නංගිගෙ මාලේ-01

මට අද උදේ පාන්දරින්ම ඇහැරුනේ කාක්කෙක්ගෙ කෑ ගැහිල්ලකට. මම එක ඇහැක් ඇරලා ඇඳ අයිනෙ ටේබල් එක උඩ තිබුන ටයිම්පීස් එක දිහා බැලුවා. ඒකෙ එලාම් එක මගෙ අතින් 'බැරි වීමකින්' සවුත්තු වෙලා තිබුනේ.  අපෝ තාම නවය හමාර පහු උනා විතරයි. අර කාලකණ්නි කාක් හින්දා අද පාන්දරින් ඇහැරෙන්න උනා. වෙනදා නම් මාව අහරවන්නෙ අම්මගෙ බාල්දිය හරි චමියගෙ බාල්දිය(කට) හරි තමයි.

මම කොට්ටෙ අරගෙන ඔලුව වහගත්තෙ තව ටිකක් නිදි සැප විඳින්න හිතාගෙන. ඒත් නිදිමත මේ ටිකට කොහේ ගියාද මන්දා. නින්ද යන්නෙ නෑනෙ. මම නැගිටලා බෙඩ් එකේ වාඩි උනා. අන්න එතකොට තමයි මට ඇහුනෙ කටහඬවල් දෙකක්. එකක් අම්මගෙ. අනෙක.......?
හපොයි, චමියගෙ......
මේ පාන්දර කාක්කෙක් කියලා හිතිලා තියෙන්නෙ උගෙ කටහඬටද මන්දා.

ටිකක් වෙලා අම්ම එක්ක භජනෙ දාපු එකා මේ කාමරේ පැත්තට එනවා මට ඇහුනා අඩි සද්දෙන්. අදත් ඉස් ඉසෙල්ලම මුගෙ හඩු මූන දැක්කොත් අද දවසත් කාලකන්නි වෙයි. මොනවද කරන්නෙ? මම ඔලුව දෙපැත්තට ගැසුවා. එතකොට ඔලුවෙ කුනු එහාට මෙහාට වෙලා මොලේ පැහැදිලි වෙනවනෙ..

පිස්සා වගේ ඔලුව වන වනා ඉන්නකොට මම දැක්කෙ මගෙ කිලුටු රෙදි දාන කූඩෙ. මගෙ කොච්චර කිලුටු රෙදි තිබුනත් කවදාවත් ඒකට රෙදි දාල නෑ. කූඩෙ වටේට බිම තමයි දාන්නෙ.

තවත් හිත හිත ඉන්නෙ නැතුව මම පැනපු ගමන් ගත්තා කූඩෙ. දොර අයිනට වෙලා ඒකත් උස්සගෙන හිටියෙ ඌ ඔලුව දානකන්....



අඩි සද්දෙ ටිකෙන් ටික ළං උනා...

හහ් හා... ඔන්න ආව ලඟටම....

ඔන්න දොර බෝලෙ කැරකුනා.....

මද විරාමයක්...

දොර ඇරෙනවා... 

ඇරිච්ච දොරෙන් කලු පාට මුට්ටියක්........

මම දොහ් ගාල එබුවා කූඩෙ....

"#$%^&*(*&^%$"

ගිරිය යටින් විලාපයක්...
" අනේහ්....    පුතේ......... "

හත්වලාමයි මේ අම්මනෙ.

"මොකද මොකද ඇන්ටී?...."
චමියත් එනවා ඇහුනා දුවගෙන. හපොයි වෙච්ච දෙයක්...

        ''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''
එතනින් එහාට වෙච්ච සීන් එක ඔයාලටම හිතාගන්න ඇරලා මන් කතාව පටන් ගන්නම් චමියයි මායි පාරට ආපු තැන ඉඳලා. මොකද ඒ සීන් එක කියන එක මගෙ පෞරුෂයට, ඔයාලා මගේ ගැන හිතාගෙන ඉන්න ප්‍රතිරූපයට, ඉතාමත් හානිදායකයි.

වෙනදට වඩා ඉක්මනින් කාල බීල මන් එලියට බැස්සා. චමියත් මගෙ පස්සෙන්. උගෙ තියෙන කාලකන්නි කම හින්දා උදෙන්ම මට වැටුනා හෙන ගෙඩියක්. ඒ මදිවට ඊයෙ අර මිනී මැරුම් කේස් එක. තාමත් මගෙ හිතට හරි නෑ රාළහාමිලා ගැන. ඒකත් අප්සෙට් ගියේ මූ මගෙත් එක්ක හිටපු හින්දද මන්දා.

