චමියගෙ භාණ්ඩේ-12


                                                                                                        මුල් කොටසට...
 සාජන් මහත්තයා අඩි දෙක තුනක් තියන්න ඇති. එයාගෙ ෆෝන් එක රින්ග් වෙන්න ගත්තා.

"වීරසිංහ? මොකද?.
හ්ම්ම්??
හ්ම්ම්..."

ටිකක් වෙලා සාජන් මහත්තයා අහගෙන හිටියා.
"එහෙනම් තමුන් ඇහැ ගහගෙනම ඉන්නවා. දැන්ම මොකුත් කරන්න එපා.."

සාජන් මහත්තයා එහෙම කියලා කෝල් එක කට් කරලා ෆෝන් එක සාක්කුවට ඔබාගත්තා.

"වීරසිංහ කතා කලේ....
මිනිහෙක් ඉන්නවාලු සැක සහිත. මිනිහා ටිකක් වයස පාටයි කිව්වා. හරි කලබලෙන් වගේ එහාට මෙහාට යනවා. හැමෝම එක්ක කතා කරනවා, පොලීසියෙ අයට කිට්ටු වෙලා විස්තර අහනවා. වීරසිංහගෙනුත් අහලා. වීරෙත් ටිකක් කතාවට වැටිලා. ඒ මිනිහා කියන්නෙම කෙල්ල පැනලා ගිහින් වෙන්න ඇතිලු. ඒ අදහස හැමෝටම කාවද්දන්න මිනිහා ලොකු ට්‍රයි එකක් දෙනවා කියලා තමා වීරසිංහ මට කිව්වෙ...."

"මිනිහගෙ උස කොහොමද?.."
සේනාරත්න මහත්තයා ඇහුවා.

"ඒක නම් හරියටම කිව්වෙ නෑ. සාමාන්‍ය තරමේ කෙනෙක් කියලා තමා..."

"සර්.. කකුලේ තුවාලේ?..."


"එහෙම දෙයක් නම් වීරසිංහට පෙනිලා නෑ. ඒත් සරම ඇඳපු කෙනෙක්.."

"හොඳයි ජයේ.. කෝකටත් තව ටිකක් ඉස්සරහට යමු.."

"තවත් ඉස්සරහට ගිහින් මොනවා හොයන්නද සේනෙ?
මිනියත් හම්බුනා.
මට ඕනි කලෙත් මේකෙ අවසානයක් කරන්න පුලුවන් ඉක්මනටම.. අනෙක අපරාධකාරයා උනත් පුලුවන් ඉක්මනට මෙතනින් පැනගන්න ඇතිනෙ. අර ඉන්නව කියපු කෙනා...."

"ඉන්න කෙනා ගැන හරියටම තීරණය කරන්න දැන්ම බෑනෙ.
මිනිය නම් හම්බ උනා තමයි ජයේ. මේ මිනිහත් පැනගන්න ඇති. ඒත් තව මොන හෝඩුවා ඉතුරු කරලා යන්න ඇත්ද?... මිනිහව ස්ථීරෙටම අඳුනගන්න තරමට"

සාජන් මහත්තයා ඔලුව වැනුවා. ඒත් දිගටම යන්න එකඟ උනේ කැමැත්තෙන් නෙවෙයි කියලා මට හිතුනා.
මේ ගමන යන්න, ඉක්මනට විසඳන්න ගොඩක්ම උවමනා කරපු කෙනා දැන් ටිකක් අදි මදි කලා වගේ. මිනියත් හම්බ උනා. සැක කටයුතු මිනිහෙකුත් දැන් ඉන්නවා. ඒ පස්සෙ යන්න සාජන් මහත්තයාට ඕනි වෙලා ඇති.

සේනාරත්න මහත්තයා දැන් ඉස්සරහින් යනවා. කලින් වගේ පාර හිටලා නැති හින්දා මිනිහා පැනලා ගිය පාර දැන් හොයාගන්න වෙන්නෙ ඉඳ හිට කැඩිලා ගිය අතු රිකිල්ලක්,  බිම ඇඳුනු සලකුණක් වගේ දෙයකින් තමා. පියවර ලකුණු නම් මට පෙනුනේ නෑ.

