චමියගෙ භාණ්ඩේ-13 අවසානය.

                                                                                                මුල් කොටසට...
"ඒ කොල්ලා සුදුයි. පෙනුමයි...
දිග කලිසමක් ඇඳන් ඉන්නෙ. ඒ හින්දා කකුල ගැන මොකුත් කියන්න බෑ මට.
මිනිහ එතනින් හෙල්ලෙන්නෙත් නෑනෙ.
නැත්නම් තුවාලෙ ලොකු හින්දා කොර ගහන්න ඉඩ තියෙනවා.
 මේ මිනිහ නැති වෙලාවට වයිෆ්ගෙ තනියට තියලා ගිය කෙනෙක් නම්, ගෙදරට ගොඩක්ම විශ්වාසවන්ත කෙනෙක් වෙන්න ඇතිනෙ."

"ඔව් ඉතින්?..."

"ඉතින් සර් තනියම ඉන්න ගෑනියෙක් ලඟින් ලස්සන කොල්ලෙකුත් තිබ්බොත්?..."

සාජන් මහත්තයගෙ කට කොනකට හීන් හිනාවක් ආව...
"ඒකත් හැබෑව.."

"මට හිතෙනවා සර් මේ දෙන්න අතරේ මොකුත් සම්බන්ධයක් තියෙන්න ඇති. ඒත් මොකක් හරි ප්‍රශ්නයක් දෙන්න අතර ඇති වෙලා ඒක ලොකු රණ්ඩුවකට හැරිලා මේ කොල්ලා මේ අපරාදෙ කලා කියලා...."

"ඔව්.. ලස්සන කොල්ලෙක් හින්දා තනිපංගලමේ ඉන්න කෙල්ලෙක්ගෙ හිත යනවා තමයි. අනික තනියම ඉන්න තරුණ කෙල්ලෙක්නෙ..."

"මේ කොල්ලාම මේක කරා කියලා තවමත් හිතන්න බැරි උනත් කරපු අපරාධකාරයට තියෙන්න ඕනි හැඩහුරු
කම් ගොඩක් මෙයාගෙත් තියෙනවා...
කකුලේ තුවාලේ නොපෙනුනත් බලපු ගමන්ම පේනවා සර්, මේ කොල්ලා උසයි කියලා ගොඩක්. ඇඟත් කෙට්ටුයි වගේ. අත පයත් හීන් හින්දා මහන්සි වෙලා වැඩක් පලක් කරලා පුරුදු කෙනෙක් නෙවෙයි කියලා හිතා ගන්න පුලුවන් නේද?...
අනෙක සර්.. කෙල්ලගෙ හස්බන් දැන් කිව්වා මේ කොල්ලා මේ වෙලාවෙ මෙතන මක් කරනවද කියලා එයත් දන්නෙ නෑ කියලා.. මේ කෙල්ල මැරිලා කියලා කෙල්ලගෙ මනුස්සයාවත් නොදන්න එකේ මේ කොල්ලා දැනගන්න විදියක් නෑනෙ. ඉතින් මෙහෙට වෙලා මක් කරනවද?...."

"ඒකත් ඇත්තනෙ...   හරි නම් ඔය ටික හිතෙන්න ඕනි මටයි...."
සාජන් මහත්තයා ඔලුව වන වනා හෙමීට කියෙව්වා. ඊට පස්සෙ වීරසිංහ මහත්තයා දිහාවට හැරුනා...

"වීරෙ.... ගිහින් එක්කන් එනව කොල්ලව..."

"හරී සර්.."

වීරසිංහ මහත්තයා කොල්ලා ගාවට ගියා හෙමීට. ඒ කොල්ලා වීරසිංහ මහත්තයා දැක්කම පොඩ්ඩක් කලබල උනා වගේ ගතියක් පෙනුනා මට පෙනුනාද?. ඒ මගේ හිතුවිල්ලක්ද මන්දා.ඒත් මිනිහා ඔය දැන් සාමාන්‍ය විදියට ඉන්නෙ?

වීර මහත්තයා කොල්ලා ගාවට කිට්ටු කරලා හෙමීට මොනවද දෙඩෙව්වා. කොල්ලත් ඒක අහගෙන හිටියා. වටේ හිටපු ඈයො ටිකත් කිට්ටු කරනකොට මම දැක්කා අබිලිං මාමත් ඒ පැත්තට බෙල්ල දික් කරනවා. ඒත් එයා කොහෙ අහන්නද එතන විස්තරේ?
වීරසිංහ මහත්තයා සුටුස් ගාල හැරුනා අපේ පැත්තට. හැරිල එයා මෙහෙට එනකොට කොල්ලත් පස්සෙන්ම ආවා. පොඩ්ඩක් කොර ගගහා...

