පරීක්ෂණ කතා (17) වෙනත් කතා (4) ඊ බුක් (1)

Artisteer 4 හම්බුනා පැච් එකත් එක්ක.

මම ලියන්නෙ ටෙක් බ්ලොග් එකක් නම් නෙවේ. ඒත් මේක හම්බුනාම දෙන්න හිතුනා. අලුතින්ම ආපු artisteer 4 එක පැච් එකත් එක්ක. ඔයාලා දන්නවනෙ. තමන්ගෙම කියලා බ්ලොගර් වර්ඩ්ප්‍රෙස් ටෙම්ප්ලේට් එකක් තමන්ට ඕනි හැටියට හදාගන්න මේක තමා හොඳම. නොමිලේ ඕනි තරම් ටෙම්ප්ලේට් තිබ්බට හිතට හරියන එකක් හොයාගන්න හරි අමාරුයි. හම්බ උනත් මොකක්ම හරි ඇද පළුද්දක් තියෙනවාමයි.නැද්ද මන් කියන්නෙ? 

 ඔන්න මගෙ කතා බලන්න එන යාලුවො තරා වෙන්න එපා. මොකද ගොඩක් බ්ලොගර්ස්ලට මේක වැදගත් නිසයි දැම්මෙ. මේක දැම්ම කියලා මට සෙතක් නෑ. ඒත් අලුත්ම එක හොයපු අයට වටීවිනෙ.?  piratebay එකෙන් ටොරන්ට් එක මෙතනින් අරගන්න. මම චෙක් කරලයි දැම්මෙ.
        
https://thepiratebay.se/torrent/7903461/Extensoft_Artisteer_4.0.0.58475

සුබ නව වසරක් වේවා.....


ඉතින් යාලුවනේ....



මම මේ තකහනියක් දුවගෙන ආවෙ මේක කියලා යන්න. බ්ලොග් හැමේකෙම වගේ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගොඩාක් දේවල් කියලා තියෙනවා. ඒ හින්දා මන් වැඩි දෙයක් කියන්නෙ නෑ..

එළඹෙන්නා වූ නව වසර ඔයාලා හැමෝටම සතුට පිරුණු සිහින, බලාපොරොත්තු ඉටුවන, සුබ නව වසරක් වේවා
...! කියලා මමත් චමියත්, චමියගෙ භාන්ඩෙත්(එලොව සිට) නංගිත්, පොලිස් මාමලත්, යන අපි හැමෝම ප්‍රාර්ථනා කරනවා... 

 

මොකද හැබෑටම කොරන්නේ?......

යාලුවනේ.
මම අලුත් කතාවක් ඉක්මනින්ම දෙනවා කියලා ගියා ගියාමයි ආවෙත් අද.  :D
 
තරහා වෙන්න එපා ඉතින්. ඒත් මට නිකන් මොකක්ද වගේ තිබ්බා ඊලඟ කතාව ලියන්න.
මගෙ ඔලුවේ කතා දෙක තුනක් තියෙනවා ගොඩ ගැහිලා. කොයික ලියන්නද මන්දා ඉස්සෙල්ලම. මම මුලින්ම ලිව්ව එක ටිකක් ලොකු බැරෑරුම් එකක් හින්දා මම තීරණ
ය කලා ඊලඟට සිම්පල් ප්ලෑන් එකක්ම ලියන්න ඕනි කියලා.  ඒත් ආයෙත් මම හිතුවා මේ ලියපු එකේ හැටියට සිම්පල් 1ක් ලිව්වොත් කට්ටියට එපා වෙයි කියලා.
ආයෙත් ටිකක් කල්පනා කරලා හිතුවා මේ ලිව්වා වගේම දිග එකක් ලියන එක හොඳයි කියලා. ඒත් කට්ටියට කම්මැලි හිතේවිද මන්දා. කතාව දිග උනාම ගොඩක් ඇද ඇද යැවෙනවාමනෙ. 