අපි මෙවෙලේ කලින්ට වඩා ටිකක් වේගෙන් ඉස්සරහට ගියා.ටිකක් දුර යනකොටම කෝපි ගස් ටික අඩු උනා. පස් මැටි වගේ ගතියක් ගත්තා. එහෙමත් ටිකක් දුර යනකොට මට ඇහුනා වතුර ගලාගෙන යන සද්දයක්. ඉස්සරහින් දොල පාරක් වගෙයි.

ඇවිදගෙන යනකොට බිම පස් වල මැටි ගතිය වැඩි වෙලා යන්තම් එරෙන්න වගේ ආවා.. ඉස්සරහින්ම ගිය සේනාරත්න මහත්තයා එක තැනකදි නැවතිලා අපිට පෙන්නුවා බිම පස් කැඩිලා පොඩි වලක් හෑරිලා ගිය තැනක්. මිනිහා වේගෙන් ඇවිදලා හරි දුවලා හරි ගිහින් තියෙනවා. නැතුව මිනිහට ඉතින් වට පිට සිරි නරඹන්න වෙලාවක් තියෙන එකක්යැ?

අපි තවත් ටික දුරක් ඔහොම්මම ඇවිදගෙන යනකොට අපි ලං උනා ඇළ ඉවුරටම. දනිස්සක් විතර වතුර තියෙන්න ඇති වැඩිම උනොත්. ඇළ ගොඩක් පළලත් නැති හින්දා ටක් ගාල එගොඩ වෙතහැකි.ඉවුර දිගේ අතරින් පතර ගල් ගෙඩි එක්ක යන්තම් වැල්ල මතු වෙලා.කැලේ මැද්දෙ හින්දා මිනිස් පයට නිතර පෑගිලා නෑ. සත්තුන්ගෙද කියලා අඳුනගන්න බැරි ලකුණු වගයක් නම් තිබුනා. කැලේ කිව්වට පොඩි ලඳු කැලයක්නෙ.සත්තුත් නෑ ඒ හැටි.

ඇළ ඉවුර දිගේම වැල්ල දිගට නෙල්ලි කැලේ කියලා ලස්සනට තියෙනවා අඩි සලකුණු. අපි කට්ටිය ඒ අඩි ලකුණු දෙපැත්තෙන් හෙමීට ඉස්සරහට ගියා. අඩි ලකුණු ටික මුලින් ටිකක් හයියෙන් දුවලා. ඊ ලඟට වේගෙ අඩු වෙලා. අහිංසකයට හති වැටෙන්න ඇති.

ටික දුරක් වැල්ල දිගේ ගිය අඩි ලකුණු එක පාරටම ඇළට හැරුනා. බිමින් ගිය මිනිහා දියෙන් යන්න හිතුවද, නැත්නම් ලේ පැල්ලම් හෝදගෙන නාගෙන යන්න හිතුවද, දන්නෙ නෑ. ඒත් මට හිතුනේ මිනිහා මෙහෙම ටිකක් දුර ඇවිදලා එක පාරටම ඇලට පැන්නෙ මිනිහගෙ පස්සෙන් කවුරුවත් ආවොත් අන්ද මන්ද කරවන්න වෙන්න ඇති.

"සේනෙ?... දැන් කොහේටද?..."

සාජන් මහත්තයා ඇහුවා.

සේනාරත්න මහත්තයා ඔලුව වැනුවෙ අවිශ්වාස පෙනුමක් මූනට අරගෙන.
"අපිට මෙතනින් එහාට කරන්න දෙයක් නෑ ජයේ. මේ කෙලින්ම එහා ඉවුර දිහා බලන්න. මිනිහෙක් එතනින් ගොඩ උනා කියලා හිතන්න බෑ.මේ මිනිහා මේ කරලා තියෙන්නෙ අපිව මුලා කරවීමක්. මෙතනින් ඇළට බැහැලා උඩහට ගියාද, පහලට ගියාද කියලා හිතාගන්න බෑනෙ. අපිට පුලුවන්ද ඇළ දිගේ ඉවුරු දෙකම චෙක් කර කර උඩහට පහලට යන්න? කොච්චර දුරක් යන්න වෙයිද කියන්නත් බෑ. දැන් ඒක කරන්න බෑනෙ. තව පොඩ්ඩක් මේ අවට බලලා, අපි ආපහු යමු. ගිහින් කට්ටිය එක්ක රෙඩි පිට ආයෙ එමු.."

