නංගිගෙ මාලේ-04

                                                                                     
                                                                                             මුල් කොටසට...
ජනේලෙ ලඟට ගිහින් මම කලේ ආයෙත් හොඳට ජනේලෙ ලඟ බිම වටේටම කැරකි කැරකි හොයල බලපු එක. මොනවද හොයන්නේ කියලා අදහසක් නොතිබුනත් මොකක් හරි හෝඩුවාවක් නැත්නම් මාලෙවත් හම්බවෙයි කියලා අදහසක් මට නොතිබුනා නෙවෙයි.

ඒත් ම්හු.... මොකුත් නෑ..
ලඟකදි මේ හරියත් හොඳට සුද්ද කරලා දාලා.

මම කැරකි කැරකි ඉද්දි චමියත් මන් ලඟටම වෙලා හිටියා.
"මචං... 
අපි ඊයෙම මේ හරියත් බැලුවා. නංගි මතක නැතුව මාලෙ ජනේලෙ ලඟින් තියලා මෙහෙන් වැටුනවත්ද කියලා.."

"එහෙමද?  හුම්ම්"

"ඒක නෙවේ. උඹට මෙතන හුරු පුරුදුද බන්?.."

"මොක?."

"නෑ උඹ මේ අපේ නංගිගෙ ජනේලෙ අයිනෙ එහාට මෙහාට ඇවිද්දට එක ගලක, මල් පෝච්චියක, කකුළ හප්පගත්තෙ නෑ. ඉතින් මන් හිතුවා උඹ නිතරම වගේ මෙතනට ඇවිත් ඇති කියලා..." 

චමිය මහ කින්ඩි හිනාවක් දැම්මෙ. මම දන්නවා ඒක කිව්වෙ ජෝක් එකට කියලා. ඒත් මට හින්ට් එකක් පාස් කරන්න හම්බුනොත් ඌත් අතාරින්නෙ නෑ.

"ඉතින් මැටි හරකෝ, මම මෙහෙ ගෙදරට නිතරම එනවනේ. මට ගේ හුරුයි. අනික මම බිම බලාගෙන පොඩි චෙකින් පාරක් දැම්මා. ඉතින් උඩ බලාගෙන ඇවිද්දෙ නෑනෙ කකුල හප්පගන්න?.."

"ඒකත් හරි තමා.. ඒත් මන් කල්පනා කලේ මචං මේ ලඟකදි මෙතන තිබ්බ මල් පෝච්චියක් කැඩිලා තිබ්බා. මට හිතුනෙ කවුරු හරි නංගිගෙ කාමරේට එබෙන්න ඇවිත් පාගලා දාලද කියලා.."

"ඔතින් උඹ ඕක මට දැන්ද කියන්නෙ? කලින්ම කිව්ව නම් මොකෝ? අනෙක උඹ ඕක අහපන් නංගිගෙන්.."

"බෑ බන්. නංගි අම්මට කියයි. මටත් හරියටම ෂුවර් නෑ. වෙන එකෙක් කැඩුවද නැත්නම් මගෙ අතින්,..."

"උඹෙ අතින්?."

"මේකයි.. මම පහු දවස් ටිකේ ගෙදර එන්න රෑ උන දවස් ටිකක් තිබුනා. එනකොට මචන් ආව හැටිවත් දැන් මතක නෑ. ඒත් මග දිගට ගස් ගල් වල හැපි හැපී ආව මතකයි..."

"හරි හරි, මට තේරුනා. උඹ රෑ දෙගොඩහ ජාමෙ බීගෙන ඇවිත් හොරෙන්ම ජනේලෙන්  කාමරේට රිංගන්න හදලා, මරගාතෙට කාමරෙත් මාරු වෙලා පෝච්චියකුත් බිඳගෙන.....
හහ්. මට තේරුනා."

චමියගෙ මූන හතරැස් උනා. ඒ හැටියට මට හිනා.

"මම කිව්වෙ මට හරියටම මතක නෑ කියලා. කොහේ කොහේ හරි කකුළ හැපුනා වගේ නම් මතකයි. රෑ හින්ද පේන්නෙත් නෑ. ඒ හින්දා මට හරියටම කියන්නත් බෑ. මන් ඒක උඹට කිව්වෙ දැනගන්න ඕනි වෙයි කියල හිතුන නිසා.."