ම්හු....
චමියා මගේ යාලුවා. දුකට සැපට ඉන්න එකා. මූ ගැන මට කොයි වෙලෙත් හරහට හිතෙන්නෙ මුගෙම වැරැද්දෙන් උනාට මූ මට පණ ඇරලා කියලා මන් දන්නවා. අනෙක අම්මගෙ කොහු පාර වදිනකොට ඉස්සරහට පැනලා මාව බේරගත්තෙත් මූ...

හ්ම්ම්....
මන් චමියගෙ කරට අතක් දාගත්තා. ඌ මගේ දිහා බැලුවෙ හිනා වෙවී. මට වෙච්චි දේ ඌට ආතල් ඇති. ඒත් ඒක කරන්න හිටියෙ ඌටයි කියල දන්නව නම් ඌ හිනාවෙන්නෙ කොයි පැත්තෙන්ද කියන එක මට ප්‍රශ්නයක්..

"යන්ද බන් අපේ ගෙදර?..."
චමියා ඇහුවා.

"ඒ මොටද බන්? මන් ඊයෙත් එහෙ ආවෙ?..
හැමදාම එනකොට උඹේ අම්ම උනත් වරදවා හිතයිනෙ..."

"තොට හොල්මන්ද?... මන් එතකොට හැමදාම වගේ උඹලැහැ එන්නෙ? උඹලගෙ අම්ම මන් ගැන මොකුත් හිතනවැයි... 
අනෙක උඹව එක්කන් එන්න කියලා අපේ අම්ම අද මට මගින් මගටම කිව්වා. අම්ම කිව්ව හින්දා මිසක් මන් ආසාවෙන් එක්කගෙන යනවා නෙවෙයි.."

චමියා එහෙම කිව්වෙ හරි අවංක මූනක් හදාගෙන.

"උඹ ඊයෙ ගියාට පස්සෙත් අපෙ අම්ම මගෙන් විස්තර ඇහුවා අර මර්ඩර් එක ගැන. මම ඉතින් උඹ කිව්ව නොකිව්ව සේරම විස්තර ආයෙත් කිව්වා.  අපේ අම්මට හෙනට අල්ලලා ගියා බන්... "

හුහ්.. මූ එහෙනම් දෙක කරලා කියන්න ඇති. මම නොදන්නවැයි.
මම කම්ප්‍රෙස් කරල කතාව කිව්වට මූ එහෙම්පිටින්ම ඇදලා අරින්න ඇති.
කොහෙද ඉතින් මුගෙ කටට බ්‍රේක් නෑනෙ.වචන වලට අකුරු නෑනෙ.

මම හිත හිතාම ආව මිසක් වැඩිය කතා කලේ නෑ. චමිය නම් මොනවදෝ කියෙව්වා. ගේ ලඟටම එනකම් ඌට කියවන්න ගොඩක් දේවල් තිබුනා. ඌත් එක්ක මම ගේ ඇතුලට යනකොට චමියගෙ අම්ම කුස්සිය පැත්තෙ ඉඳන් ආවෙ රෙදි කෑල්ලක අත පිහදදා. මොනවා හරි හද හදා ඉන්න ඇති.

"ආනේ. පුතා ආවද? මම මේ බලන් හිටියෙ එනකම්.. එන්න එන්න ඇතුලට..."

චමියගෙ අම්මා මට උඩු වියන්, පාවඩ දාල වගේ ගෙට වඩම්මන්න හදන්නෙ. යකෝ මම ඊයෙත් මෙහෙ ඉඳලා ගියේ. ඒත් දැන් මේ කතා කරන්නෙ අවුරුදු ගාණකින් දැකලා නෑ වගේනෙ?   චමිය ඊයෙ ගිල්ලෙව්වද දන්නෙ නෑ මන් ගැන පච මල්ලක්..