ඇවිදගෙන ගිය අඩි ලකුණු දිගේ ආපහු චෙක් කර කර යනකොට මට හිතුනා මිනිහගෙ උස කොහොමද බලන්න. සාමාන්‍ය මිනිහෙක්ගෙ උස අනුව පියවර දෙකක් අතර දුර වෙනස් වෙනවා කියන එක කවුරුත් දන්නවනෙ. ඒත් මට මිනිහගෙ උස මෙච්චරයි කියලා මැනගන්න නම් තේරුනේ නෑ. තේරුන එකම දේ මිනිහා මට වඩා උසයි. මම එහෙම හිතුවෙ මම සාමාන්‍ය ගමනින් ඇවිදගෙන යනකොට මගෙ පියවර දෙකක් අතර දුරට වඩා මිනිහා තියලා තිබුන පියවර දෙකක් අතර දුර ඉතා සුළු වශයෙන් වැඩි උන හින්දා.

මන් ඇවිදින ගමන් එක ඇස් බැල්මකින් මේ සේරම තේරුම් ගත්තා නෙවෙයි. අඩි සලකුණු පැත්තකින් ඉවුර දිගේ එහාට දුවලා මෙහාට දුවලා බිම පෙරලිලා වැලි පස් කාලා එක විකාරයක් නටලා, අන්තිමට තමා ඕක නිගමනය කලේ. සේනාරත්න මහත්තයයි සාජන් මහත්තයයි මගෙ වඩිග පටුන නිදහසේ නටන්න දීලා එයාලගේ නිරීක්ෂණ වල යෙදුනා. චමියා හිස් බැල්මක් ඇළේ ගැඹුරු තැන් දිහා හෙලාගෙන කල්පනාවෙ හිටියා. ඌ ඉතින් වෙන මොනවා කරන්න කියලද?

මිනිහා මට වඩා උසයි කියන එක ඔලුවට ආවම මට මතක් උනේ සාජන් මහත්තයා කියපු දේ. වීරසිංහ මහත්තයට මිනිහෙක් ගැන සැක හිතිලනෙ. ඒත් එයා කිව්වෙ ඒ මිනිහා සාමාන්‍ය තරමේ කෙනෙක් කියලනෙ? වීරසිංහ මහත්තයා ටිකක් කොට මහත මනුස්සයෙක් වෙච්චි එකේ එයා සාමාන්‍ය උසක කෙනෙක් කියලා කියන්නෙ වීරසිංහගෙ උසට සාපේක්ෂව ඒ කිට්ටුව උසක් තියෙන කෙනෙක් නිසා. අඩුම තරමේ මගේ උසට තරම්වත් කෙනෙක් නම් කියාවි උස කෙනෙක් කියලා.
ම්ම්ම්?
වීරසිංහ මහත්තයට වැරදුනාද මට වැරදුනාද?
ඒක බලන්න වෙන්නෙ ගිහිල්ලම තමයි.

අපි ආපහු එන අතරේ ආයෙත් ගියා මිනිය ලඟට. එතන මුරට කාව හරි තියන්න ඕනි කියලා සාජන් මහත්තයා කිව්වා. නැත්නම් තවත් පහු වෙනකොට සත්තු කාල දායි කියලා. මෙච්චරවත් මිනිය ඉතුරු වෙන්න ඇත්තෙ මේ කැලේ ඒ හැටි සත්තු නැති හින්ද වෙන්න ඇති. ඒත් අපි අතරේ මුර කරන්න කෙනෙක් නැති හින්දා අපි ඉක්මනට එන්න පිටත් උනා. ඉක්මනට ආපු හින්දා අමුතුවෙන් යමක් හොයාගන්නවත් උනේ නෑ. ඒ එන ගමන් තමයි මම සාජන් මහත්තයට කිව්වෙ මිනිහගෙ උස ගැන.

"සර්, මට හිතෙනවා මේ කෙනා උස මිනිහෙක් කියලා.."

"ඔව් උසයි තමයි. ඒක හොයාගත්තෙත් අර වැලි ගොඩේ කරණම් ගහලා නේද?.."

සාජන් මහත්තයා මොකුත් කියන්න කලින් සේනාරත්න මහත්තයා ඇහුවා.

"ඔව් සර්"

"මම ඒක හොයාගත්තෙ අර කෝපි අත්ත හම්බ උන වෙලාවෙමයි. මේ මිනිහා හිටගෙන කෝපි දලු කඩලා තියෙන්නෙ තමන්ගෙ අතට අහු වෙන මායිමේ උසකින්. මිනිහෙක් එහෙම ගහක කොළයක්,අත්තක්, කඩන්නෙ තමන්ගෙ උරහිස මට්ටමෙන්, නැත්නම් ඊට පොඩ්ඩක් උඩින්.."

