට බලන්න කිව්වෙ අතේ තිබුනු කෝට්ට බිමට දික් කරලා. ඉතින් මම ආයෙත් බැලුවා. එයා දිගටම රොඩු ටික පාදන්න ගත්තා. ඒ ගමන රොඩු ගොඩේ යට තිබුනු පුරාවස්තුවක් මතු උනා. රෙදි කෑල්ලක්. ඇත්තටම රෙදි කෑල්ලක් කිව්වෙ ඒකෙ භෞතික හැඩයෙනුයි. ඒ උනත් ඒක තිබුනෙ පස්, ලේ, රොඩු, එකට මික්ස් වුන බදාමයකින් වැහිලා.

මේක පොඩි රෙදි කෑල්ලක් උනාට හෝඩුවාවක් විදිහට ලොකු වටිනාකමක් තියේවි කියලා සේනාරත්න හිතන්නැති.(මමත් හිතුවා.) සේනාරත්න මහත්තයත් කෝටුවෙන් ඒක ඉස්සුවෙ හරියට මැරිච්ච සර්පයෙක් උස්සනව වගේ. ඊට පස්සෙ මහා කැත විදිහට නහයට ලං කරලා සුවඳත් බැලුවා. ඊ කේ(E.k.) චිකේයියා.

ඊටත් පස්සෙ ලේ ගොඩට පිටතින් පැදුරක් එලනව වගේ ඒ රෙදි කෑල්ල බිමින් එලුවා. හරි පරෙස්සමෙන්. ඔච්චර එලන්න ආච්චිගෙ රෙද්දක්ය?  අල්ල වහන්න තරම් වත් නැති ඇබිති රෙදි කෑල්ලක්?  හෝඩුවාවන් තිබ්බය කියලා? මට නම් තේරුනේ නෑ. ඉතින් මමත් මගේ හොඳ ඇස් දෙක මූනට දාගෙන බැලුවා. මොනාද පේන හෝඩු වාවන් කියලා....

                                                                                                      මතු පෝස්ට් හා සබැඳි....

17 thoughts on “චමියගෙ භාණ්ඩේ-06

  1. ශික්.. මූට දෙකක් දෙන්ඩ ඇත්නම්...!

    ReplyDelete
  2. උඹ උඹේ ක්‍රමේටම ලියාගෙන පලයන් මල්ලි, ඒක තමයි ඔයාගෙ කතාව කියන්න තියෙන හොඳම විදිය. පොඩි අවුලකට තියෙන්නෙ ඉතිං කියවන්න හදනකොටම ‘කතාව අදට ඉවරයි‘.

    ReplyDelete
  3. මේකයි වැඩේ. මම තාම බ්ලොගිං වල මුලනෙ. මේ පෝස්ට් එක දිග වැඩි උනාම එරර් එකක් එනවා. හදාගන්න හැටි තාම හොයනවා. මම කතාවෙ මුලින්ම දාපු පෝස්ට් දෙක එක සැරේ ලිව්ව එක පෝස්ට් එකක්. දිග වැඩි කියල වැටුන හින්දා දෙකට කැඩුවෙ. නැත්නම් මමත් ආසයි පෝස්ට් 2,3කින් මුලු කතාවම දාන්න.

    ReplyDelete
  4. ඒ මරේ මාරු .. බ්ලොග් නොලිවුවට කියවන එකනං නතර කරන්නේ නැහැ මකුළුවෝ ..

    ReplyDelete
  5. මම අද මේ බ්ලොග් එකට ආවේ කථා ටික මුල ඉදලම කියවන්න ඕනි බ්ලොග් එක නියමයි ,,,,,,,,, පොස්ට් ලියන කොට එරර් එකක් එන්නේ සමහර වෙලාවට ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකේ අවුල් නිසා

    ReplyDelete
  6. සුඩු මාත්තයා. හොඳට පාඩම් කරන්නත් ඕනි හොඳෙ.
    @ලහිරු. මම එන්නෙ මොබි ඩොං එකෙන්.
    (mobitel dongle) ඒත් මම කිව්වෙ පෝස්ට් එක දික් කරන්න ගියාම එන එරර් එකක්. ඒ පෝස්ට් එක 2ට කැඩුවම හරි ගියා. මේ පොඩි ඒව ලියන්නෙ ඒකයි

    ReplyDelete
  7. මරු මරු. කතාව මරුවට ගලාගෙන යනවා. සුපිරි.

    ReplyDelete
  8. තෑන්ක්ස් යාලුවා

    ReplyDelete
  9. සරළ සාමාන්‍ය ටෙම්ප්ලේට එකක් දාගනින්.. එතකොට ඔය ඔක්කොම දෝශ නිවාරණයි.. බලපන් මේකෙ කමෙන්ට් වලට රිප්ලයි කරන්ඩත් බෑනෙ..

    ReplyDelete
  10. හොඳ ඒව නෑනෙ? අනෙක ලේ අවුට් එච්ටීඑම්එල් එක හෙනට වෙනස් කරල තියෙන්නෙ. අගක් මුලක් නෑ. කෝකටත් ට්‍රයි කරනවා.

    ReplyDelete

  11. ඒ ටෙම්ප්ලේට් එක පස්ටයි මචං :)

    ReplyDelete
    Replies
    1. hik hik. ඒකනේ. මම ෆ්‍රී එකක් එඩිට් කරල ගත්තා. ආවට තෑන්ක්ස් ඈ...

      Delete
  12. සිරාවටම සිරාය.එත කියවන්න හදනකොටම කතාව ඉවරය.

    (මේක මගේ රෝලේ අප්ඩේට් වෙලා තිබ්බේ නෑ)

    ReplyDelete
    Replies
    1. කතාව දිගටම ලියනවාය. ඒ හින්දා විස්සෝප වෙන්න එපාය. අප්ඩේට් නොඋනේ මොකෝ?

      Delete
  13. Thava tikakdigata thibbanam maru..

    ReplyDelete

හික් හික් හික්...
ඔයාලට මොකක්ද හිතුනෙ මේක කියවද්දි?
මටත් දැනගන්න කොමන්ටුවක් දාලා කියන්නකො.

  • ආයුබෝවේවා

මේ වෙලාවේ

© 2013  boothspider.blogspot.com. Powered by Blogger.