Artisteer 4 හම්බුනා පැච් එකත් එක්ක.

මම ලියන්නෙ ටෙක් බ්ලොග් එකක් නම් නෙවේ. ඒත් මේක හම්බුනාම දෙන්න හිතුනා. අලුතින්ම ආපු artisteer 4 එක පැච් එකත් එක්ක. ඔයාලා දන්නවනෙ. තමන්ගෙම කියලා බ්ලොගර් වර්ඩ්ප්‍රෙස් ටෙම්ප්ලේට් එකක් තමන්ට ඕනි හැටියට හදාගන්න මේක තමා හොඳම. නොමිලේ ඕනි තරම් ටෙම්ප්ලේට් තිබ්බට හිතට හරියන එකක් හොයාගන්න හරි අමාරුයි. හම්බ උනත් මොකක්ම හරි ඇද පළුද්දක් තියෙනවාමයි.නැද්ද මන් කියන්නෙ? 

 ඔන්න මගෙ කතා බලන්න එන යාලුවො තරා වෙන්න එපා. මොකද ගොඩක් බ්ලොගර්ස්ලට මේක වැදගත් නිසයි දැම්මෙ. මේක දැම්ම කියලා මට සෙතක් නෑ. ඒත් අලුත්ම එක හොයපු අයට වටීවිනෙ.?  piratebay එකෙන් ටොරන්ට් එක මෙතනින් අරගන්න. මම චෙක් කරලයි දැම්මෙ.
        
https://thepiratebay.se/torrent/7903461/Extensoft_Artisteer_4.0.0.58475

සුබ නව වසරක් වේවා.....


ඉතින් යාලුවනේ....



මම මේ තකහනියක් දුවගෙන ආවෙ මේක කියලා යන්න. බ්ලොග් හැමේකෙම වගේ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගොඩාක් දේවල් කියලා තියෙනවා. ඒ හින්දා මන් වැඩි දෙයක් කියන්නෙ නෑ..

එළඹෙන්නා වූ නව වසර ඔයාලා හැමෝටම සතුට පිරුණු සිහින, බලාපොරොත්තු ඉටුවන, සුබ නව වසරක් වේවා
...! කියලා මමත් චමියත්, චමියගෙ භාන්ඩෙත්(එලොව සිට) නංගිත්, පොලිස් මාමලත්, යන අපි හැමෝම ප්‍රාර්ථනා කරනවා... 

 

නංගිගෙ මාලේ-04

                                                                                     
                                                                                             මුල් කොටසට...
ජනේලෙ ලඟට ගිහින් මම කලේ ආයෙත් හොඳට ජනේලෙ ලඟ බිම වටේටම කැරකි කැරකි හොයල බලපු එක. මොනවද හොයන්නේ කියලා අදහසක් නොතිබුනත් මොකක් හරි හෝඩුවාවක් නැත්නම් මාලෙවත් හම්බවෙයි කියලා අදහසක් මට නොතිබුනා නෙවෙයි.

ඒත් ම්හු.... මොකුත් නෑ..
ලඟකදි මේ හරියත් හොඳට සුද්ද කරලා දාලා.

මම කැරකි කැරකි ඉද්දි චමියත් මන් ලඟටම වෙලා හිටියා.
"මචං... 
අපි ඊයෙම මේ හරියත් බැලුවා. නංගි මතක නැතුව මාලෙ ජනේලෙ ලඟින් තියලා මෙහෙන් වැටුනවත්ද කියලා.."

"එහෙමද?  හුම්ම්"

"ඒක නෙවේ. උඹට මෙතන හුරු පුරුදුද බන්?.."

"මොක?."

"නෑ උඹ මේ අපේ නංගිගෙ ජනේලෙ අයිනෙ එහාට මෙහාට ඇවිද්දට එක ගලක, මල් පෝච්චියක, කකුළ හප්පගත්තෙ නෑ. ඉතින් මන් හිතුවා උඹ නිතරම වගේ මෙතනට ඇවිත් ඇති කියලා..." 

චමිය මහ කින්ඩි හිනාවක් දැම්මෙ. මම දන්නවා ඒක කිව්වෙ ජෝක් එකට කියලා. ඒත් මට හින්ට් එකක් පාස් කරන්න හම්බුනොත් ඌත් අතාරින්නෙ නෑ.

ඉතිරිය කියවන්න >)))>

නංගිගෙ මාලේ-03


                                                                                                 මුල් කොටසට...
 මම සාලෙට ඇවිත් පුටුවක් උඩ වාඩි වෙලා උඩ බලාගෙන කල්පනා කරන්න ගත්තා. නංගිගෙ මාලෙ ගැන නෙවෙයි. සිවිලිමේ තිබ්බ මකුළුදැල් ගැනයි මම මේ කල්පනා කලේ. වැඩකාරයා වගේ එක වැඩක් ගොඩ දාගත්තට මේකෙදි නම් මම හිර වෙලා කියලා මට දැනුනා. කැලේ වගේ හෝඩුවාවන් හොඳට පැහැදිලිව හිටින්නෙත් නෑ මේ කාමර අස්සේ. තිබුනොත් නම් ඉතින් එලියෙම තමා.