සාජන් මහත්තයයි මමයි මූනට මූන බලාගත්තා. මිනිහගෙ කොර ගැහිල්ල දැකලා. කොල්ලා ආපු ගමන් අපේ සාජන් මහත්තයා පොරට දණ ගහලා වැන්දා....

නෑ නෑ, පැනපු ගමන්ම දන ගහන්න වගේ පාත් වෙලා සාජන් මහත්තයා ඉස්සුව මිනිහගෙ රෙද්ද.. ඒ කිව්වෙ මිනිහ ඇඳගෙන හිටපු කලිසම් කකුල ඉස්සුවා. ඒක උස්සනකොට මිනිහා පොඩ්ඩක් පස්ස ගහලා කකුල ඇද්දා. ඒත් සාජන් මහත්තයා බලෙන්ම මිනිහගෙ කලිසම් කකුල උස්සනකොට අපි දැක්කා කකුල වටේ බැඳලා තිබුන රෙදි පටියක්. ඒක රතු වෙලා..

හිතාගතහැකි නේද මට ආපු සන්තෝසෙ?
මෙතනට එනකන්ම මම හරි.

"මේ මක් වෙලාද?..."

"ඒ.. ඒක සර්.. මම දර පලද්දි පොරොව කකුලෙ වැදුනා..."

"කවද්ද?.."

"ඊයෙ සර්..."

"කොහෙදිද?.."

"ං ආ..  ගෙදරදි..."

ඒ ගමන සාජන් මහත්තයා හෑන්ඩ් ෆෝන් එක අතට ගත්තා.

"තමුන්ගෙ ගෙදර නම්බරේ කියනවා.."

"ඒක... "
ඒක.... කියනවා ඉතින්.."

"ඒක මතක නෑ සර්..."

"මතක නෑ?    මතක...... නෑහ්???   හුහ්.. ගන්නවා තමුන්ගෙ ෆෝන් එක.. ගන්නවා ගෙදර නම්බරේ...
මම අහගන්නම් ගෙදරින්. තමුන් දර පලපු හැටි..."

"අනේ සර්.. ගෙදර අය දන්නෙ නෑ.. ගෙදර කවුරුවත් නැති වෙලාවක මම දර පැලුවෙ.. කකුල තුවාල උනා කියලා කාටවත් කිව්වෙත් නෑ.. මං..     මං..."

"හරි හරි. තමුන් ගැන මට හිතාගත්හැකි. යමන් පොලීසියට.. ගියාම මන් ඇදලා ගන්නම් සේරම ටික.."

"අනේ සර් මං මොන..."

"කට වහගන්නවා අයිසේ...
මේ වීරසිංහ? දානවා මේ මිනිහව ජීප් එකට..."

පරණ හින්දි ෆිල්ම් එකක අන්තිම හරිය ගියා වගේ සීන් කෝන් එකක් දැන් ගියේ.. ආයෙ නෑ අපේ සාජන් මහත්තයට උතුර දකුන මාරු වෙලා.  මෙච්චර වෙලා තිබුණ කරුණාවන්ත පෙනුම ලොවෙත් නෑ. මුහුදෙත් නෑ. යකා වගේ පැනපු ගමන් මිනිහට වැඳලා ඉස්සුවනෙ කලිසම. අඩුම තරමෙ ඒ යකාට කිව්ව නම් කලිසම් කකුල් උස්සපිය කියලා, ඒකත් එකක්..
ඒත් නෑ. තමන් වහන්සේම ඉස්සුවා.

ඒත් මදෑ. එකා යකා වගේ හුස්මක් කටක් ගන්න නොදී ඒ කොල්ලව ප්‍රශ්න කලා. ඌත් ඉතින් කෝඩු කාරයෙක්නෙ. කටින්ම අහු උනා මම හිතන්නෙ.. ඒකනේ සුටුස් ගාලා ජීප් එකත් පටෝගත්තෙ.. මේ සීන් එක අස්සෙ මම කරපු මෙහෙය අන්තිමට සම්භාවනාවට පාත්‍ර උනා කියලද හිතන්නෙ? පිස්සුද? පොලිස් මාමලා කොල්ලව දාගත්තා ජීප් එකට. ගියා රූන් ගාල. මට තැන්කිව් කිව්වෙවත් නෑ....