"දුවේ. මෙන්න අයියලා ආවා...."
ඒ ගමන ඇන්ටි හැරුනේ ගෙයි ඇතුලෙ දොරක් පැත්තට.
චුට්ටකින් දොර රෙද්ද ඈත් වෙලා එලියට එබුනා චමියගෙ නංගි පොඩ්ඩ. මන් ගැන නංගිටත් විස්තර ආරංචි ඇතිනේ. මන් ඉතින් හරි වැඩකාරයා වගේ ආඩම්බර බැල්මක් දැම්මා.
 හපෝ මේකි මහා සෝක මූඩ් එකක්නෙ ගහල තියෙන්නෙ? මට නිකන් මොකක්ද වගේ හිතුනා ඒ මූන දැකලා..

"පුතාලා එන්න මෙහෙට. මම කෑම වගයක් හැදුවා..."

අපි තුන් දෙනාම ඇන්ටි පස්සෙන් කුස්සිය පැත්තට ගියා...
හ හා..  සුදු අලුවා කෑලි ටිකක් තසිමක..  දැක්කම ආසාවෙ බෑ. මන් කොහොමත් සුදු ඒවට හරි ආසයි. (මං කිව්වෙ අලුවා ගැන)   පැනි දාපුවට නම් ආස නෑ.මාත් ඉතින් පැනපු ගමන් ගත්තා ලොකුම ඒවයින් එකක්. පිට ගෙදරක් නෙවෙයිනෙ? මට ගානක් නෑ. ඔහේ කෑවා. චමියත් මගෙ ලඟට ඇවිත් කන්න එකක් අතට ගත්තා. ඒත් නංගි ආවෙ නෑ. මොකද මන්දා. මූන බිමට හරෝගෙන ඉන්නෙ. මාව දකින්න අප්පිරියද කොහෙද? ඒත් මන් එන්න කලින් දත් මැදලා මූනත් හේදුවා. මට හොඳටම මතකයි.

"පුතා තව කෑල්ලක් කන්න. ඉන්න මම බොන්න දෙයක් හදන් එන්නම්"
ඇන්ටි ගියා ෆ්‍රිජ් එක ලඟට.

එයා බීම හදන අතරේ මං බලන් හිටියෙ නංගි දිහාම... කැත හිතකින් නෙවෙයි. වෙනදා මෙහෙ ආවම මගෙත් එක්ක හොඳට කතා කරන එක්කෙනා අද මූන එල්ලගෙන. මට හිතුනෙ කොල්ල බූට් තියලා වෙන්න ඇති කියලා. කව්ද දන්නෙ... ඒත් කෙල්ල මගෙ බැල්මට ලැජ්ජාවෙන් බිම බලාගත්තා.

"පුතා ගොඩක් දක්සයි කියලා මට හිතුනා අර සිද්දිය ගැන විස්තර අහනකොට..."
ඇන්ටි මගෙ අතට බීම වීදුරුවක් දෙන ගමන් කිව්වා.

"පුතාට ඔය නැතිඋන දේවල් හෙම හොයාගන්න පුලුවන් නේද මොලේ කල්පනා කරලා?..."

""අනේ එහෙම හැකියාවක් මට නෑ ඇන්ටි. මන් මේ දකින දේ ගැන පොඩ්ඩක් හිතලා කල්පනා කරලා ඒව තේරුම් ගන්නවා. එච්චරයි."

"පුතා කියන්නකො ඔයාට එහෙම දෙයක් හොයා ගන්න පුලුවන්ද දකින දේවල් වලින්?.."

"එහෙම්මමත් නෙවෙයි ඇන්ටි. ඒත් මට කියන්න පුලුවන් මේ වෙලාවෙ නම්, නංගිගෙ වටිනාම දෙයක් නැති වෙලා තියෙනවා.."

මන් කිව්වෙ යන්තම් හිනා වෙන ගමන්. ඇයි ආපු වෙලාවෙ ඉඳන් මං දැක්කනේ නංගිගෙ මූන. හිනා පොදක් නෑ. මං ඊලඟට කියන්න හැදුවෙ නංගිගෙ අර ලස්සන හිනාව නැති වෙලානේ කියලා.. ඒත් මන් අරෙහෙම කිව්වම ඇන්ටිගෙ මූන මිරිකපු දෙහි ලෙල්ලක් වගේ උනා දැක්කම මට ඒක කියාගන්න බැරි උනා...  මෙච්චර වෙලා බිම බලාගෙන හිටපු නංගිත් ගැස්සිලා මගේ දිහා බැලුවා. ඒ දෙන්නටත් වඩා හොල්මන් උනේ මේ මන්. මං වරදක්යැ කිව්වෙ?  මේක තේරුම් ගන්න බැරුව මං හැරුනා චමියා දිහාවට. ඌත් මගෙ දිහා පුදුමෙන් වගේ බලා ඉන්නවා. උගෙ කටේ හැටි ගැන නම් කියන්න වචන නෑ.