මම ඔහේ කල්පනාවෙ ඉද්දි ඇන්ටියි නංගියි චමියයි තුන් දෙනාම මගේ දිහා බලාගෙන සාලෙටම වෙලා හිටියා. හැබැයි කවුරුවත් මගෙ කල්පනාවට බාධා කරන්න ආවෙ නෑ. ඔහොම ටිකක් වෙලා ඉන්නකොට ඇන්ටිගෙයි නංගිගෙයි ඉවසීම අඩුවෙලා වගේ, මගේ දිහා බලා ඉඳිල්ල ඇති වෙලා අනෙත් පැත්ත හැරුනා. දෙන්නත් එක්ක කුටු කුටු ගගා කුස්සිය පැත්තට යනකොට මම එලියට බැස්සා. චමියා මගෙ පස්සෙන් ආවා.

මම ටිකක් වෙලා කල්පනා කලේ මොනවද මම හොයන හෝඩුවාවන් කියලා. හොරෙක් ආව නම් උගේ අඩි සලකුණු, උගෙ ඇඳුමේ නූල් කෑල්ලක්, නැත්නම් උගෙ ඇඩ්‍රස් එක ලියලා තියෙන විසිටින් කාඩ් එකක්වත් ඌ තියලා ගියාද කව්ද දන්නෙ?

පුහ්... මගෙ මහ ලොකු හැකියාව. හම්බවෙයි මට...

මම බිම බලාගෙන දොරකඩ ලඟ එහාට මෙහාට ගියා. ම්හු. පේන්න දෙයක් නම් නෑ. අනේ අපොයි. මටත් පිස්සුනෙ. හොරෙක් ආවොත් ඉස්සරහ දොරෙන් එයිද? මට තනියෙන් හිනා ගියා මන් ගැනම.

මම මිදුලට බැස්සා. ඊට පස්සෙ බිම බලාගෙනම පිළිකන්න පැත්තෙන් ගේ පිටිපස්සට ගියා. අඩි ලකුණක්වත් වෙන මොකුත් ලකුණක්වත් මට පෙනුනේ නම් නෑ. තිබ්බත් මඩේ එරුනා වගේ තිබ්බොත් මිස මගේ ඇහැට පේන්නෙ නෑනෙ?  මට ඒ ගමන මතක් උනේ සේනාරත්න මහත්තයව. එයා හිටියා නම්...

ඉතිරිය කියවන්න >)))>

චමියගෙ භාන්ඩේ ඊබුක් කලා.



මගෙ පලමු බ්ලොග් අඩවියේ මුල්ම කතාව 'චමියගෙ භාන්ඩේ'. මේ බ්ලොගය පටන්ගත්ත දා ඉඳලා ගොඩක් යාලුවො එකතු උනා මාව කියවන්න. පෝස්ටුවෙන් පෝස්ටුවට මාව දිරිමත් කලේ එයාලා. ඒත් අතර මැදදි මේ බ්ලොගෙට එන කස්ටියට, විශේෂයෙන්ම බ්ලොග් ලෝකෙට අලුත් අයට, තව ෆ්‍රී ඩේටා අඩු කට්ටියට, සිග්නල් අඩු, කනෙක්ෂන් එක ස්ලෝ කට්ටියට, බ්ලොග් අඩවිය පීර පීර මුල ඉඳන් පෝස්ට් කියව කියවා එන එක වදයක්. කම්මැලි වැඩක්.ඒ වගේ අය වෙනුවෙන් මේ ඊබුක් එක දාන්නේ. මේක පොතක් පල කිරීමක් නෙවෙයි. කර්තෘ හිමිකමක් කියලා දෙයක් නෑ. මේක කැමති කෙනෙකුට කැමතිදේකට ගතෑකි. ඒත් දාපු පින්තූර නම් ගූගලෙන් ගත්ත ඒවා. ඒවයේ හිමිකම් ඒ ඒ අය සතුයි. මේක නිදහසේ කියවලා තමන්ගෙ අදහස එක පාර කොමන්ට් කරන්න පුලුවන් විටෙක ඇවිත් යන්න මගේ පරීක්ෂණ රහස් කතා බ්ලොග් අඩවියටත්….

මේක ඩවුන්කරගන්න. මම දැම්මෙ ඇඩ්ෆ්ලයි හරහා. දන්න කස්ටිය, ගන්න කස්ටිය, මෙතනින් ගිහින් ගන්න. නොදන්න කස්ටිය පහලින් බලාගන්නකෝ.




ගියාම එන පිටුවේ තත්.5ක් හිටියම පිටුවේ උඩ වම් පැත්තේ මේ වගේ පෙන්නයි. 

එතන "skip ad" click කලාම බඩු හම්බෙනවා. 
නැත්නම් ඊලඟ පේජ් එකට යැවෙයි. ඒකෙ මෙන්න මේක ඔබන්නකෝ. 

... හරි නොගියොත් කියන්න ඈ.....  

නංගිගෙ මාලේ-02

http://bloggers.com/post/5-situations-in-life-when-you-must-run-3844529 

                                                                                                            මුල් කොටසට...
මම අහස පොලොව ගැටලන්න වගේ කල්පනා කලා. බීම එකත් ඉස්මොලේ ගිය එක හින්දා මොලේ පෙඟිලා. වයර් ශෝට් වෙලා. වැඩ කරන්නෙ නෑ. ඒ හින්දාමද මන්දා, මට කිය උනා..

"හා ඇන්ටි. මන් බලන්නම්..."

