නංගිගෙ මාලේ-02

http://bloggers.com/post/5-situations-in-life-when-you-must-run-3844529 

                                                                                                            මුල් කොටසට...
මම අහස පොලොව ගැටලන්න වගේ කල්පනා කලා. බීම එකත් ඉස්මොලේ ගිය එක හින්දා මොලේ පෙඟිලා. වයර් ශෝට් වෙලා. වැඩ කරන්නෙ නෑ. ඒ හින්දාමද මන්දා, මට කිය උනා..

"හා ඇන්ටි. මන් බලන්නම්..."

ඒ ගමන ඇන්ටිගෙ මූන මලක් වගේ පිපිලා ගියා. සිරාවටම නංගිගෙ මූනෙ ලස්සනත් මට අමතක වෙලා ගියා. චමියගෙ අම්මටත් මාර ලස්සන හිනාවක්නෙ තියෙන්නේ. ඉතින් මාත් හිනා උනා.
ඒ ගමන ඇන්ටි ආයෙත් හිනා උනා. මාත් ටිකක් වැඩියෙන් කට පළල් කලා. ඇන්ටිට උනත් සෙකන්ඩ් වෙන්න බෑනෙ? ඔන්න බලාන්.. ඇන්ටි ඊටත් වඩා ලොකුවට.....
අපොයි මේ ඇති. මම පරාජය බාරගත්තොත් හොඳයි....

මම හිනාව මුලටම බස්සලා අහක බලාගත්තා. ඒ ගමන තමයි දැක්කේ, නංගි මගේ දිහා බලන් හිටපු හැටි. හොල්මනක් දැකලා වගේ පුදුම බයකින්. එයාගෙ ඇඟිලි තුඩුත් යන්තම් ගැහෙනවා මම හොඳට දැක්කා.
ම්හ්හ්..... කෙල්ල බය වෙලා..  ඒත් මොකටද? මගෙ මූනටද?  නැත්නම් මාලෙ හොයන්නම් කියල මම කිව්ව එකටද?
ඒත් ඒකට බය වෙන්නෙ මොටද? සතුටු වෙනව මිසක්??
හ්ම්ම්. මගෙ මූනෙ හැටියට තමයි මේ....



මම හිත හදාගෙන චමියා දිහා බැලුවා. උගෙ මූනෙ නම් කියන්න තරම් වෙනසක් තිබුනෙ නෑ.
ඉතින් මම ආයෙත් අලුවා කෑල්ලක් කන්න කියලා අත දික් කලා තසිමට.

කොහ්? තසිම නෑනෙ? ඇන්ටි ඒක අයින් කරලා. අනේ මට මේ සැලකුවෙ මගෙන් වචනෙ ගන්නකම් විතරද කොහෙද. මුනා කොරන්නද? දුක තමයි චමියෝ...

මම බීම වීදුරුව මේසෙ උඩින් තියලා නැගිට්ටා. මාත් එක්කම චමියත් නැගිට්ටා. මන් කුස්සිය පැත්තට එබුනා. ඇන්ටි සින්ක් එක ලඟට වෙලා තසිම හෝදනවා. මන් කුස්සියට එබෙනවා දැකලා එයා හිනා උනා. හිනා වෙන ගමන් තසිම පැත්තකින් තියලා රෙදි කෑල්ලක් ගත්තා අත පිහිදාන්න. ඒ අස්සෙ මම කුස්සියෙ දොරත් ඇරගෙන මිදුලට පැන්නා.

එලියට බැහැලා ටිකක් දුර ඇවිදිනකොට මගෙ පිටිපස්සෙන් අඩි සද්දයක් ඇහුනා.. මම හැරිලා බැලින් නම් චමියා පස්සෙන්ම ඇවිත්. ඌට පිටිපස්සෙන් නංගියා එකෙල මෙකෙල වෙනවා. නංගිටත් පිටිපස්සෙන් ඇන්ටි ඉන්නවා රෙදි කෑල්ලේ අත පිහද පිහදා.

යකඩෝ මේ පෙරහැර වගේ පස්සෙන්ම ආවෙ මොකටද? මුල ඉඳලම මම පරීක්ෂණය කරන හැටි බලා ඉන්නද? මොන මගුලක්ද? මන් ආවෙ ටොයිලට් යන්නනෙ?