ඔන්න ඉතින් ඒ සීන් එක ඉවර උනා.

එක අතකින් හද්ද දුකයි අනෙත් අතින් බඩගින්නයි තුරුලු කරන් තවත් අතකින් චමියගෙ කරට අතක් දාගෙන මම ආව චමියගෙ  ගෙදරට. දුකයි කිව්වෙ සාජන් මහත්තයට අන්තිමට අපිව මතකවත් නැති එකට. මට පුදුමෙ යන්නම් කියන්නෙවත් නැතුව අර කොල්ලව කුදලගෙන තදියමේ ගිය එකට. නැට්ට ගිනිගත්ත හනුමන්තා වගේ. සේනාරත්න මහත්තයා උනත් ඒ ගමන්ම ගියා. අපිව දෙන්නව තනි කරලා.

එයාලා අපි දෙන්නා මෙතනදී කරපු උදව් එක මොහොතින් අමතක කලා. මම ගොඩක් දේවල් කරලා උදව් කලා. චමියා මොකුත්ම නොකර ලොකු උදව්වක් කලා. ඒව මොකුත් මතක නෑ. ඒත් මට තියෙන දුක මගේ යාලුවා.. චමියා තේරුම් ගත්තා.. මම අතන පරීක්ෂනේදි ඌව පැත්තකට කරලා තිබ්බත් මගෙත් එක්ක තරහා නම් නෑ වගේ. මගෙත් එක්ක එකට වැනි වැනී ආවා. කරුමෙකට තිබ්බෙ අබිලිං මාම විතරයි. මමයි චමියයි පොලීසියත් එක්ක එකට ඉන්නවා දැකලා තිබුන හින්දා මෑන් අපේ පස්සෙන්ම ආව. ඒත්  ගෙදරට එනකන්ම මොකුත් ඇහුවෙ නෑ.

අපි චමියගෙ ගෙදරට ගොඩ වෙනකොටම චමියගේ අම්ම ඉස්සරහට ආවා. චමියගේ අම්ම හිතන්නෙ චමියා වගේම මමත් එයාගෙම පුතෙක් හැටියට. මම ගොඩක් දවස් වලට මෙහෙ ආවම කාලා බීලා රෑ ඉඳලත් යනවනේ.  අදත් මේ ආපු ගමන් කන්න කියලා තමයි මගෙ බඩ කිව්වෙ. ආයෙ මොනවද චමියගෙ අම්මටත් ඒව තේරෙනවා. දිවැස් තියෙනවා වගේ. ඒ හින්දද මන්දා අපි ගෙට ගොඩ වෙනකොටම කෑම කාමරේ දිහාවට අත දික් කලා.

"පුතාල දෙන්නයි අපේ එක්කෙනයි අර පැත්තෙ යනකොට මම හිතුවා දවල්ට කන්න මෙහෙට ඒවි කියලා. මම තුන් දෙනාටම උයලා තිබ්බා. ගිහින් කන්න.
කොල්ලො දෙන්නා අත හෝදන්න මතක තියාගන්න. හරිද..?"

අන්තිම ටික නැන්දා කිව්වෙ අපි දිහාවට ඇඟිල්ල උරුක් කරන ගමන්. ඇත්තටම චමියටයි මටයි දෙන්නටම තිබුන නරක සිරිතක් තමයි කන්න කලින් අත හෝදන්න අමතක වෙන එක. ඕක අපිට පුරුදු උනේ අපි ඒ ලෙවල් කරන කාලෙදි. ඒ කාලෙ ගැන්සියත් එක්ක කන්න සෙට් වෙන එකෙක් අත් හෝදන්න ගියා කියන්නෙ ඌ එනකොට බත් එක ඉවරයි කියන එක.

අපිත් එක්ක අබිලිං මාමත් කන්න ලෑස්ති උනා. චමියගෙ නංගි නම් කොහෙදෝ ගිහින්. මුලින් අපිට කෑම බෙදපු නැන්දත් බත් බෙදාගෙන ඉඳගත්තා මේසෙට. කෑම මේසෙ තිබුනෙ වෙනදා නොතිබ්බ මහා පාලු මූසල ගතියක්. වෙන දේකට නෙවෙයි. වෙනදා කන මිනිස්සුන්ට කන්නවත් දෙන්නෙ නැතිව හිනස්සන මේ මකුලුවා අද සෝක මූඩ් දාගෙන හිටපු හින්දා.