ඒ ගමන ඇන්ටිගෙ මූන මලක් වගේ පිපිලා ගියා. සිරාවටම නංගිගෙ මූනෙ ලස්සනත් මට අමතක වෙලා ගියා. චමියගෙ අම්මටත් මාර ලස්සන හිනාවක්නෙ තියෙන්නේ. ඉතින් මාත් හිනා උනා.
ඒ ගමන ඇන්ටි ආයෙත් හිනා උනා. මාත් ටිකක් වැඩියෙන් කට පළල් කලා. ඇන්ටිට උනත් සෙකන්ඩ් වෙන්න බෑනෙ? ඔන්න බලාන්.. ඇන්ටි ඊටත් වඩා ලොකුවට.....
අපොයි මේ ඇති. මම පරාජය බාරගත්තොත් හොඳයි....

මම හිනාව මුලටම බස්සලා අහක බලාගත්තා. ඒ ගමන තමයි දැක්කේ, නංගි මගේ දිහා බලන් හිටපු හැටි. හොල්මනක් දැකලා වගේ පුදුම බයකින්. එයාගෙ ඇඟිලි තුඩුත් යන්තම් ගැහෙනවා මම හොඳට දැක්කා.
ම්හ්හ්..... කෙල්ල බය වෙලා..  ඒත් මොකටද? මගෙ මූනටද?  නැත්නම් මාලෙ හොයන්නම් කියල මම කිව්ව එකටද?
ඒත් ඒකට බය වෙන්නෙ මොටද? සතුටු වෙනව මිසක්??
හ්ම්ම්. මගෙ මූනෙ හැටියට තමයි මේ....

ඉතිරිය කියවන්න >)))>

නංගිගෙ මාලේ-01

මට අද උදේ පාන්දරින්ම ඇහැරුනේ කාක්කෙක්ගෙ කෑ ගැහිල්ලකට. මම එක ඇහැක් ඇරලා ඇඳ අයිනෙ ටේබල් එක උඩ තිබුන ටයිම්පීස් එක දිහා බැලුවා. ඒකෙ එලාම් එක මගෙ අතින් 'බැරි වීමකින්' සවුත්තු වෙලා තිබුනේ.  අපෝ තාම නවය හමාර පහු උනා විතරයි. අර කාලකණ්නි කාක් හින්දා අද පාන්දරින් ඇහැරෙන්න උනා. වෙනදා නම් මාව අහරවන්නෙ අම්මගෙ බාල්දිය හරි චමියගෙ බාල්දිය(කට) හරි තමයි.

මම කොට්ටෙ අරගෙන ඔලුව වහගත්තෙ තව ටිකක් නිදි සැප විඳින්න හිතාගෙන. ඒත් නිදිමත මේ ටිකට කොහේ ගියාද මන්දා. නින්ද යන්නෙ නෑනෙ. මම නැගිටලා බෙඩ් එකේ වාඩි උනා. අන්න එතකොට තමයි මට ඇහුනෙ කටහඬවල් දෙකක්. එකක් අම්මගෙ. අනෙක.......?
හපොයි, චමියගෙ......
මේ පාන්දර කාක්කෙක් කියලා හිතිලා තියෙන්නෙ උගෙ කටහඬටද මන්දා.

ටිකක් වෙලා අම්ම එක්ක භජනෙ දාපු එකා මේ කාමරේ පැත්තට එනවා මට ඇහුනා අඩි සද්දෙන්. අදත් ඉස් ඉසෙල්ලම මුගෙ හඩු මූන දැක්කොත් අද දවසත් කාලකන්නි වෙයි. මොනවද කරන්නෙ? මම ඔලුව දෙපැත්තට ගැසුවා. එතකොට ඔලුවෙ කුනු එහාට මෙහාට වෙලා මොලේ පැහැදිලි වෙනවනෙ..

පිස්සා වගේ ඔලුව වන වනා ඉන්නකොට මම දැක්කෙ මගෙ කිලුටු රෙදි දාන කූඩෙ. මගෙ කොච්චර කිලුටු රෙදි තිබුනත් කවදාවත් ඒකට රෙදි දාල නෑ. කූඩෙ වටේට බිම තමයි දාන්නෙ.

තවත් හිත හිත ඉන්නෙ නැතුව මම පැනපු ගමන් ගත්තා කූඩෙ. දොර අයිනට වෙලා ඒකත් උස්සගෙන හිටියෙ ඌ ඔලුව දානකන්....

ඉතිරිය කියවන්න >)))>

මොකද හැබෑටම කොරන්නේ?......

යාලුවනේ.
මම අලුත් කතාවක් ඉක්මනින්ම දෙනවා කියලා ගියා ගියාමයි ආවෙත් අද.  :D
 
තරහා වෙන්න එපා ඉතින්. ඒත් මට නිකන් මොකක්ද වගේ තිබ්බා ඊලඟ කතාව ලියන්න.
මගෙ ඔලුවේ කතා දෙක තුනක් තියෙනවා ගොඩ ගැහිලා. කොයික ලියන්නද මන්දා ඉස්සෙල්ලම. මම මුලින්ම ලිව්ව එක ටිකක් ලොකු බැරෑරුම් එකක් හින්දා මම තීරණ
ය කලා ඊලඟට සිම්පල් ප්ලෑන් එකක්ම ලියන්න ඕනි කියලා.  ඒත් ආයෙත් මම හිතුවා මේ ලියපු එකේ හැටියට සිම්පල් 1ක් ලිව්වොත් කට්ටියට එපා වෙයි කියලා.
ආයෙත් ටිකක් කල්පනා කරලා හිතුවා මේ ලිව්වා වගේම දිග එකක් ලියන එක හොඳයි කියලා. ඒත් කට්ටියට කම්මැලි හිතේවිද මන්දා. කතාව දිග උනාම ගොඩක් ඇද ඇද යැවෙනවාමනෙ. 