මන් අඩියක් දෙකක් ඉස්සරහට තිබ්බා. ඒ ගමන පෙරහැරත් පසු ගමන් කලා. ෂුවර් එකටම මගෙත් එක්ක ටොයිලට් එක අස්සටත් මේ කට්ටිය ඒවි. ඇයි මන් ටොයිලට් යන්නෙ වෙන වැඩකට නෙවෙයිනෙ? පරීක්ෂණයකටනෙ?

මන් දූ.....වලා ගිහින් ටොයිලට් එකට පැනලා දොර වහගත්තා. කස්ටියට මොනවා හිතුනද මන්දා.  කොහොම හරි ශරීර කෘත්‍ය කරගෙන එනකොට නම් ඒ ඒ අය ඒ ඒ වැඩ වල යෙදිලා. ඇන්ටි කුස්සියේ. නංගි නම් කාමරේද කොහෙද මොන මොනවදෝ කරනවා ඇහෙනවා. චමියා නම් ෆ්‍රිජ් එක ලඟ. උගෙ වැඩේ හිතාගත්තැකිනෙ?

මමත් හෙමීට ඇන්ටි ලඟට කිට්ටු කලා. වෙන මොකටවත් නෙවේ. වැඩේ පටන් ගන්න.

"ඇන්ටි?"

"ඇයි පුතේ?"

"මාලෙ නැති උනේ ඊයෙනෙ? කීයට විතරද ඒක නෑ කියලා දැනගත්තේ?"

"අපේ දුව ඒක රෑ දැනගෙන. අපිට කිව්වෙ උදේ..
අනේ පුතේ අපේ අක්ක ඒක අරන් දුන්නෙ.. උදේ ඉඳන් ගේ දෙවනත් කරගෙන අපි හෙව්වා. ඒත් නෑනෙ හම්බ උනේ?"

"එහෙනම් ඇන්ටි මේක කවුරු හරි හොරකම් කරලද?"

"අනේ මන්දා පුතේ.. මට හිතාගන්න බෑ"

"අපි යමුද නංගිගෙ කාමරේට? මට නංගිගෙනුත් අහන්න දේවල් ටිකක් තියෙයි.."

"හා යන්..."
ඇන්ටි ඉස්සර උනා. ඇන්ටිගෙ පස්සෙන් වැටිලා මායි චමියයි නංගිගෙ කාමරේට ඇතුල් උනා. අපි එක පාර කඩාපාත් උන හින්දා නංගි ගැස්සිලා වගේ අපි දිහා බැලුවා. කාමරේ නම් කනපිට ගහලා වගේ. හොඳ හැටි මාලෙ හොයලා. මට අමුතුවෙන් හොයලා බලන්න දෙයක් නම් තියේවි කියලවත් හිතන්න බෑ. ඒත් මන් ටිකක් ඔලුව හරව හරවා බැලුවා. නැත්නම් මන් ගැන මොකුත් හිතයිද දන්නෑනෙ. මේක හොයන්න උනන්දුවක් නෑ කියලාවත්.

නංගි අපි යනකොටත් ටිකක් විතර අස්පස් කරලා තිබ්බා. ඒ හින්දා මාත් ටිකක් අහු මුලු චෙක් කරන මුවාවෙන් බඩු ටික පිලිවෙලක් කලා. ඒත් වැඩි වෙලා ඒක කරන්න බැරි උනා. නංගිගෙ ඇඳුම් පැලඳුම් එකින් එක මතු වෙනකොට. මන් කෝමද ඒව අතපත ගාන්නෙ? ඉතින් මන් ආයෙත් හැරුනා ඇන්ටි දිහාවට. එතකොට මම දැක්කෙ. ඇන්ටි නිකන් මාව කන්න වගේ බලන් ඉන්නවා. හරියට ප්‍රාතිහාර්යයකින් වගේ මම මාලෙ මවල දෙයි කියලා හිතාගෙන ඉන්නැති. කොහොම උනත් මම හිස් අතින්ම ආපහු හැරෙද්දි ඇන්ටිගෙ මූන බෙරි උනා.

"ඒක නෙවේ ඇන්ටි. මෙතන බඩුමුට්ටු විසිරිලා හින්දා මට හරියට මොකුත් බලාගන්න බෑ. ඒත් මට ඒ මාලෙ අන්තිමට දාලා තිබුන තැන හොඳට පරීක්ෂා කරන්න ඕනි. එතනින් මට හෝඩුවාවන් ටිකක් හොයාගන්න බැරි වෙන එකක් නෑ.."

