මගෙ පලමු බ්ලොග් අඩවියේ මුල්ම කතාව 'චමියගෙ භාන්ඩේ'. මේ බ්ලොගය පටන්ගත්ත දා ඉඳලා ගොඩක්
යාලුවො එකතු උනා මාව කියවන්න. පෝස්ටුවෙන් පෝස්ටුවට මාව දිරිමත් කලේ එයාලා. ඒත් අතර
මැදදි මේ බ්ලොගෙට එන කස්ටියට, විශේෂයෙන්ම බ්ලොග් ලෝකෙට අලුත් අයට, තව ෆ්‍රී ඩේටා අඩු කට්ටියට, සිග්නල් අඩු, කනෙක්ෂන් එක ස්ලෝ කට්ටියට, බ්ලොග් අඩවිය පීර පීර මුල ඉඳන් පෝස්ට්
කියව කියවා එන එක වදයක්. කම්මැලි වැඩක්.ඒ වගේ අය වෙනුවෙන් මේ ඊබුක් එක දාන්නේ. මේක
පොතක් පල කිරීමක් නෙවෙයි. කර්තෘ හිමිකමක් කියලා දෙයක් නෑ. මේක කැමති කෙනෙකුට
කැමතිදේකට ගතෑකි. ඒත් දාපු පින්තූර නම් ගූගලෙන් ගත්ත ඒවා. ඒවයේ හිමිකම් ඒ ඒ අය
සතුයි. මේක නිදහසේ කියවලා තමන්ගෙ අදහස එක පාර කොමන්ට් කරන්න පුලුවන් විටෙක ඇවිත්
යන්න මගේ පරීක්ෂණ රහස් කතා බ්ලොග් අඩවියටත්….
මේක ඩවුන්කරගන්න. මම දැම්මෙ ඇඩ්ෆ්ලයි හරහා. දන්න කස්ටිය, ගන්න කස්ටිය, මෙතනින් ගිහින් ගන්න. නොදන්න කස්ටිය පහලින් බලාගන්නකෝ.
ගියාම එන පිටුවේ තත්.5ක් හිටියම පිටුවේ උඩ වම් පැත්තේ මේ වගේ පෙන්නයි.
එතන "skip ad" click කලාම බඩු හම්බෙනවා.
නැත්නම් ඊලඟ පේජ් එකට යැවෙයි. ඒකෙ මෙන්න මේක ඔබන්නකෝ.
... හරි නොගියොත් කියන්න ඈ.....