"හරි හරි. කෝ දැන් ඒක? කැඩිච්ච පෝච්චිය?"

"ඒක කැඩිලනෙ බන්. පහුවදා උදේ මම ඒක දැක්ක ගමන්ම අස් කරා. දැන් කෑලි ටික ඇති අර කුණු දාන දිහාවෙ. ඒත් හම්බ වෙයිද මන්දා. විසි කරලා ටිකක් කල්නෙ."

"ඒත් උඹට මතකත් නෑනෙ උඹ අතින්මද ඒක බිඳුනේ කියලා.."

"මට ෂුවර්ම නෑ.."

"මේ වෙන එකෙක් නම්? අර ආපු හොරා නම්?.."

"ඌ ආවෙ ඊයෙනෙ?"

"හරි ගොනෝ.. මම කියන්න හැදුවෙ මේකයි. ගේ අස්සෙන් ගිහින් හොරෙක්ට මාලෙ උස්සන්න බෑ. ඒක හොඳටම පැහැදිලියි. ඌ මේ ජනේලෙන් අත දාලා ඒක ගත්තද දන්නෙ නෑනෙ?.."

"ඒත් මේ පෝච්චිය බිඳිලා ටික දවස් වෙනවා?."

"ඒක තමයි. ඌ කලිනුත් මෙහෙම හොරෙන් ඇවිත් එබිකම් කරලා තියෙනවා. එක වතාවකත් හරි. ඒ වෙලාවක ඌ පෝච්චිය පෙරලාගත්තා. ඒ ගමන ඌ බයවෙලා පැනගන්න ඇති. උඹ පෝච්චිය දැක්කම ඒක අස් කලා. අර හොරා ටික දවසක් මේ පැත්තෙ ගාටන්නෙ නැතුව ඉඳලා ඊයෙ ආව. ජනේලෙන් එබෙනකොට දැක්කා මාලෙ. ඒක ඉස්සුවා, මෙහෙන් පැන්නා."

"අම්මම්මා ඇත්තනේ..
උඹ සුපිරිනෙ බන්... මට මෙච්චර වෙලා ඕක හිතුනෙ නෑනෙ.."

චමියා මගෙ පිටට තට්ටුවක් දාන ගමන් කිව්වා.. ඊට පස්සෙ ඌ ජනේලෙන් ඇතුලට එබිලා බැලුවා. ආයෙත් පාත් වෙලා ඔලුව කහන ගමන් මගේ දිහා බැලුවා..

"ඒච් මචං නංගි මාලෙ තියල තිබ්බෙ මෙතන ජනේලෙ කිට්ටුවෙන් නෙවෙයිනෙ?  මේසෙ තිබ්බෙ අර එහාම මුල්ලෙ. මාලෙ තිබ්බෙ ඒක උඩ කප් එකක දාලා. මෙතන ඉඳන් බැලුවට මාලයක් පේන්නෙත් නෑනෙ?.."

චමියා මගෙන් ඇහුවෙ මට අභියෝග කරන්න වගේ. මමත් හිනා වෙලාම උත්තර දුන්නා.

"මේක කෙල්ලෙක්ගෙ රූම් 1ක්නෙ. මේසයක් උඩ කප් එකක් තියෙන කොට ඒක අස්සෙ වටිනා යමක් තියෙන්න පුළුවන් කියලා පළපුරුදු හොරෙකුට තේරේවි. අනෙක කවුද දන්නෙ නංගිට අමතක වෙලා ඊයෙ මාලෙ මේ කිට්ටුවෙන් තිබ්බද කියලා?
ඒ විතරද? අපි හිතන හැටියට මේ හොරා කලිනුත් මෙතනට ඇවිත් තියෙනවා. නංගි මාලෙ එතනින් තියනවා ඌ බලා හිටියද කවුද දන්නෙ?  ඌ තව මොනවා බලන්න ඇතිද?."

"පාහරයා.. ඕකව මට අහු උනොත්......?"   චමියට මල පැන්නා උස්මුරුත්තෙට. උගෙ නංගිනෙ.