"මාලෙ අන්තිමට දාලා තිබුනේ නම් පුතේ, අපේ දුවගෙ කරේනෙ..."
ඇන්ටි නංගි දිහාවට හැරුනා.
"දුව, ඔය බ්ලවුස් එක පොඩ්ඩක් පාත් කරලා....."

"නෑ නෑ ඇන්ටි, මන් මේ ඇහුවේ.."
මම කඩාගෙන පැන්නෙ නංගිගෙ ඇස්ගෙඩි බෝල වෙන හැටි දැකලා.. තව ටිකෙන් මගේ කුමර බඹසර කපෝති. ඇන්ටිට නම් මම එයාගෙ පුතා වගේ තමා. ඒත් නංගියි මමයි එහෙම හිතාගෙන නෑනෙ?.

"...මන් මේ ඇහුවේ නංගිගෙ කරේ මාලෙ තියෙද්දි හොරු කඩාගෙන ගිහින් නෙවෙයිනේ? වෙන කොහෙන් හරි ගලවලා තියලනේ තියෙන්නෙ ඇත්තේ?"

"අයියේ ඒක මම හවස ගලවලා අර කන්නාඩි මේසෙ උඩ කප් එකකට දාලා තිබ්බා.."
නංගි ඒකට උත්තර දුන්නා.
මමත් බැලුවා නංගි අත දික් කරලා පෙන්නපු කන්නාඩි මේසෙ දිහා.
මොන? එතන තිබ්බ කන්නාඩි මේසයක් නෑ.

"මොන මේසෙද?
මම ඇහුවේ නංගිගෙන්. නංගි උඩ බිම බලද්දි ඒකට උත්තර ආවෙ චමියගෙන්.

"අර තියෙන එක බන්....
අම්මයි මමයි එක්කහු වෙලා ඒක එහාට මෙහාට කරලා මාලෙ හෙව්වා. එතන බිම වැටිලාවත්ද කියලා බලන්න."
චමියා පෙන්නුවෙ වෙන මුල්ලක තිබ්බ මේසයක්.

හික්ස්....
මේ කස්ටිය කාමරේම අනෙත් පැත්ත ගහලා තමා. නංගිවත් දන්නෑනෙ තමන්ගෙ බඩුමුට්ටු ටික කොහේද කියලා.  මට ඉතින් හොඳටම තේරුනා මේ කාමරේ අස්සෙන් නම් හොයන්න හම්බ වෙන දෙයක් නෑ කියලා. ඒ හින්දා ආයෙත් මම ඇන්ටි දිහාවට හැරුනා.

"ඇන්ටි. ඊයෙ දවසේ කවුද මෙහේ ආපු මිනිස්සු? අඳුනන නාඳුනන කවුරු උනත් කමක් නෑ. මට කියන්න.."

"එහෙම කවුරුවත් ආවෙ නම් නෑ පුතේ.. ඊයෙ උදේ ඔයාල දෙන්නා මෙහෙ ආවා. ඊට කලින් අපේ මනුස්සයා අඳුනන මිනිහෙක් ආවා පාන්දරම. හැබැයි එයා ගෙට ආවෙ නම් නෑ. අපේ එක්කෙනා එක්ක කතා කර කර ඉඳලා අර ගෑනු කෙනා මැරුන එක බලන්න ගියා. එච්චරමයි මට මතක හැටියට, මෙහෙ ආපු අය."

"ඒ මිනිහා එනකොට නංගි ගෙදර හිටියද?  ඒ මිනිහට පේන හරියක හෙම?"

"නෑ පුතේ. දුව උදේම ක්ලාස් ගියා."

"එතකොට නංගි එනකොට?"

"ඒ වෙලාවෙ නම් මම ගෙදර හිටියෙ නෑ පුතේ. දුවගෙන් තමයි අහන්න වෙන්නෙ."

"නංගි ඔයා ක්ලාස් යනකොට මාලෙ දාගෙන ගියානෙ?"
නංගි ඒකට ඔලුව වැනුවා.

"ඒ යන ගමන් ඔයාට හම්බ උන අය මතකද?"

"එහෙම විශේෂයෙන් මතකයක් නම් නෑ අයියේ. මට හැමදාම වගේ හම්බ වෙන අය තමයි."

"හොඳයි එනකොට? ඔයා තනියමද ගෙදර ආවෙ?"

අන්න ඒ ප්‍රශ්නෙට නංගි ටිකක් ගැස්සුනා.ආයෙත් ඇඟිලි තුඩු හීනියට වෙව්ලන්න ගත්තා.
ෂුවර් එකටම කොල්ල එක්ක එන්න ඇත්තෙ.