ඉස්සෙල්ලම කොයික ලියන්නද මන්දා.   ඒ විතරක්ද? මගෙ ඔලුවේ කතා වලට වඩා ගොඩක් දේවල් තියෙනවා ලියන්න නම්. ඒත් කතා කියවන්නනෙ ඔයාලා එන්නෙ. ඉතින් කතා නැතුව වෙනින් දේවල් ලිව්වොත් ඒත් එපා වෙයිද කියලා මට හිතෙනවා.
( එහෙම වෙයි කියලා චමියත් මාව බය කරනවා. )
කාටවත් එපා වෙන්නෙ නැති එකක් ලියන්න මම දහ අතේ කල්පනා කරනවා. කල්පනාව මිසක් ලියන්න කම්මැලී. දෙතුන් පාරක්ම ලියන්න ලෑස්ති වෙලා ආයෙත් මම හිතනවා.

මේක මන් හිතන්නෙ අලුතෙන් බ්ලොග් එකක් ලියන්න පටන් ගත්ත ගොඩක් දෙනෙක්ට හැදෙන ලෙඩක්.... තමන් ලියන දේ කට්ටියට අල්ලලා යයිද? නැත්නම් එපා වෙයිද? බයේ බෑ......

මොකද හැබෑටම කොරන්නේ?......   :-(

ඔන්න පටන් ගත්තා.

මම SPIDER. මට ඉංග්‍රීසියෙන් කියන්නෙ මකුලුවා කියලා. නිකම් නෙවේ. බූත මකුලුවෙක්. කළවානෙ බූත මකුලුවා.
යාලුවො ආදරේටයි තරහටයි 2ටම කියන්නෙ ඕක.ඒත් ඔයාලට මගෙ බූත වැඩ වැඩක් නෑනෙ? මම නිල නොවන "පරීක්ශන රහස්" ලියන, කරන, කරලා ලියන, ජොබක් කරනවා. 
හැබැයි ඔයාල දැනගන්න. මම ෂර්ලොක් හෝම්ස් කෙනෙක් නෙවෙයි.  මෙහෙම කතා ලිව්වට මම වොට්සන් කෙනෙක්වත් සර් ආතර් කොනන් ඩොයිල් වගේ කෙනෙක්වත් නෙවේ. මම ඔය නිතරම ගෙවල් වල අහුමුලු දොරමුලු බාත් රූම් වල හෙම ඉන්නවා වගෙ ජාතියේ අහිංසක මකුලු පැටියෙකි. ඒ හින්දා ඒ පොත් බලලා හුරු අය මගේ කතා වලට හිනා වෙන්න එපා. මට ඇඩෙනවා තනි ඇහැට.
(වරදවා හිතන්න එපා. මම බාත් රූම් වල ඉන්නෙ කවුරුවත් නාන්නෙ නැති වෙලවට හොදේ. ඒකත් මගෙ පරීක්ශන රහස් වැඩ වලටයි.) 
මම මේ වගෙ කතා ලියන්න පටන් ගන්නෙ මේ දැන් ඉදන්. හැබැයි මම ඒ ලෙවල් කලේ සයන්ස් වලින්. මගෙ සිංහල දැනුම නම් බින්දුවයි (දශම එකයි)(0.1). ඉතින් ව්‍යාකරන වැරදි හෙම තියේවි ගොඩක්. කතාවත් හරි නෑ වගේ තියේවි. අනේ ඒවට බනින්න එපා. මට වැරදි කියල දෙන්න. මම හදාගන්නම්. 
ඒ වගේම හිතෙන දේ කොමන්ට් කරලා යන්න. බ්ලොග් ලියන ඈයො නම් දන්නවනෙ කොමන්ට් වල වටිනාකම? ඒ වගේම ඔයාලගෙ සයිට් ටිකත් දාල යන්න. මට ඇවිත් බලන්න.
ආයෙත් කියන්නම්. අඩුපාඩු පෙන්නල විවේචනය කරන්න. ඒත් කුනුහබ්බ කියන්න, බනින්න, හෙම එපා. දැන් කාලෙ ගොඩක් තියෙන්නෙ ගොසිප් නිව්ස්, ටෙක්, ජෝක්, බ්ලොග්. ඉතින් මට හිතුනා මෙහෙම අලුත් විදියක 1ක් කරන්න. ඔයාල මේවා කොපි කලාට කමක් නෑ. මගෙ නමත් මුල්ලක දාල. නැතත් කමක් නෑ.
ඔන්න ඒනම් මමත් පටන් ගත්තා බ්ලොග් එකක්.

Photobucket
Create your own banner at mybannermaker.com!
Sinhala Blog Reader
  • ආයුබෝවේවා

මේ වෙලාවේ

© 2013  boothspider.blogspot.com. Powered by Blogger.