ටිකක් වෙලා කනකොට චමියගෙ අම්මා මගෙන් ඇහුවා..
"පුතේ කෑම රස නැද්ද? නැත්නම් ලෙඩ වෙලාද?.."

"එහෙම දෙයක් නෑ නැන්දේ... මම මේ.."

"මෙයා අප්සට් එකේ ඉන්නෙ අම්මේ. අර පොලිස් කාරයෝ නොකියම ගියාට."
චමියා කට දැම්මා.
නැන්දගේ මාමගෙයි බත් කෑම එතනින් නතර උනා. මොකක්ද මේ හරුපේ කියලා නොතේරුන හින්දා.
අනේ චමියෝ. දැන් ඉතින් උඹම කියපන් විස්තරේ...

මම කන අතරේ චමියා විස්තරේ කියන්න පටන් ගත්තා. නැන්දයි මාමයි දෙන්නට කන්නත් මතක නෑ. හෙට වෙනකොට පත්තර වලත් නිවුස් එක තියේවි.අබිලිං මාමටත් දැන් හරිනෙ.

කතාව කියන්න කොච්චර වෙලාව ගියාද මන්දා. ඒත් මම කාල ඉවර වෙලා පිඟාන හෝදලා එනකොට නැන්දා කම්මුලේ අතක් තියාගෙන මන් දිහා බැලුවා. හරියට මන් පව් කියන්න වගේ.

"ඒ මිනිස්සුන්ට රාජකාරියට හදිස්සිනෙ පුතේ.. ඒත් පුතා කරපු දේවල් ගැන හිතලා සතුටු වෙන්න පුලුවන්නෙ.  අනේ ඒ කිව්වට මට නම් හිතාගන්නවත් බෑ මගෙ පුතා මෙච්චර දෙයක් කලා කියලා.. 
අනේ අර කෙල්ලගෙ ජීවිතේ දෙයියනේ..."

නැන්දා එකට එකක් හරියට සම්බන්ධ නැති වචන වැලක් කියාගෙන කියාගෙන ගියා. කවුරු හරි නොදන්න කෙනෙක් අහන් හිටිය නම් හිතයි අපි තමයි ඒ කෙල්ල මැරුවේ කියලත්..

කොහොම උනත් මමත් හිතා ගත්තා මේ කේස් එක මෙතනින් සමාප්තයි කියලා. සාජන් මහත්තයටත් මොන වැඩ තියෙන්න ඇත්ද?  මට කතා කරනවට වඩා. අනෙක අර කොල්ලගෙ වැඩේ කොහොම ඉවරයක් කරන්න ඇතිද?
ඒ මොකවත් දැන් මට වැඩක් නෑ. අවසානය මම හිතපු විදියට නොවුනට, මගේ වැඩේ කලානෙ හරියට.. මගෙ හිතට සතුටුයි.
හවස් වෙනකම් චමියගේ ගෙදර කියව කියවා හිටපු මම එලියට බැස්සෙ ගෙදර යන්න හිතාගෙන. කොහොම උනත් කේස් එකේ අවසාන ටික හෙට අනිද්දා වැටෙන්නෙ නැතෑ පත්තර වල...

34 thoughts on “චමියගෙ භාණ්ඩේ-13 අවසානය.

  1. හෑ. එච්චර සිද්ධියක් වුනාද?

    ReplyDelete
  2. මට කොටස් කීපයක් මඟ ඇරිලනේ. ගිය සතියෙ නෙට් එන එක ටිකක් අඩුවෙල තිබුණ, ඒ දවස්වල උඹ දාන්ට ඇත්තෙ. ආයිත් ගිහින් ඒ ටික කියවල එන්න ඕන.

    ReplyDelete
    Replies
    1. ඕකේ DDT කතාව ගැන ඔයාගෙ අදහසත් කියන්න.