"ම...මන් තනියමයි ආවෙ.. "
ආයිෂ් අම්මා ගුන්ඩු.. කෙල්ල ඒක නම් කිව්වෙ තතන තතනා බිම බලාගෙන. මට පව් කියලත් හිතුනා.

"නෑ නංගි මම මේ ඇහුවේ.. ඔයා නොදන්න හරි ලොකු දැන ඇඳුනුම් කමක් නැති කෙනෙක් හරි පස්සෙන් ආවද? නැත්නම් මීට් උනාද? "

"ලොකු දැන ඇඳුනුම් කමක් නැති කිව්වෙ?.."

"ඒ කිව්වෙ ඉඳහිට දැක්කම විතරක් කතා කරන, වැඩිය හම්බ වෙන්නෙ හෙම නැති, ඒත් ඔයාව දන්න කියන, ඒ කිව්වෙ ඔයාගෙ ගෙවල් දන්න කෙනෙක්, එහෙමත් නැත්නම් ඔයාට සැක සහිත ඕනිම කෙනෙක් මට කියන්න..."

"ම්ම්ම්??
එහෙම කෙනෙක් මට මතක් කරගන්න බෑ අයියේ..  එදිනෙදා හම්බවෙන අය තමා ඊයෙත් හම්බ උනේ..."

"හොඳයි. දැන් නංගි ක්ලාස් ගිහින් එනකොටත් මාලෙ තිබුනා කරේ. ඔයා එනකොට,

අම්ම ගෙදර නෑ. මල්ලි අඬනවා. මලක් කඩල අතට දීල නවල ගන්නවා.."

කෙල්ලට හිකිස් ගාල හිනාවක් ගියා. මමත් හිනා වෙවී හැරිලා බැලුවම චමියත් ඉන්නවා ලාවට හිනා වෙවී අපි දිහා බලාගෙන. චමියගෙ අම්ම නම් බුම්මගෙන ඉන්නවා. එයාට හිතෙන්නැති මේ මොන විකාරයක්ද කියලා.
එයාගෙ මූන දැක්කම නම් මගෙ හිනාවත් වාශ්ප උනා. මම ආයෙත් හැරුනා නංගි දිහාට.

"දැන් නංගි ගෙදර එනකොට ගෙදර කවුරුවත් හිටියෙ නෑ."

"නෑ අයියෙ"

"ඔයා එනකොට ගෙදර දොර වහලා?"

"ඔව්. මම මල් පෝච්චිය යටින් යතුර ඇරගෙන ගෙට ආවෙ"

"ගෙදරට කවුරුවත් ආපු ලකුනක් හෙම...?"

"එහෙම දෙයක් නම්....  අනේ මන්දා. මට වෙනසක් පෙනුනෙ නෑ අයියේ. ඒත් ඒ වෙනකොටත් මාලේ මගෙ කරේනෙ? හොරෙක් ආවත් මාලෙ අරගෙන යන්න බෑනෙ?.."

"ඔව් ඒක හරි. ඒත් මම හිතුවේ එහෙම ආපු එකෙක් හැංගිලා ඉඳලා මේක ඉස්සුවද කියලා."

"එහෙම හැංගෙන්න දිහාවක් නම්,.."

"මකුවෝ..
චමියා කතා කලා...

"ඕහ්?"

"මෙහෙ කවුරු හැංගෙන්නද බන්? ඒ හැටි ඉඩකඩක් නෑනෙ?"

"ඒකත් හරි.. එතකොට නංගි ඇවිත් ටික වෙලාවකින් ඇන්ටිත් ආවා. එතකොටත් මාලෙ කරේ. දැන් ඕක නැති උනේ ඔයා ඒක ගලවලා තිබ්බට පස්සෙනෙ?  ඔයා මාලෙ ගලවලා මේසෙ උඩින් තිබ්බා.. ඊට පස්සෙ?"

"ඊට පස්සෙ මම එලියට ගියා. වොෂ් එකක් දාන්න."

"කීයට විතරද?"

"හවස. වෙලාව නම් මතක නෑ. ඒ ගිය වෙලාවෙ තමා ඊයෙ අයියලා ඇවිත් ගියේ.."

"හරි. ඔයා ගිහින් එනකොට මාලෙ නෑ?"

"ඇවිත් නම් මාලෙ බැලුවෙ නෑ අයියේ. ඇවිත් ඇඳුම් මාරු කරගෙන ආයෙත් එලියට ගියා. ටීවී බලලා, අම්මටත් උයන්න උදව් කරලා, කාමරේට ආවෙ. ඇවිත් බලනකොට තමයි නෑ කියලා දන්නෙ.."