"ඔව් උඹ ඌව බදාගෙන තොත්තුවක් දෙයි.."
මම එහෙම කියලා දිවත් දික් කලා.

ඒත් ඌ මන් කිව්ව දේ ගණන් ගත්තෙවත් නෑ. වට පිට බල බලා වේගෙන් හුස්ම ගත්තෙ කුලප්පු වුන ගොනෙක් වගේ. ඌට සෑහෙන්න කේන්ති ඇති. දැන් මෙවෙලෙ මූට හොරා අහු උනොත් සිරාවටම හොරාව හිල් වෙන්න අනිනවා.

"මට ඌව අහු වෙද්දෙන්කො. ඉස්සෙල්ලෙම උගෙන් මාලෙ අරන් ඉන්නවා. ඊට පස්සෙ දෙල් වෙන්න නෙලනවා. හරි නෙහ්?"

මම එහෙම කිව්වෙ චමියව කූල් කරන්න. නැත්නම් මෙතන අනෙත් මල් පෝච්චි ටිකටත් කෙලා තමයි. අනෙක මට හොරා අහු උනත් ඌට දෙල් වෙනකම් නෙළන්න නම් අදහසක් නෑ. මේ දෙල් අවාරෙනෙ.

කොහොම හරි චමියා ඉක්මනට කූල් උනා. ඊට පස්සෙ මම කළේ ජනේලෙ එල්ලිලා ග්‍රිල් එකේ කූරු පරික්ෂා කරපු එක. හොඳට ඇස් දෙක යකඩ කූරු වලට ලං කරගෙන බැලුවා. ඒත් පේන්න නම් විශේෂයක් නෑ. ඊට පස්සෙ මම කූරු ඉඹින්න වගේ නහය ලං කරගෙන සුවඳ බැලුවා. නහය කූරු දිගේ එහාට මෙහාට අරන් ගියා. ඒත් මළකඩ ගඳ විතරයි දැනුනේ. ඒ ගමන මම බිමට බැස්සා.

"උඹ බල්ලෙක්ද බන්?."
චමිය ඇහුවෙ ඇස් ලොකු කරගෙන.
"උඹට ඉව දැනෙනවද බල්ලන්ට වගේ..."

"රෙද්දක් නෙවේ. මම මේ බැලුවෙ හොරා මාලෙ ගත්තෙ ජනේලෙන් කෝට්ටක්වත් දාලද කියලා.  එහෙම දැම්ම නම් කෝටු කෑල්ල එහා මෙහා කරනකොට ජනේලෙ ග්‍රිල් කම්බි මැදෙනවා. ඒවයෙ මළකඩ ගැලවෙනවා. නැත්නම් කෝටු කෑල්ල ඇතිල්ලෙනකොට පොතු ගැලවෙනවා. මම ඇස් දෙක කිට්ටු කරලා බැලුවෙ ඒ වගේ දෙයක්. ඒ මොකුත් නැති හින්දා මම නහය ලං කලේ අඩුම තරමේ කෝටු කෑල්ල ඇතිල්ලුනා නම් ඒ ගඳක්වත් තියේද කියලා."

"ම්ම් ආආ.. තේරුනේ...  දැන් තමයි..."

"උඹට දැන් තේරුණාට මන් පලි නෑනෙ. ඒ අස්සෙ උඹ මට බල්ල කියලත් කිව්වා. උඹලට උදව් කරනවට මට ඔහොම කියලා මදි..."
මම කිව්වෙ චමිය දිහා හොරැහින් බලන ගමන්..
උගෙ හතරැස් මූන අටපට්ටම් උනා.

"අනේ අනේ.. අනේ මචං.. මන් එහෙම වැරදියට කිව්ව නෙවේ.."

"හුම්ම්"
මම ගණන් ගන්නෙ නෑ වගේ අහක බලා ගත්තා..

"මකුවෝ?"

"මොකෝ?"

"සොරි මචං"

"හුම්ම්"

"අනේ උඹ තරහා නෑනෙ?"