"සර් මේ සේරම තේරුම් ගත්තත් මොකුත් නොකියා හිටියනෙ.."

මම එහෙම කිව්වම සාජන් මහත්තයා දිහා බලාගෙන සේනාරත්න මහත්තයා හිනා උනා විතරයි. මොකුත් කිව්වෙ නෑ.

අපි ඉතින් ආයෙත් එන්න පිටත් උනා. සාජන් මහත්තයා පෙරමුණේ පිඹගෙන දුවගෙන ගියේ අපරාධකාරයා අල්ලගන්න තදියමේ. වීරසිංහ මහත්තයත් මග බලාගෙන හිටියා.

අපි කට්ටිය එනකොටම වීරසිංහ මහත්තයා කට පුරෝලා මගෙත් එක්ක හිනා උනා. සාජන් මහත්තයා මගෙ විස්තරත් එක්ක කතාව කියලා වෙන්නැති. ඒත් ඒ ආපු හිනාව ඉක්මන්ටම නැති උනේ සාජන් මහත්තයගෙ හදිස්සිය හින්දා. ඉතින් වීරසිංහ මහත්තයා අපිට සැකකාරයා ඉන්න දිහාව ඇහෙන් පෙන්නලා විස්තරේ කිව්වා.

"අර ඉන්නෙ සර්.. අර නාකි මනුස්සයා. දිගට සරම ඇඳලා. කොකෙක් වගේ බෙල්ල දික් කරගෙන.."

අපි කට්ටියම ඒ අනුව බැලුවා සැක කාරයා දිහා. මම ටක් ගාල කෙනා අඳුනාගත්තා. ඒ ගමන මට බකස් ගාලා හිනා ගියා.

"ඒ වගේම සර්, මම තව ටිකක් මිනිහා ගැන හොයලා බැලුවා. මිනිහා මේ ලඟම ඉන්න ගමේ කෙනෙක්. දැන් ටිකකට කලින් කැලේ අර පැත්තෙ ඉඳලා ආව දැක්කා කියලත් කෙනෙක් මට කිව්වා. මට නම් හිතෙන්නෙ මිනිහා තමයි මෑන්."

වීරසිංහ මහත්තයා කිව්වෙ මගේ දිහා අමුතුවට බලන ගමන්. මට හිනා ගිය හින්දා වෙන්න ඇති. මගෙ හිනාවට සාජන් මහත්තයයි සේනාරත්න මහත්තයයි දෙන්නත් මගෙ දිහා බැලුවා. චමියගෙ නම් මූන කළු වෙලා.

"පුතා මොකද හිතන්නෙ?.."
සාජන් මහත්තයා මගෙන් ඇහුවා.
මට නම් හිතුන දේ කියන්න බෑ මෙතන චමියා ඉන්න හින්දා. පව්නෙ ඌ..

හික්ස්.. තේරෙන්න ඇතිනෙ කවුද සැක කාරයා කියලා?
අපේ අබිලිං මාමා.

"අනේ සර්. එයා මේ ගමේ අහිංසක මිනිහෙක්. එහෙම දෙයක් කරා කියලා හිතන්න බෑ.. එයා මේ මගෙ යාලුවගෙ තාත්තා. නම අබ්බ්... සිරිසේන.."

මම කියලා දැම්මා.
"අනික එයා මිටි කෙනෙක්. ඒ හින්දා එයාව මේකෙන් අයින් කරන්න පුලුවන්. එයා කැලේ පැත්තෙ ගියා කිව්වා නේද? මට හිතෙන්නෙ එය ශරීර අවශ‍යතාවයකට යන්න ඇති.."

"එතකොට කවුද මේක කරපු මිනිහා?.."
සාජන් මහත්තයා දුකින් වගේ ඇහුවා. එයාට නම් හිතට අප්සට් ඇති. හරි මිනිහව අහු උනා වගෙනෙ හිටියෙ. එයා අහපු එකට කවුරුවත් උත්තර දුන්නෙ නෑ.
අපි හැමෝම ගෑනි මැරිච්ච මිනිස්සු වගේ හිස් බැල්මෙන් මිනිස්සු දිහා බලා හිටියා විතරයි.