ඉස්සෙල්ලම කොයික ලියන්නද මන්දා.   ඒ විතරක්ද? මගෙ ඔලුවේ කතා වලට වඩා ගොඩක් දේවල් තියෙනවා ලියන්න නම්. ඒත් කතා කියවන්නනෙ ඔයාලා එන්නෙ. ඉතින් කතා නැතුව වෙනින් දේවල් ලිව්වොත් ඒත් එපා වෙයිද කියලා මට හිතෙනවා.
( එහෙම වෙයි කියලා චමියත් මාව බය කරනවා. )
කාටවත් එපා වෙන්නෙ නැති එකක් ලියන්න මම දහ අතේ කල්පනා කරනවා. කල්පනාව මිසක් ලියන්න කම්මැලී. දෙතුන් පාරක්ම ලියන්න ලෑස්ති වෙලා ආයෙත් මම හිතනවා.

මේක මන් හිතන්නෙ අලුතෙන් බ්ලොග් එකක් ලියන්න පටන් ගත්ත ගොඩක් දෙනෙක්ට හැදෙන ලෙඩක්.... තමන් ලියන දේ කට්ටියට අල්ලලා යයිද? නැත්නම් එපා වෙයිද? බයේ බෑ......

මොකද හැබෑටම කොරන්නේ?......   :-(

චමියගෙ භාණ්ඩේ-13 අවසානය.

                                                                                                මුල් කොටසට...
"ඒ කොල්ලා සුදුයි. පෙනුමයි...
දිග කලිසමක් ඇඳන් ඉන්නෙ. ඒ හින්දා කකුල ගැන මොකුත් කියන්න බෑ මට.
මිනිහ එතනින් හෙල්ලෙන්නෙත් නෑනෙ.
නැත්නම් තුවාලෙ ලොකු හින්දා කොර ගහන්න ඉඩ තියෙනවා.
 මේ මිනිහ නැති වෙලාවට වයිෆ්ගෙ තනියට තියලා ගිය කෙනෙක් නම්, ගෙදරට ගොඩක්ම විශ්වාසවන්ත කෙනෙක් වෙන්න ඇතිනෙ."

"ඔව් ඉතින්?..."

"ඉතින් සර් තනියම ඉන්න ගෑනියෙක් ලඟින් ලස්සන කොල්ලෙකුත් තිබ්බොත්?..."

සාජන් මහත්තයගෙ කට කොනකට හීන් හිනාවක් ආව...
"ඒකත් හැබෑව.."

"මට හිතෙනවා සර් මේ දෙන්න අතරේ මොකුත් සම්බන්ධයක් තියෙන්න ඇති. ඒත් මොකක් හරි ප්‍රශ්නයක් දෙන්න අතර ඇති වෙලා ඒක ලොකු රණ්ඩුවකට හැරිලා මේ කොල්ලා මේ අපරාදෙ කලා කියලා...."

"ඔව්.. ලස්සන කොල්ලෙක් හින්දා තනිපංගලමේ ඉන්න කෙල්ලෙක්ගෙ හිත යනවා තමයි. අනික තනියම ඉන්න තරුණ කෙල්ලෙක්නෙ..."

"මේ කොල්ලාම මේක කරා කියලා තවමත් හිතන්න බැරි උනත් කරපු අපරාධකාරයට තියෙන්න ඕනි හැඩහුරු

ඉතිරිය කියවන්න >)))>

චමියගෙ භාණ්ඩේ-12


                                                                                                        මුල් කොටසට...
 සාජන් මහත්තයා අඩි දෙක තුනක් තියන්න ඇති. එයාගෙ ෆෝන් එක රින්ග් වෙන්න ගත්තා.

"වීරසිංහ? මොකද?.
හ්ම්ම්??
හ්ම්ම්..."

ටිකක් වෙලා සාජන් මහත්තයා අහගෙන හිටියා.
"එහෙනම් තමුන් ඇහැ ගහගෙනම ඉන්නවා. දැන්ම මොකුත් කරන්න එපා.."

සාජන් මහත්තයා එහෙම කියලා කෝල් එක කට් කරලා ෆෝන් එක සාක්කුවට ඔබාගත්තා.

"වීරසිංහ කතා කලේ....
මිනිහෙක් ඉන්නවාලු සැක සහිත. මිනිහා ටිකක් වයස පාටයි කිව්වා. හරි කලබලෙන් වගේ එහාට මෙහාට යනවා. හැමෝම එක්ක කතා කරනවා, පොලීසියෙ අයට කිට්ටු වෙලා විස්තර අහනවා. වීරසිංහගෙනුත් අහලා. වීරෙත් ටිකක් කතාවට වැටිලා. ඒ මිනිහා කියන්නෙම කෙල්ල පැනලා ගිහින් වෙන්න ඇතිලු. ඒ අදහස හැමෝටම කාවද්දන්න මිනිහා ලොකු ට්‍රයි එකක් දෙනවා කියලා තමා වීරසිංහ මට කිව්වෙ...."