      Delete
    2. මචං කතාව මුල ඉඳන් ලියාගෙන ආපු විදිය බැලුවම අවසානය එක්වරම ටිකක් වේගවත් වුනා වගේ ගතියක් තියෙනව කියල මට හිතෙනව. කොහොම උනත් ඔයාගෙ පළවෙනි කතාව හැටියට මේක සාර්ථකයි කියල කියන්න පුළුවන්. අනෙක සාම්ප්‍රධායික කතාවකට වැඩිය ටිකක් වෙනස්, ඒක විශේෂයෙන්ම සැලකිය යුත්තක්.

      ඒ වගේම මට හිතෙනව උඹ අපරාධ සම්බන්ධ නීතිමය පැත්ත ගැන ටිකක් අවධානය යොමුකරනව නම් හොඳයි කියල, මොකද කතාවෙ විශ්වසනීයත්වය, ස්වභාවිකත්වය රඳා පවතින්නෙ ඒ වගේ කරුණු වඩා නිවැරදි වුනු තරමට.

      ඉදිරියෙදි තවත් හොඳ කතා අපි බලාපොරොත්තු වෙනව මකුළුවො.

      Delete
    3. තෑන්ක්ස් DDT. ගොඩක් තෑන්ක්ස්.

      Delete
  3. නියමෙටම නියමයි. අපේ සුබ පැතුම්.

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූති.

      Delete
  4. දැන් චමිගේ කතාව ඉවරයි. ඊලඟට අළුත් බ්ලොග් එකක් ලියනවද?. නැත්නම් මේකේම අළුත් කතාවක් ලියනවාද?.

    කතාව නම් හොදයි. ඇත්තෙන්ම හොදට ලියලා තිබ්බා. මේකයි ප්‍රශ්නේ. අන්තිමේ මේක තවත් එක සාමාන්‍ය කතාවක් විතරයි. ඒ කියන්නේ මිනිමැරුමේ වත් කිසිම විශේෂ බවක් තිබුණ්නෑ. නමුත් ඔබ එය ඉතාම දක්ෂ ලෙස ලියා තිබුණා. මං කියන්නේ කතා විලාසය ඉතාම හොදයි කතාව තමයි ප්‍රශ්නේ කියලා. කොහොම උනත් අළුත් කතාවක් ලියද්දි මේයිටත් වඩා හොද කතාවක් ලස්සනට කියයි කියන බලාපොරොත්තුව කියවු මටත් අනෙක් අයට වගේම තියෙනවා.

    හුඟාක් රහස් පරික්ෂක පොත් ලියනන අයගේ මුල් කතා වලට වඩා මේ කතාව නම් දහස් ගුණයක් හොදයි කියලාත් නොකියාම බෑ

    ReplyDelete
    Replies
    1. මේකෙම කතාවක් ලියන්නයි අදහස. මිනීමැරුමේ කිසි විශේෂ බවක් තිබුනෙ නෑ කිව්වෙ? මම ඒ මිනීමැරුම ගොඩක් උලුප්පලා දාන්න ට්‍රයි නොකරපු හින්දා වෙන්න ඇති. මේකෙ අවසානය උනත් හිතපු විදියට වඩා වෙනස් ඇතිනෙ? කොහොමත් මම ලියන්න ආධුනිකයි. කවදාවත් මෙහෙම ලියලා පුරුද්දක් මට තිබිලා නෑ. ඒත් ලිව්වා හොඳයි කිව්වම ලොකු සතුටක් දැනුනා.

      කතාව ගැන කියනව නම්, මීටත් වඩා සරල පොඩි කතාවක් තමයි ඊලඟට දාන්න හිතාගෙන ඉන්නෙ.

      Delete
    2. ලියලා තියෙවා හොදයි. ඇත්තටම මට උනත් ලියන්න බෑ ඔච්චර හොදට. එහෙනම් කියන්නේ? කියලා හිතෙයිද දන්නෑ.

      කතාවට වඩා රයිටර්ගේ දක්ෂතාවය නිසා මේ කතාව හොද වෙලා තියෙන්නේ. ඊලඟ කතාවත් බලනවා අනිවාර්යෙන්ම.

      Delete
  5. එහෙනම් හැමදේම ඉවරයි නේද? ආඩම්බරයි මට ඔයා ගැන....

    ReplyDelete
    Replies
    1. හැමදෙයක්ම ඉවර නෑ ඇනිමසයා. අඩුම තරමේ තාම ඉවර නෑ.

      Delete
  6. ඒක ඇත්ත...සමහර දේවල් ඉවර වුණාට, තවත් සමහර දේවල් තියෙනවා ජීවිතේ පුරාවට ම....