"ඔයා එවෙලෙම අම්මට කිව්වෙ නෑ.?"

"නෑ. මම හිතුවා මේ කොහේ හරි වැටිලා, නැත්නම් මම වෙන කොහෙන් හරි තියලා වෙන්නැති කියලා. මම ටිකක් වෙලා හොයලා බැලුවා. ඒත් නෑ. උදේ තමයි අම්මට කිව්වේ. ඊට පස්සෙ කට්ටියම එකතු වෙලා හෙව්වා. ඒත් නෑ.."

"ඒ කියන්නෙ ඔයාලා දැනුවත්ව කවුරුවත් ආවෙත් නෑ. ඒත් කාමරේ තිබ්බ මාලේ එක පාර අතුරුදන් වෙල?.."

"ඔව්"

"එහෙම උනේ කොහොමද?"

ඒ ගමන නංගි මගේ දිහා බැලුවෙ අමුතුවට. මූනෙ නම් තිබුනෙ බයක් වගේ පෙනුමක්. නංගි කියනවට වඩා දෙයක් මෙතන වෙලා ඇති කියලා මට හිතුනා. ඒත් ඒව හාරාඅවුස්සන්න මේක වෙලාව නෙවෙයි. ඒ හින්දා මම කාමරෙන් එලියට ආවා. මේ සිද්ධිය වෙලා තියෙන පිළිවෙලත් එක්ක බලද්දියි, නංගිගෙ හැසිරීම එක්කයි, මට හිතෙන්නෙ පේනවට වඩා වෙනස් කතාවක් මෙතන ඇති කියලා. ඒ මොකක් වෙන්න ඇතිද?

                                                                                       මතු පෝස්ට් හා සබැඳි...

25 thoughts on “නංගිගෙ මාලේ-02

  1. හෙහ්. දැන්නං නැගල යනවා.. ටොයිලට් සීන් එකනං මරු...

    ReplyDelete
    Replies
    1. ඒ වගේ සීන් තමා මටත් වෙන්නෙම.

      Delete
  2. හත් ඉලව්වේ මට මේ කතාවෙන් පැහැදිලි වෙන්නේ මකුලුවගේ මොකක්දෝ මන්දා අර නංගි..... එක්ක්කෝ ඕනේ නැහැ. මකුළු තුමා මමත් ෂර්ලොක් ගනයේ පොරක් පොඩ්ඩක් පලිස්සමෙන් ඔන්දේ. :) එල මචෝ එල

    ReplyDelete
    Replies
    1. කෝරලේ මහත්තයෝ. තේරුනා තේරුනා.. කියන්නෙපා කා එක්කවත්, හොඳේ.

      Delete
  3. අඩෝ කුතුහලේ ගහටම නග්ගලා කතාව නවත්තන ඒක හෙලා දකිනවා.

    ReplyDelete
    Replies
    1. ඈ මානවකයා. උඹ ගහේම ඉඳපන්. කතාව ඉවර නෑනෙ.

      Delete
  4. හම්මා............. උපරිමයි!! කුතුහලය අවුස්සලා...:/

    ReplyDelete
    Replies
    1. කුතු හලේ ඇවිස්සීම. ප්‍රබන්ධ කතාවක කල යුතුම දෙයක්නේ. නේද හම්මා..

      Delete
  5. chams දාපු කොමන්ට් එක වැටිලා නෑ. මොකද මන්දා. ඒ හින්දා මම ඒක ඔන්න දැම්මා.


    නංගිගෙ හැසිරීම නම් සැක සහිතයි තමයි. බලමුකො මොකද වෙන්නෙ කියල....

    ReplyDelete
    Replies
    1. chams ගේ කමෙන්ට් එක ස්පෑම් වල නැද්ද..?

      Delete
    2. කිව්වත් හරි. ඔන්න තිබ්බා. මම ඒක බලලම නෑනෙ? ඒ හින්දා අහු උනේ නැත්තේ. හැබෑටම ස්පෑම් වෙන්නෙ මොකද දන්නෑ?

      Delete
  6. බලපන්කෝ තව අලුව කෑල්ලක් කන්න දුන්නේ නෑනේ. ඒකට මගේ විරොධය!!

    පරීක්ෂණ කරන්න ගියාම මාර සීන් තමා වෙන්නේ. ඔහොම හොයාගෙන යන්කෝ. අපිත් එන්නම් පිටිපස්සෙන් පෙරහැර වගේ. :)

    නියමයි කතාව!!