"මිනිහගෙ උස කොහොමද?.."
සේනාරත්න මහත්තයා ඇහුවා.

"ඒක නම් හරියටම කිව්වෙ නෑ. සාමාන්‍ය තරමේ කෙනෙක් කියලා තමා..."

"සර්.. කකුලේ තුවාලේ?..."


ඉතිරිය කියවන්න >)))>

චමියගෙ භාණ්ඩේ-11

                                                                                                                              මුල් කොටසට...
 මට හැපි.. ඇයි ඉතින් ලොකු ප්‍රසංශාවක් හම්බුනානෙ. මම ආඩම්බර හිනාවක් මූනට දාගත්තා චමියට පේන්න. ඊට පස්සෙ ආයෙත් කතාවට
අවධානය යොමු කරා.

"ඒත් මේ මිනිහට තුවාල උනේ කොහොමද?..
මේ කෙල්ල මැරෙන්න කලින් මිනිහත් එක්ක රණ්ඩු කරලද?..."

සාජන් මහත්තයා ඇහුවා.

"නෑ ජයේ. මම හිතන්නෑ. මොකද, මුල ඉඳන් මම බලාගෙනමයි ආවෙ. මේ තුවාල උනු ලකුණු මම දැක්කෙ අර අත කපපු හරියෙ ඉඳන් එද්දි. ඊට කලින් එක ලේ පැල්ලමක්වත් නෑ..."

"සර්.. මට මෙහෙමත් හිතෙනවා..."

මමත් අදහසක් දැම්මා.

"මේ මිනිහා අතේ පයේ වැඩට සූරයෙක් නෙවේ කියලා මට කලින්ම හිතිලා තිබුනා.මිනිහා අත කපන අතරේ තමන්ගෙ කකුලත් කපාගන්න ඇති. හදිස්සියයි, නුහුරු කමයි එක්ක. මම උනත් කෝටුවක් කපාගන්න ගියහමත් ඇඟිල්ලක් හරි කපාගන්නවා. ඒ හැටි..."

සාජන් මහත්තයා ඔලුව වැනුවා.


ඉතිරිය කියවන්න >)))>

චමියගෙ භාණ්ඩේ-10

                                                                                                              මුල් කොටසට...       
 මමයි, සාජන් මහත්තයයි, සේනාරත්න මහත්තයයි, කතාවක් නැතුවම ආයෙ ලේ ගොඩ තිබුනු තැනට ආවා. අපරාධ පරීක්ෂණ අංශයෙන් පරීක්ෂා කරලා ඉවර වෙනකන් මේ හරියෙවත්, අත තිබුනු තැනවත් තව දුරටත් අවුල් නොකර තියමු කියලා සේනාරත්න මහත්තයා කිව්වා. මටත් හිතුනා ඒක හොඳයි කියලා. අනෙක මගෙ වැඩ හින්දා මේ තැන් අවුල් වෙන එක පොලීසියට බාධාවක් වෙනවා කියලා මමත් තේරුම් ගත්තා.මම වගේ කිරි සප්පයෙක් කියපු කතා ටිකක් හින්දා (ඒවා හරි ගියා උනත්,) පොලීසියට එයාලා අපරාධ පරීක්ෂණ කරන සම්මත විදිහ වෙනස් කරන්න බෑනෙ? හරි නම් මෙතනට මගේ මැදිහත් වීමත් බාධාවක්. සාජන් මහත්තයා කොහොම හිතුවත්.....

ඒත් මෙහාට ආවෙ පොලිස් නිලධාරි මහත්වරු කීපදෙනයිනෙ. ඒකත් අතුරුදහන් වීමක් හොයන්න මිසක් අපරාධ පරීක්ෂණයකට නෙවෙයිනෙ. අනෙත් පොලිස් ටීම් එක එනකන් ඉන්න අමාරු හින්දයි සාජන් මහත්තයා මාවත් අඬගහගෙන  මේකට ආවෙ. එක අතකින් ඒකට වැරදි කියන්නත් බෑනෙ? සාමාන්‍ය පුරවැසියො හැටියට අපේ යුතුකම් පොලීසියට උදව් කරන එක...

"චටාස්.."


ඉතිරිය කියවන්න >)))>

චමියගෙ භාන්ඩේ-09

                                                                                                                 මුල් කොටසට...
සාජන් මහත්තයා එතනට කඩා බිඳගෙන ආවෙ කැලේ පොඩි කරන්න එපාය කියලා දැන් ටිකකට කලින් කියපුව අමතක වෙලාද කොහෙද. ඒත් මට අමතක නෑනෙ.මම හෙමින් හෙමින් ගියා එතනට. මම යනකොටත් සාජන් මහත්තයගෙ සද්ධන්ත සරීරෙ එතන හොඳට මට්ටම් කරලා තිබුනා. සේනාරත්න මහත්තයා ලඟින්ම සාජන් මහත්තයා ඇන තියාගෙන ඉන්නවා.

ඒ දෙන්නගෙම අවධානෙට යොමු වෙලා තිබුනෙ අපි හොයපු අත.