    ReplyDelete
  7. කොල්ලගේ පරීක්ෂණය හරි ගියා. පොලෝසිය යන්න ගියා නොකියා. :)
    එල මචන්.. අලුත් කතාවක් ලියමු මේ වගේ. ජය!!

    ReplyDelete
    Replies
    1. අලුත් එකක් ලියනවා. ඒත් මීට වඩා පොඩි එකක්

      Delete
  8. ලස්සන කතාවක් දුන්නට ස්තුතියි..
    ඊළඟ කතාව එනකම් බලා සිටිමි..

    ReplyDelete
    Replies
    1. කතාව ලස්සනයිනෙහ්? තෑන්ක්ස් රූ...

      Delete
  9. නියමයි බන්.. උපරිමයි.. උඹ මේකට සාම්ප්‍රදායික අවසානයක් නොදුන්න එකෙන් වැඩේ තවත් ලස්සන වුනා.. මම කියවපු අමුතුම ඩිටෙක්ටිව් ස්ටෝරියක් මේක.

    තව ලියපන්..ලියපන්..ලියපන්..ලියපන්..ලියපන්..ලියපන්..ලියපන්..ලියපන්..ලියපන්..ලියපන්..ලියපන්..ලියපන්..ලියපන්..ලියපන්..ලියපන්..ලියපන්..ලියපන්..ලියපන්..

    ReplyDelete
  10. සාම්ප්‍රදායික අවසානය ගැන මගේ හිතෙත් කහටක් තිබුනා සෙන්නා. මෙහෙම ලිය උනේ ඒ හින්දා වෙන්න ඇති. මම ලියනවා තවත්. ඒත් හිතන කවෘවත් දේවල් වෙන එකක් නෑ.

    ReplyDelete
  11. ඔන්න මට කියවන්න පුළුවන් වගේ දැන් කියවලම අදහස කියන්නම්

    ReplyDelete
    Replies
    1. හා හා. කියන්නකෝ දැන්???

      Delete
  12. එහෙනම් ඉවර කලා නේ. මරු මරු ඈ. තව එකක් ඉක්මනටම ඕනි හොඳේ...

    ReplyDelete
    Replies
    1. හරි හරී. දෙන්නාං

      Delete
  13. මේ බ්ලොග් එක මොන හේතුවක් නිසා හාරි මගෙ බ්ලොග් රෝලෙ තිබ්බෙ නෑ. ඔන්න දැන් දැම්මා දෙකටම. ආයෙ මිස් වෙන්නෙ නෑ.

    දැනුයි ඕන් කීව්වෙ. උඹත් හැංගිලා ඉඳපු ටැලන්ට් එකක්නෙ. ඇත්තටම මේ අවසානය මරු.


    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් ඩූඩ්...

      Delete
  14. kathaa tuk gala iwara wela wagene. :((

    me mekata dagannako mechchara kal liyapuwa pennana gadget ekak. hoyaganna lesi wenna.

    ReplyDelete
    Replies
    1. ade kiwwath hari. ehema ekak ne kiyala mama dekke den thamai. me lagadi template 1 wenas kalaa. e hindha wechchi mstk 1k...
      awata thnks.. :D

      Delete
  15. පළවෙනි කතාවෙ ඉඳන් අන්තිම එක වෙනකන් කතා ටික ඔක්කොම එක දිගටම කියෙවුවා. ගොඩක් ලස්සනයි. කියවද්දි කම්මැලිකමක් දැනුනෙ නෑ පොඩ්ඩක්වත්:)තවත් මේ වගේ කතා ලියන්න spiderට සුභ පතනව!!!!

    ReplyDelete
  16. ගොඩාක් ස්තූති... :D

    ReplyDelete
  17. මම නම් අදද මන්දා ආවේ.කථාව මැදින් ආවේ
    http://manasindiviyata.blogspot.com/

    ReplyDelete
    Replies
    1. නෑ. එක කතාවක් ඉවරයි. අනෙත් 1 ලඟදීම...

      Delete
  18. Ivarada..godak hodai kathava.niyamai

    ReplyDelete

හික් හික් හික්...
ඔයාලට මොකක්ද හිතුනෙ මේක කියවද්දි?
මටත් දැනගන්න කොමන්ටුවක් දාලා කියන්නකො.

  • ආයුබෝවේවා

මේ වෙලාවේ

© 2013  boothspider.blogspot.com. Powered by Blogger.