"අනේ පුතේ. ඔයා ඇත්තටම පුදුමයි. කොහොමද ඒක දන්නෙ. ම.. මට හිතාගන්න බෑ..."
ඇන්ටිට ගොත ගැහුනා..

යකඩෝ, නංගිගෙ හිනාව නෑ කියන එක බැලුවම පේනවනෙ. මොනවද මේ ඇන්ටි කියවන්නෙ?  නංගිගෙ තවත් මොනා හරි නැති වෙලාද?  මන් ඒ ගමන නංගිගෙ උඩ ඉඳන් පහලටම බලාගෙන ගියා.
ම්හ්... මොකුත් අඩුවෙලා නම් නෑ. වැඩි වෙලා මිසක්..

"අනේ පුතේ කෙල්ල ලොකු උන දවසෙ අපේ අක්කා ඒක කරට දැම්මෙ."
දැන් ටිකකට කලින් හිනා වෙවී මට කවපු පොවපු ඇන්ටිගෙ කටහඬ ඇඬුම්බර වෙලා..

"කෙල්ලගෙ රත්තරන් මාලෙ.. ඒක.."

"මොක.. මාලෙහ්?... කැහ්... කැහ්.  හොහ්,...."
මට බීම එක ඉස්මොලේ ගියා.

"අනේ ඒක ඊයෙ රෑ බලද්දි නැති වෙලා පුතේ.. අපි උදේ දන්නෙ. ගේ දෙවනත් කරගෙන හෙව්වා. හම්බ උනේ නෑ. පුතාට පුලුවන් නම් අනේ පොඩ්ඩක් බලන්නකෝ. අපෙ අක්කා අරන් දීපු....."

ඇන්ටිගෙ මැතිරිල්ල මට ඇහෙන්නෙ නැතුව ගියා. මට නිකන් කැරකිල්ල වගේ.
මං හිතුවෙ මොකක්ද උනේ මොකක්ද? මේකත් හරියට විද්දෙ පඳුරට වැදුනෙ හාවට වගේ දෙයක්නෙ. නිකන් ජෝක් එකට කියන්න හදපු දේ කැරකිලා අති සාර්ථක උපකල්පනයක් බවට හැරිලා.

                                                                          මතු පෝස්ට් හා සබැඳි...

37 thoughts on “නංගිගෙ මාලේ-01

  1. දාන්න එකක් නෑ හීල්ලුවේ..මේ තියෙන්නේ සුපිරි එකක්...

    ReplyDelete
  2. //චමියා මගේ යාලුවා. දුකට සැපට ඉන්න එකා. මූ ගැන මට කොයි වෙලෙත් හරහට හිතෙන්නෙ මුගෙම වැරැද්දෙන් උනාට මූ මට පණ ඇරලා කියලා මන් දන්නවා. අනෙක අම්මගෙ කොහු පාර වදිනකොට ඉස්සරහට පැනලා මාව බේරගත්තෙත් මූ..//

    ඒ කියන්නෙ අම්මගෙන් කොසු පාරකුත් වැදිලා...ලැජ්ජාවේ බැරුවා...හි හී

    එතකොට ඒකයි සීන් කෝන් එක... ඒ කියන්නෙ අලුත්ම කේස් එකක් ලැබිලා වගේ... හි හී

    ReplyDelete
    Replies
    1. ඒක තමා කොනේ සීන් එක. :D
      අලුත් කේස් එක ගැන නම් කියන්න බෑ ලැජ්ජයි. ඉස්සරහටත් බලන්නකෝ.

      Delete
  3. හ්ම්ම්ම් මේ තියෙන්නෙ හොඳ කතාවක්. හාස්‍ය රසයත් උපරිමයෙන්ම තියෙන නිසා ගොඩක් ආසාවෙන් කතාව කියවන්නෙ:)
    ජය!!!

    ReplyDelete
    Replies
    1. සිනා සී තර වෙන්න. කතාවත් විඳගන්න.

      Delete
  4. නැඟිටින් වොට්සන් ! නැඟිටින්න ! සෙල්ලම පටන් අරගෙන.