"නෑ නෑ. මන් ගනන් ගත්තෙ නෑ.."
මන් හිනා වෙලා කිව්වා. ඌ කිව්ව එක ඇත්තටම මන් ගණන් ගත්තෙ නෑ, ඒත් ඌව පොඩ්ඩක් අප්සට් යවන්නයි හැදුවෙ. ඒත් ඌ සිරාවටම අප්සෙට් මූඩ් ගත්තම මට දුක හිතුනා. ඒ හින්දා ඌත් එක්ක හිනා වෙලා ආයෙ ෆිට් උනේ.. මොනවා උනත් ඌ මගේ අතිජාත මිත්‍රයා.

ජනේලෙ ලඟ එහාට මෙහාට කැරකුණාට වටිනා කියන දෙයක් නම් මට හම්බ උනේ නෑ. චමියා දීපු පෝච්චි ඔත්තුව උනත් ඌටම ෂුවර් නෑනෙ. ඒක මටත් අඩමානයි. ඒ හින්දා නංගි ගැන ඇති උන සැකේ අයින් කරගත්තෙ නෑ මම. ඒ වගේම හොරා ගැන අලුත් උන සැකයත්..

හොරෙක් මෙහෙම ආව නම්, අහල පහල කැරකුණා නම් ගෙදර කවුරුවත් දකින්න ඉඩ තිබුනා. එහෙමත් නැත්නම් වටේ පිටේ කවුරු හරි උනත්..  මේ ගමන් වටේ පිටේ ගේකට ගොඩ වෙලා ටිකක් කතා බහ කලොත් කාගෙන් හරි යමක් දැනගන්න බැරි වෙන එකක් නෑනෙ.. මම මේ කල්පනා කලේ කොහේටද ගොඩවදින්නෙ කියලා.. අන්න එතකොට මට මතක් උනා, ශ්‍රියාලතා ඇන්ටිගෙ කඩේ.

ඒ කඩේ තිබ්බෙ චමියගෙ ගෙදර ඉඳන් ටවුම පැත්තට පොඩ්ඩක් දුර යනකොට පාරෙන් අනෙත් පැත්තෙ. ශ්‍රියාලතා ඇන්ටි කියන්නේ අපේ අබිලිං මාම වගේම ගොසිප් මල්ලක්. වෙනසකට තියෙන්නෙ ස්ත්‍රී පක්ෂයේ වෙන එකයි, දවසෙම කඩේ ඉන්න එකයි විතරයි. මේ අහල පහල සිද්ද වෙන ඕනිම ඕපාදූපයක් එතනින් අහගතහැකි. අබිලිං මාම නම් ජංගම ගොසිප්. ඒ හින්දා හොයාගන්න අමාරුයි. ඒ හින්දා මම කල්පනා කලේ යන ගමන් ඒ කඩේටත් ගොඩ වෙන්න. මේ අවට නාඳුනන මිනිහෙක් ගැවසුනා නම්, ඇන්ටිගෙන් අහගතහැකි පට ගාලා.

ඊට කළින් මේ ගෙදරම ඉන්න අබිලිං මාමගෙනුත් අහලා ඉන්න තිබ්බා නම් කියලා මට හිතුනා. අබිලිං මාමා කිව්වට ඇත්ත නම සිරිසේන. අපේ චමියගෙ තාත්තා. ඒ හින්දා මම ගේ ඇතුලට යන්න හැදුවේ මාමව හම්බ වෙන්න. එතකොටම චමියත් කතා කලා.

"මකුවෝ. බඩගිනි බන්.. කාලා ඉමුද?"
මේ කිව්වමයි මතක් උනේ. වෙලාව බැලුවම දවල් වෙලා..
ඉතින් මම ඉස්සර උනා.

"කෝ බන් තාත්තා?.."
මම ඇහුවෙ ගෙට ගොඩ උනාම.

"දන්නෑ බන්. උදේම කොහේ හරි යන්න ඇති."
ඇත්ත තමයි. ජංගම ගොසිප් උනාම ගේ අස්සෙ රැඳෙයියැ?  ඒත් අද උදේ වරුවෙ නම් ගේ අස්සෙම හිටියා මම දැක්කා.