ඒකෙ හැටි දැක්කම මට වමනෙට වගේ ආව. අත වටේටත් ලේ ගලාගෙන ගිහින්, අත නිකම් දෙකක් විතර සයිස් එකකට ඉදිමිලා නිල් පාට වෙලා. කුනු වේගෙන එන පාටයි. ඊටත් වඩා ගඳ?  මෙහෙම ගඳක් දැනිලම නෑ. ඒත් ගොඩක් ඈතට ගඳ පැතිරිලා නෑ. ඒකයි ලඟටම යනකම් නොදැනුනේ. ඊයෙනෙ මේක සිද්ද වෙලා තියෙන්නෙ.

මේ අත භාන්ඩෙගෙයි කියන්න තවම සාක්ෂි නැති උනත් මට හිතෙනව එයාගෙයි කියලා. කොහොම උනත් තව හොයලා බලලම තීරණය කරන්න ඕනි.

මමත් එතනින්ම පහත් උනා. සේනාරත්න මහත්තයා නම් හැරිලවත් බැලුවෙ නෑ. සාජන් මහත්තයා හැරිලා බැලුවෙ බොහෝම ගවුරව පුරස්සර විදියකට. ඇයි දෙයියනේ මම කියපු දේ කෙහෙල් ගහකට ඇන්නා වගේ හරි ගිහින්නෙ? කෙල්ලගෙ අත හම්බුනානෙ?


ඉතිරිය කියවන්න >)))>

චමියගෙ භාණ්ඩේ-08


                                                                                                    මුල් කොටසට...

"සර් මට පිස්සුය කියලා නම් හිතන්න එපා. ඒත් මම දක්ක දේවල් වලින් මට හිතෙනවා...."

මම පොඩ්ඩක් එහෙට මෙහෙට ඇඹරුනා. මට හිතෙන දේ වරදීවි කියලා හිතට බයයිනෙ. ඉතින් මේක කියාගන්නත් නිකම් මොකක්ද වගේ.

"පිස්සු නැතුවට ඉතින් කියනවා... "

කරුනාවන්ත සාජන් මහත්තයගෙ කරුනාව කොහෙන් ගියාද නෑ. ඉවසිල්ලක් නැතුව මිනිහා නලියන්න ගත්තා. මූනත් නිකන් කුනු වෙච්ච දොඩම් පලුවක් වගේ උනා.. ඒත් කියන්නේ මේක කියාගන්න මට තියෙන අමාරුව මමනෙ දන්නෙ...

"සර්...
අපි පොඩ්ඩක් මේ වටේට ඇවිදලා බලමුද...?"

"ඒ මොකටද...?"

මම කාරනාව කියන්න හදන හින්දද කොහෙද කරුනාවන්ත පෙනුම ආයෙත් මූනට වැඩියා.


"මේ කෙල්ලගෙ අත හොයාගන්න...


ඉතිරිය කියවන්න >)))>

චමියගෙ භාණ්ඩේ-07

                                                                     මුල් කොටසට....
රෙදි කෑල්ල පොඩියි. හොඳට මඩ ගැවිලා තිබුනත් තැනින් තැන ඒකෙ පාට පේන තරමට තිබුනා.අඳුරු රතු පාටයි.  අඳුරුවට තිබුනෙ මඩ ගැවිලා හින්දද මන්දා. ඒත් රෙදි කෑල්ල රතු එකක් කියලා පේනවා.

"පුතාට මොනවද පේන්නෙ?.."

සාජන් මහත්තයා මගෙන් ඇහුවෙ කලින් කිව්ව වගේ මගෙ අනුමාන ටික අහගන්න වෙන්නැති.

"රෙදි කෑල්ල නම් රතු පාටයි වගේ.."

මම කිව්වෙ ටිකක් වචන බර කරලා අවිශ්වාසෙන් වගේ කටහඬ හදලා. මම එහෙම කිව්වෙ හේතු 2ක් උඩ. මම අනුමාන කරපුවා වැරදුනොත් චා වෙලා චොර වෙනවනෙ.චමියත් බලන් ඉන්නවා.
අනෙක මගෙ ඒව කරුමෙට වත් හරි ගියොත්? මෙතුමා හොයාගත්තා වගේ රටට කියයි. මගේ හැකියාවට හුලං වදී.

මගෙ කටහඬින්ම වැඩේ හරියන්නෙ නෑ කියලා තේරිලාද මන්දා, සාජන් මහත්තයා මගෙ ලඟින් අයින් වෙලා සේනාරත්න ලඟට කිට්ටු කලා.

ඉතිරිය කියවන්න >)))>

චමියගෙ භාණ්ඩේ-06

                                                                                 මුල් කොටසට....

මම තක්බීර් උනා. හරි නම් දැන් පොලිස් පරීක්ෂණයක් පටන් ගන්න ඕනි මෙතන. අපි වගේ අය ඉවත් කරලා මෙතැන හොඳට වට කරලා හෙම. ඒත් මේ සාජන් මහත්තයා මට අඬගහනවා සර්ච් එකට එන්ටර් වෙන්න කියලා. මෙහෙමත් චාන්ස් වදිනවද අපිට. ඈ? ඒත් සාජන් මහත්තයා එහෙම ඇහුවම කොයි ගොනාද එපා කියන්නෙ?මමත් හා කිව්වා.