ටිකක් වෙලා ඔහේ බලා ඉන්නකොට මගෙ අතට කවුදෝ තට්ටුවක් දැම්මා. ඒ මෙච්චර වෙලා සද්ද නැතුව හිටපු චමියා.

"මචං.."

"ම්හු?.."

"අර අරූ.."

"කවුද?.."

"කවුද පුතා?.."
සාජන් මහත්තයත් චමියගෙන් ඇහුවා.

"අර අතන ඉන්නෙ?.."
චමියා අත දික් කරලා පෙන්නුවා. එතන හිටියෙ හීන් කෙට්ටු සුදු උස කොල්ලෙක්..

"අර උස සුදු කොල්ලා.."

"ඉතින්?.."

"මිනිහා මෙහෙ යනවා එනවා මම දැකලා තියෙනවා නිතරම. ඒත් මේ ගමේ ඉන්නවා නම් දැකලා නෑ.."

චමියා එහෙම කිව්වම අපි හැමෝම මිනිහා දිහා බැලුවා හොඳට.

එතන හිටපු හැමෝවම වගේ මම අඳුනන මේ ගමේම අය. ඒත් චමියා පෙන්නපු කෙනා මම මීට කලින් දැකලා තිබුනෙ නෑ. ඒත් මේ ගෙදරට නිතර ආව ගියා කියලා චමියා කිව්ව එක මට අවිශ්වාස නම් නෑ.මූ නිතරම හිටියෙ මේ ගෙදර දිහා බලාගත්තු ගමන්මනෙ.
මම ආයෙත් ඒ කොල්ලා දිහා බැලුවා. දිග කලිසමක් ඇඳලා. සුදුයි. උසයි. ඒ මේ අත බල බලා හිටියා.

"මේ ගෙදරට ආපු ගියපු කෙනෙක් නම්?..."
සාජන් මහත්තයා එයා කියන්න ගිය දේ අතර මැද නවත්තලා කල්පනා කරන්න ගත්තා. ඊට පස්සෙ වීරසිංහ මහත්තයට කතාකලා.

"වීරසිංහ?.."

"සර්?.."

"මේ ගෙදර මනුස්සය කෝ? ඉක්මනට මෙහෙට එන්න කියනවා.."

"ඕකේ සර්."

වීරසිංහ මහත්තයා ගිය පයින්ම වගේ ආව භාන්ඩෙගෙ හබියා එක්කගෙන. අපි එහෙ බලලා මෙහෙ බලන පරක්කුවට.

"අර කොල්ලව දන්නවද?.."
මිනිහට ඇවිල්ලා හැරෙන්නවත් උනේ නෑ.සාජන් මහත්තයා මිනිහගෙන් ඇහුවා.

මිනිහා ඇස් කරකවලා හොඳට බැලුවා. ඊට පස්සෙ අපි දිහා බැලුවා.
"දන්නවා සර්. මට දුරින් නෑ වෙන මල්ලි කෙනෙක්."

"මිනිහා දැන් මෙහෙද ඉන්නෙ?"

"මෙහෙ නෙවේ සර්. මේ වෙලාවෙ මෙහෙ මක් කරනවද කියලා මාත් දන්නෙ නෑ."

සාජන් මහත්තයා ආයෙත් හැරුනා වීරසිංහ මහත්තයා දිහාවට.

"සර්?.."

"එක්ක එනවා ඒ මිනිහව.."

එහෙම කියලා සාජන් මහත්තයා අපේ පැත්තට හැරුනා.
"මිනිහා ගැන මොකද හිතන්නෙ?"

"හරි හොඳ කොල්ලෙක් සර්. මට නිතරම උදව්වට එනවා. සමහරක් දවස් වලට මම දුර ගමන් යනවා ඔෆිස් එකේ වැඩට. මගේ වයිෆ් තනියෙන් හින්දා තනියට මම නතර කරන්නෙ මෙයාව. විශ්වාසවන්ත කොල්ලෙක් හින්දා මම..."

භාන්ඩෙගෙ මනුස්සයා කියාගෙන කියාගෙන ගියා. එතකොට මට මුලු කතාවම හිතාගන්න පුලුවන් උනා. මට හිතාගන්න පුලුවන් උනාට සාජන් මහත්තයට නම් බැරි උන හැඩයි. සාජන් මහත්තයා ඒ මිනිහට කඩාගෙන පැන්නා.