අපි කෑම කාමරේට යනකොට අපිට කෑම ලෑස්ති කරලා වහලා තියලා. ඇන්ටිලා තාමත් ආවෙ නෑ. ඒත් අපි කන්න පටන් ගත්තා. බඩගින්න උඩටම නැගලා නිසා.

කාලා ඉවර වෙලා මම එලියට බැස්සෙ ගෙදර එන්න හිතාගෙන. ඒ ගමන්ම කඩේට ගොඩ වෙලා ශ්‍රියාලතා ඇන්ටිත් එක්කත් චැටක් දාන්න බැරියැ? චමියත් මගෙ පස්සෙන් වැටුනෙ මම තව මොනවා හොයයිද කියලා බලන්න වෙන්න ඇති.

"මම දැන් ගෙදර යනවා බන්, ඉතුරු වැඩ ටික හෙට කරමු."

"මමත් එන්නම්, උඹලෑ අම්ම උඹට කොහොම සලකයිද කියලා මට ෂුවර් නෑ."

ඌ කිව්වමයි මට මතක් උනේ. අද ඇබැද්දිය. ඒක මතක් වෙලා මගෙ ඇඟේ මයිල් කෙළින් උනා. ඒත් අම්ම මේ වෙනකොට ඒ සීන් එක අමතක කරලත් ඇති කියලා මට හිතුනා. ඒ මදිවට දැන් යමින් ගමන් කඩේටත් ගොඩ වෙලානෙ යන්නෙ. ඒ හින්දා තව වෙලා යනවා.

"කමක් නෑ බන්. උඹ ඉඳපන්. අම්මට දැන් ඕවා මතක නෑ. අනෙක මේ යන ගමන් කඩේ ශ්‍රියාලතා ඇන්ටිවත් මීට් වෙලා තව ටිකක් ලේට් වෙලා යන්නෙ.. උඹ ඉඳපන්.."

"අඩෝ ඒකයි එහෙනම්. ඈ? හරි හරි මම ඉන්නම්. ඒත් උඹ මට කිව්වෙ නෑනෙ."

"මොකක්ද?"

"ශ්‍රියාලතා ඇන්ටි ගැන. මරු තමා බන්. ඒත් වයස නම් ටිකක් වැඩී කියලා උඹට හිතෙන්නෙ නැද්ද?.."

"යකෝ... හ්ග් ග්...."
මගෙ උගුරෙ වචන හිර උනා. නැත්නම් කියන්න ගිය එකට ඌට සුළුදිය පහ වෙයි.

"තෝ වගේ හිකනලයෙක් නෙවේ මන්. ඒක දැනගනින් හිවලා."
මට ආපු කේන්තියට මම එහෙම කිව්වට ඌට ඒක ගානක්වත් නෑ වගේ. ඌ මට කින්ඩියට හිනා වෙනවා. උගෙ අර ගඳ ගහන ජරා හිනාව.

"හරි හරි. මම ඉන්නම්කො. උඹ පලයන්කො. හික් හික් හික්"

මම මොකුත්ම නොකියා පාරට බැස්සා. ඌ කෑ ගගහා කියපුවා මට නෑහෙන්න මම වේගෙන් ඇවිදගෙන ගියා.

"බායි මචන්. චෙරියෝ. ගුඩ් මෝනින්. සීයූ. ගුඩ් ලක්.. හැපි වේවා.............."

                                                                                      මතු පෝස්ට් හා සබැඳි...

25 thoughts on “නංගිගෙ මාලේ-04

  1. වයස උනාට ගානක් නැහැ මල්ලියේ ට්‍රයි කොරපන්. එලටම ලියල. ඉක්මනින් මේකේ ඉතිරි කොටසුත් දාපන්කෝ මේ විදියට කුතුහලය ඇවිස්සීම ගැන මාගේ බලවත් විරෝධය.
    කෝරලේ වලව්ව

    ReplyDelete
    Replies
    1. විරෝධය නිශ්ප්‍රභා කරනවා. ගලෝනවා කෝට් බෑය. යුෂ්මතා නරක වැඩකට පොළඹවනව මාව. අඩුම තරමෙ ඇන්ටිගෙ දුවට ට්‍රයි කොරන්න කිව්ව නම්, සලකා බලනවා.