"හැබැයි පුතේ, මම ඔයාට එන්න කිව්වෙ ඔයා අපිට කරපු උදව්ව හින්දයි. මොකුත් නොකර පැත්තකින් එන්න දෙන්නම. හොඳද?... ඒ වගේම මේ දේවල් ගැන සද්ද නොකර ඉන්නත් ඕනි."

මම ඔලුව වැනුවා.

"අනෙක, ඔයාලා වගේ කොල්ලො තමයි මේ කැලෑ මණ්ඩිය ගැන හොඳට දන්නෙ. අපිට මෙහෙ මොන පැත්තකට සර්ච් කරන්න වෙයිද දන්නෙත් නෑනෙ. ඒකයි වැඩියමත් එන්න කිව්වෙ....."

මම ආයෙත් වැනුවා.(ඔලුව)

එහෙනම් මේ අපිට ආදරේට නෙවේ එන්න කිව්වෙ? අපේ උදව් ඕනිවට...

ඉතිරිය කියවන්න >)))>

චමියගෙ භාණ්ඩේ-05


                                                                                                                         මුල් කොටස...
මම චමියා කලින් හිටපු තැනට ගියා. සද්දෙ එන පැත්තට පිටු පාල පටන් ගත්තා සිංදුවක් කියන්න.(මුත්‍රා කරන්න). නිකන්ම නෙවෙයි. චමිය කරපු විදිහට ඔලුවයි පස්සයි වන වනා. හැබැයි පිටිපස්ස බැලුවෙ නෑ.

සර සරය ආයෙත් ඇහුනා ලඟින්ම. ඒ ගමන්ම නැවතුනා. මමත් ඇක්ටින් පාර දාගෙනම හොඳින් කන් දීගෙන හිටියා. මෙලෝ සද්දයක් නෑ. මට පිටිපස්ස බලන්නත් ඕනි වගේ. ටැංකියත් ඉවර වේගෙන ආවා........

මම හැරිලා බලන්න හදන්කොටම ආයෙත් සර සරය ඇහුනා. හැබැයි මේ පාර නම් සර සරයක් නෙවෙයි. බර බරයක්...  මගෙ ඔලුව නිකන්ම හැරවුනා..

මොන...? මෙලෝ යකෙක් නෑ. සර බරය ඉක්මන්ට මගෙන් ඈතට යන සද්දෙ නම් පැහැදිලිව ඇහුනා.හැබෑටම කවුද මේ? කවුරු උනත් හරි පරෙස්සමෙන්,

ඉතිරිය කියවන්න >)))>

චමියගෙ භාණ්ඩේ-04

                                                                                    මුල් කොටසට... 
මට කිසි දෙයක් හිතාගන්න බැරි උනා එක පාරටම. පොඩ්ඩක් වට පිට බලනකොට දැක්ක වටේටම පඳුරු, තණකොළ පොඩි වෙලා.මැද හරියෙන් චමියගෙ මූන විතර ලොකුවට රවුමට වගේ ලේ එකතු වෙච්ච පැල්ලමක්. ඒ වටේටම පඳුරු වලත් ලේ පැල්ලම්. හරියට මාලු කපන තැනක් වගේ ලේ පැල්ලම් විසි වෙලා.මට චමිය දිහා බැලුනා.

අනේ අහිංසකයා. මීටර් 1500 දුවන්න වගේ ස්ටාන්ස් එහෙක ඉන්නෙ, ඇඟ ගෙවල් පැත්තටයි ඔලුව මගේ පැත්තටයි දාල.

"අනේ මචං, මෙතනින් යන්... ගිහින් පොලීසියට කියමු...."

"ම්ම්ම්??? උඹ දුවලා පලයන්.. ගිහින් පොලීසියෙ කාට හරි කියලා එක්කන් වරෙන් මෙහෙට. හැබැයි මෙතන ඉඳන් ගේ ලඟට යනකොට දුවන එක නතර කරලා වටේ ඉන්න මිනිස්සුන්ට වෙනසක් පේන්නෙ නැති වෙන්න පලයන්.
නැත්නම් රොත්ත පිටින් දුවන් ඇවිත් වනසයි මෙතන....
දන්නවනෙ ඉතින් අපේ අය?.."

"ඇයි උඹ එන්නැද්ද?.."

"මම ඉන්නම්.. උඹ ගිහින් වරෙන්...
 ඉක්මන් කරපන්..."

ඉතිරිය කියවන්න >)))>

චමියගෙ භාණ්ඩේ-03


                                                                                මුල් කොටසට.... 
අපි භාන්ඩෙගෙ ගෙදර කිට්ටු කරනකොට සෙනග පිරිලා ගේ ඉස්සරාට වෙලා කසු කුසු ගානවා. අපිත් ඔලුව දාල බැලුවා. ගේ දොරකඩ ජීප් එකක් තියෙනවා. පොලිස් මාත්තුරු දෙන්නෙක් ගෙදර මනුස්සයා එක්ක කතාවක. දුරින් උන්නු හින්දා ඇහෙන්නෙත් නෑනෙ. මම වට පිට බැලුවෙ ගොසිප් ටිකක් අහගන්න කවුද ඉන්නෙ කියලා. බලන කොටම ඉන්නවා ඉස්සරහින්ම. කෝපි කඩේ අබිලිං මාමා.
(සොරි හොඳේ, අපේ චමියගෙ තාත්තා.)
මිනිහත් නියම වැඩ කරන්නෙ. උදේ පාන්දර කුකුලටත් කලින්
අහරිනවා, ඊට පස්සෙ කුකුලවත් ඇහැරවලා උදේට කන්නෙ, බොන්නෙ, (මූන හෝදන්නෙ, දත් මදින්නෙ,) වත් නැතුව ගම වටේ යනවා. වෙන මොකටවත් නෙවේ.ගමේ කාටවත් කරදරයක් දුකක් වෙලාද බලන්න. බලලා පුලුවන් උදව්වක් කරන්න. ඒ අතින් අපේ චමියගෙ කපාපු පලුව. පුතාගෙම තාත්තා.