    ReplyDelete
    Replies
    1. හිකිස්. හැක් හැක්....

      Delete
  5. ආ... අලුත් කතාවක්. මරු මරු. දිගටම ලියන්න හොඳේ

    ReplyDelete
    Replies
    1. හර්‍ර හරී. ලියමුකෝ.

      Delete
  6. කතාව මරු මගේ රහස් පරීක්ෂක දනුමට අනුවනම් මෙපොස්ට් එක කියවන කොට තේරුනේ අපේ ස්පයිඩර් පොඩ්ඩක් වත් කම්මැලි නැහැ කියලා..:D :D ඊලග පොස්ට් එකකත් ඉක්මනට් දාන්න

    ReplyDelete
    Replies
    1. පරික්ශකයෙක් හෑටියට ලහිරුට හොද අනාගතයක් තියෙනව

      Delete
  7. එල එල. ඔය තියන්නේ නියම කතාවක්. පලවෙනි කොටස නම් හිනා වෙන්න පුළුවන් පෝස්ට් එකක්. :)
    ලියමු ලියමු ඔහොම..! ජය!!

    ReplyDelete
    Replies
    1. මම දිගටම ලියනව චන්දන. දිගටම ඈවිත් බලන්නකො. හාස්ය රසය නම් මුලදි තියෙනව. අග වෙනකොට කොහොම වෙයිද මන්ද. :D
      jaya.....!

      Delete
  8. ශෙක් මෙ තියෙන්නෙ කතා හස්යට බර කතා නිසා හරි ආසයි බලන්න :D

    ReplyDelete
    Replies
    1. දිලුම්. ආවට තෑන්ක්ස්. දිගටම ඈවිති බලන්නකො

      Delete
    2. අනිවා එනවා ඇ

      Delete
  9. අප්පේ එන්න පරක්කු උනානේ වැඩ රාජකාරි නිසා. මේ තියෙන්නේ නියමට ලියල. ඉතිරි ටිකත් ඉක්මනින් දැම්මනම් හොඳා....

    ReplyDelete
    Replies
    1. ඉක්මනට?
      හා හොදයි.,
      හික්z. :D

      Delete
  10. කතා රසය නම් නොඅඩුව දැනෙන්න ගලපලා තියෙනවා...පට්ට.. අපි බලන් ඉන්නේ තව දානකම්..


    කවුරැ කවුරැත්
    නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!

    ReplyDelete
    Replies
    1. ආහ් රති. ආවට සතුටුයි. :)
      ඔයාටත් නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!

      Delete
  11. he he හු ඈ.. මම වැඩිය බ්ලොග් කියවන්නේ නැහැ බන්.. හේ හේ.. ඵට්ටයි ඈ.. දැන් නන දිගටම කියවනෝ ...

    ReplyDelete
    Replies
    1. හා ඈ? කියවන්නකෝ.

      Delete
  12. හුඟාක් උපල්කල්පන ඔහොම තමයි. A lucky guess කියලයි කියන්නෙ සිංහලෙන්. බලමු ඊලඟට මොකද වෙන්නෙ කියලා.

    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. ලකී ගස්. සිංහලෙන්...

      Delete
  13. onna api awa oyage guu blog eka balanna

    ReplyDelete
  14. හැක්... පරිපුර්ණ රහස් පරික්ෂකයෝ...

    ReplyDelete
    Replies
    1. නැහ්. අසම්පූර්ණයි.....

      Delete
  15. කෝ .... බං. මාලෙත් අරන් උඹ කොහේ ගියාද? මේකෙ ඉතුරු ටික ලියල යන දිල්ලියක පලයං.

    ReplyDelete
    Replies
    1. මම ගියා බන් ටෙස්ට් එහෙකට. පහු දවස් ටිකේ ඒකට නැහුනා. දැන් ආවට පස්සෙ ලියන්නත් කම්මැලි වගේ.

      Delete
  16. Uba niyameta galapanava bn

    ReplyDelete

හික් හික් හික්...
ඔයාලට මොකක්ද හිතුනෙ මේක කියවද්දි?
මටත් දැනගන්න කොමන්ටුවක් දාලා කියන්නකො.

  • ආයුබෝවේවා

මේ වෙලාවේ

© 2013  boothspider.blogspot.com. Powered by Blogger.