      Delete
  2. අනිත් කොටසත් එනකම් ඉන්නව ඔන්න :) ඉක්මනට දාමු. ජය!

    ReplyDelete
  3. sahena dewal hithuna machan....kyanna mkadda wage.digatama liyan yaaaan..gd luck!

    ReplyDelete
    Replies
    1. thnks ano.
      monawada hebetama hithune? balamu gs karanna.. :-/

      Delete
  4. ලස්සනට යනවා කතාව..! ජංගම ගොසිප් එකකුත් තියනවා එහෙනම්.. :)

    ReplyDelete
    Replies
    1. පළවෙනි කතාවෙත් ජංගම ගොසිප් හිටියා.

      Delete
  5. මේ පැත්තට ආවේ අදමයිද කොහෙද ...කතාව නියමෙට යනවා ...

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස්..
      දිගටම එන්නකෝ.

      Delete
  6. ලස්සනට කතාව ලියලා තියෙනවා මලේ....නියමයි.ඉතුරු කොටසත් ඉක්මනින්ම දාමු....:)

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් ලස්සන සමනලී. :)
      දාන්නක්මො ඉක්මනටම.

      Delete
  7. ම්..වෙනස් ශෛලියක්..දිගටම ලියන්න ස්පයිඩර්..ලස්සනයි..

    ReplyDelete
    Replies
    1. thanks රූ.
      හුඟ දවසකින්.

      Delete
  8. මකූළුවා ඇන්ටිල වටේටත් දැල දානව වගේ... හික්ස්

    ReplyDelete
    Replies
    1. අනේ මෙහ්...
      මන් හොඳ මිනිහෙක්, හරිය?

      Delete
  9. ෴ උගෙ අර ගඳ ගහන ජරා හිනාව ෴

    හි හි ... උඹ ඒකත් ඉම්බද?

    ඉතුරු ටිකත් ඉක්මනට දාපන් මචං. නැත්නම් ෂර්ලොක් හෝම්ස් කියයි,

    “එතන තිබුණු ප්‍රශ්නෙ වොට්සන් අර දැරිවිගෙ නැතිවෙච්ච මාලෙ හොයන එක. මම ගියා නම් ඒක විනාඩි පහෙන් කරන්න තිබුණ“ කියල.

    ReplyDelete
    Replies
    1. අනේ ඉම්බ නම් මෙලහට මන් මැරිලා.

      අනේ ඔය හෝම්ස් ගැන නම් කතා කරලා වැඩක් නෑ. මෑන්ගෙ හැකියාව ගැන නෙවෙයි මන් කිව්වෙ... ගෑනියෙක් දැක්කත් මූට නෑනෙ කිසි හැඟීමක්....

      Delete
  10. දැන් දැන් චමියත් හොඳ හොඳ කතා කියනවනෙ. හික්ස් :) ඊලඟ කොටස කියවන්න තමයි බලාගෙන ඉන්නෙ. ඉක්මනට ලියන්නකො

    ReplyDelete
    Replies
    1. හා හා. චාමි ඒක නෙවේ, ඔයාගෙ කොමන්ට් යන්නෙ ස්පෑම් වලට. මොකද මන්දා...

      Delete
  11. ඉක්මනින් ලියපන් දෙයියෝ

    ReplyDelete
    Replies
    1. හා හොඳයි. මම ගැත්තාට අනුකම්පා කරලා ඉක්මන්ට දාන්නම්.

      Delete
  12. මගෙත් මුල්ම පැමිණීම... පසුතැවෙනව මේ පැත්තට එන්න බැරිවීම ගැන.. ජය!

    ReplyDelete
    Replies
    1. ආවට තෑන්ක්ස් යාත්‍රිකයා.... අර අරකට හෙල්ප් හෙම ඕනි නම් කියන්න. ඈ?

      Delete

හික් හික් හික්...
ඔයාලට මොකක්ද හිතුනෙ මේක කියවද්දි?
මටත් දැනගන්න කොමන්ටුවක් දාලා කියන්නකො.

  • ආයුබෝවේවා

මේ වෙලාවේ

© 2013  boothspider.blogspot.com. Powered by Blogger.