"කට වහනවා අයිසේ. මම ඇහුවෙ මෙයාලගෙන්.."

ඒ ගමන මිනිහා මීක් ගාන්නෙ නැතුව සයිලන්ට් වෙලා අපේ කතාව නෑහෙන තරමකට ටිකක් එහාට උනා.
සාජන් මහත්තයා මගේ දිහාවට හැරුනා.

මමත් මට හිතුන දේවල් කියන්න ලෑස්ති උනා. සේනාරත්න මහත්තයා නම් එයාට හිතුන දේවල් කියන්නෙ එයාට හිතුන වෙලාවටනෙ..

                                                                                         මතු පෝස්ට් හා සබැඳි...

27 thoughts on “චමියගෙ භාණ්ඩේ-12

  1. පොටක් පෑදීගෙන එනවා වගේ. ඒත් ඉතින් මොකක් වෙයිද කවුද දන්නේ නෙහ්.. බලමු අනිත් කොටස ආපුවම.

    ReplyDelete
  2. බලමු බලමු, පොට කෝමද කියලා :)

    ReplyDelete
  3. තව කොට්ටක් ගැන කතාවක් වගේ.

    ReplyDelete
  4. හ්ම්ම්ම්ම්! ඔය වගේ කාරණාවලදී හැමෝම දිහා සැකයෙන් බලන එක සාමාන්‍ය දෙයක්නේ..ඇත්තටම ඕනා කරන මනුස්සයා අර සුදු උස කොල්ලද ? ඒක දැනගන්නත් ඒ ලඟ එක ලියනකම් බලාගෙන ඉන්න වෙනවනේ...

    ReplyDelete
    Replies
    1. ඉක්මනට ඒක දානවා ලීනියෝ. මේක දාන්න ටිකක් කල් ගියෙ වැඩ ගොඩ වෙලා තිබුන හන්දා.

      Delete
  5. නියමයි මකුවෝ... නියමයි..

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් සෙන්නා. :D

      Delete
  6. පට්ට බං .. කුතුහලය උපරිමයි..

    ReplyDelete
    Replies
    1. කුතු හලේ ඈ? වටිනවා මට.

      Delete
  7. අනුමාන කිරිමෙන් වළකිමි ඔබ අප රැගෙනයන ඉසව්ව කෙරෙහි ලැදියාවෙන් සිටිමි.
    එන්න සමකය වටේ රවුමක් යන්න

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස්. මම නම් සමකය වටේ කොයි වෙලෙත් එනවා.

      Delete
  8. මාත් කියෙව්වා. මේක ටිකක් ලියලා මං හැමපාරකම කියවලා ඉවර වෙලා හිතනව. මොකද එක දිගට කියවන්න පුළුවන් රසවත් කතා ඉක්මනට ඉවර වෙනවා..දැනෙන්නෙම නැතුව.

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් මාව කියවනවට. මම මේක ඉවර කරන්න හැදුවෙ, ඒකට දිග වැඩි උනා.

      Delete
  9. සැක කාරයා ළඟින්ම ඉන්නවාද නැත්තං මේ එයා නෙවෙයිද?
    ඊළඟ කොටසින් තමයි බලන්න වෙන්නේ..

    ReplyDelete
  10. ඉතින් රූ? අපි බලමු.

    ReplyDelete
  11. Ane manda mta cmnt krgnn bari ai kyla :-( wade nam naughty unath nice boss..

    ReplyDelete
  12. හික්zzzz. මංචි නයිස්

    ReplyDelete
  13. අර මිනිහගෙ උස හොයන්න වඩිග පටුන නටපු තැන නම් මාරයි බොස්

    ReplyDelete
  14. hmm. පටුන දැක්ක නම් ඔහොම කියන්නෙ නෑ.

    ReplyDelete
  15. මොන? එවෙලේ නටපු එකද?

    ReplyDelete
  16. හපෝ අපි මොකෝ නොදැක? හිකිස් :-D

    ReplyDelete
  17. අනේ ඉතුරු ටිකත් ඉක්මනට දාපංකො පුතේ :-(

    ReplyDelete

හික් හික් හික්...
ඔයාලට මොකක්ද හිතුනෙ මේක කියවද්දි?
මටත් දැනගන්න කොමන්ටුවක් දාලා කියන්නකො.

  • ආයුබෝවේවා

මේ වෙලාවේ

© 2013  boothspider.blogspot.com. Powered by Blogger.