    ReplyDelete
    Replies
    1. ආන්න හරි. කස්ටිය මාත් එක්කම එන්නකෝ. (ටොයිලට් එකට නම් එපා. :)
      ඇත්තටම ගොඩක් අයගෙ සැලකිල්ල වැඩේ කෙරෙනකම් විතරනේ. නේද බන්. අර උඹත් දාලා තිබ්බේ. ඒ වගේ කතාවක්,

      Delete
  7. උඹ චන්ද්‍ර අනගිරත්න උන්නැහෙගෙ නරලොව හොල්මන් කතන්දර කියවල තියෙනවද, සමහර තැන් කියවද්දි මට එහෙම හිතුන. උඹේ රහස්පරීක්‍ෂක කතා ‍ශෛලිය හරි විනෝදජනකයිනේ, කමක් නෑ, ඉතුරු ටිකත් ලියමුකෝ ...

    ReplyDelete
    Replies
    1. එහෙම කතාවක් නම් බලල නෑ. පුලුවන් නම් හම්බුනොත් ඊබුක් එක එවනවද?

      ඉතුරු ටික පරක්කු නොවී දාන්න බලාපොරොත්තු වෙනවා.

      Delete
  8. ඇති යාන්තම් ලියන්න මතක්වෙලා මේකට... :)

    මට පෙන්නෙ අයියා වැඩක් දීලා වගේ මාලෙට..

    ReplyDelete
    Replies
    1. ලියන්න අමතක උනා නෙවේ ලීනියෝ. වැඩ තිබ්බා. තව කම්මැලිකමකුත් තිබ්බා. :)

      මේ ඔය කිව්වෙ කොයි අයියා ගැනද?

      Delete
  9. නියමයි... කලින් කතාවෙදි තිබුනට වැඩිය රචනා ශෛලියේ ප්‍රගතියක් තියනවා වගේ එකක් හිතෙනවා.. මෙහෙම හාස්‍යය මුසු වෙච්ච භාෂාවකින් රහස් පරික්ශක කතවක් ලියවෙනවමද කොහෙද..

    දිගටම ලියහන්... උඹට හොඳ හැකියාවක් තියනවා මේවට..

    ReplyDelete
    Replies
    1. මගේ හැකියාවක් ගැන නම් මට අදහසක් තිබ්බෙ නෑ සෙන්නා. ඒක කිව්වට තෑන්ක්ස්.
      මගේ කලින් කතාවෙත් මුලදි හාස්‍යය එකතු උනාට පහු වෙනකොට බැරෑරුම් උනා. ඒ කතාවෙ හැටියට ඒක ගලාගෙන ගිය විදියට හාස්‍යය ඒ හැම තැනකටම දාන්න බෑනෙ.
      මේක නම් ඒකට වෙනස්.

      Delete
  10. මට හිතුනේ චන්දන මෙන්ඩිස් පරිවර්තනය කරන්නේ රහස් පරීක්ෂක කතා. ඒ ශෛලිය වගෙයි. කුතුහලය අවසානය දක්වාම රඳවාගන්න හැකි අනගි පබැඳීමක්....


    නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!

    ReplyDelete
    Replies
    1. එසේම වේවා රතී....
      ස්තුතී ආවට. මම ට්‍රයි කරන්නේ නම් චන්දන මෙන්ඩිස්ගෙ ස්ටයිල් එක කිට්ටුවටවත් නොයන්න.

      Delete
  11. //යකඩෝ මේ පෙරහැර වගේ පස්සෙන්ම ආවෙ මොකටද? මුල ඉඳලම මම පරීක්ෂණය කරන හැටි බලා ඉන්නද? මොන මගුලක්ද? මන් ආවෙ ටොයිලට් යන්නනෙ?//

    පට්ට මචං .. උබේ ඉට්ටයිල් එකට මං මාර කැමතියි :D

    ReplyDelete
    Replies
    1. ඉටිස් මයි ඉට්ටයිල්. :)

      Delete
  12. Ado murunga aththe tiyanna epa

    ReplyDelete

හික් හික් හික්...
ඔයාලට මොකක්ද හිතුනෙ මේක කියවද්දි?
මටත් දැනගන්න කොමන්ටුවක් දාලා කියන්නකො.

  • ආයුබෝවේවා

මේ වෙලාවේ

© 2013  boothspider.blogspot.com. Powered by Blogger.