...."ආ සිරිසේන මාමෙ?..."

මමත් පනාව දාගත්තා. අබිලින් කිව්වෙ ආදරේට. ඒක තමා පැට් නේම් එක.

ඉතිරිය කියවන්න >)))>

චමියගෙ භාණ්ඩේ-02

                                                                                                                           මුල් කොටසට..... 
මම චමියට සයින් කරන් ලිඳ ලඟට ආවා. ඌත් පස්සෙන් ආවා. මම හැදුවෙ අම්මගෙ අහලකින් මාරු වෙලා කතාව හොඳට අහගන්න.

"හරි මයිනො දැන් කියපන්.."

"නොදකින් හිකනලයා.. තොට දැන් මම මයි නෙක්ද? මොන කතාවද යකෝ?.."

"අර කතාව... "

"ඇයි මන් තොට කිව්වෙ?.."

"..චුට්ටයිනෙ?..."

"ඉතින් එච්චර තමා. මන් ආවෙ තව විස්තර ටිකක් හොයාගන්න ඒ පැත්තෙ යන්න උඹවත් අඬගහගෙන... " 

අනේද කියන්නෙ?
මූ හින්දා ලිඳ ලඟටත් ආවෙ මේ කතාව අහගන්න. වස නෝන්ඩියනෙ. ඉතින් මම ලිඳට ආවෙ හරියට දත් මදින්න වගෙ ටූත් පේස්ට් එකත් අතට ගත්තා. ගත්තමනෙ මතක් උනේ. බුරුස් එක කාමරේ. මොනවා කරන්නද? මට කම්මැලි හින්ද......
එක්කො මූව යවනවා.

ඉතිරිය කියවන්න >)))>

චමියගෙ භාණ්ඩේ-01





"හඩු දෑස දුටුවාම..... දැනෙනවා ගඳ බෝම....."
...........
චමියගෙ චූන් එක..

හපෝ වසලා හමාරයි. ෂුවර් එකටම මූට එන්න කියන්න ඇත්තෙ අපෙ අම්මා.මොකද කම්මලේ බල්ලට වගෙ මමත් අම්මගෙ දේශනා වලට හොඳට හුරුයිනෙ. ඉතින් මාව ඇහැරවගන්න නම් චමිය තමා බඩුව. උගෙත් සද්දෙට නෙවෙ මන් ඇහැරෙන්නෙ.
ගඳට.

..."සුදෝ...? මගෙ පන... ඇහැරපන් මයෙ අම්මා......."
චමිය ලගටම ඇවිත්....
මම ෆුල් ට්‍රයි දුන්න නහය වහන් ඉන්න. කොහෙද ඉතින්?
නහය වහන් හිටියට කට ඇරිලනෙ? උරුලෑ ගඳ කටෙන් දැනෙනවා.

"බොල ගල් හිවලෝ... කට වහගෙන කතා කරපන්.. නැත්නම් මම මැරෙන්නෙ තොගෙ කටේ ගඳට. "

අම්මප මුගෙ මුඛයයි අධෝ මුඛයයි උපදිනකොට මාරු වෙලා. ඒකයි මට මේ තරම් සෝ සුසුම්....

"ආන්න නරක සමලියා.. තෝ මට හිවල කිව්වනෙ? තෝ මහ නරකයා බන්.."
මූ එක අතකින් කට වහගෙන මට කිව්වා.

ඉතිරිය කියවන්න >)))>

ඔන්න පටන් ගත්තා.

මම SPIDER. මට ඉංග්‍රීසියෙන් කියන්නෙ මකුලුවා කියලා. නිකම් නෙවේ. බූත මකුලුවෙක්. කළවානෙ බූත මකුලුවා.
යාලුවො ආදරේටයි තරහටයි 2ටම කියන්නෙ ඕක.ඒත් ඔයාලට මගෙ බූත වැඩ වැඩක් නෑනෙ? මම නිල නොවන "පරීක්ශන රහස්" ලියන, කරන, කරලා ලියන, ජොබක් කරනවා. 
හැබැයි ඔයාල දැනගන්න. මම ෂර්ලොක් හෝම්ස් කෙනෙක් නෙවෙයි.  මෙහෙම කතා ලිව්වට මම වොට්සන් කෙනෙක්වත් සර් ආතර් කොනන් ඩොයිල් වගේ කෙනෙක්වත් නෙවේ. මම ඔය නිතරම ගෙවල් වල අහුමුලු දොරමුලු බාත් රූම් වල හෙම ඉන්නවා වගෙ ජාතියේ අහිංසක මකුලු පැටියෙකි. ඒ හින්දා ඒ පොත් බලලා හුරු අය මගේ කතා වලට හිනා වෙන්න එපා. මට ඇඩෙනවා තනි ඇහැට.
(වරදවා හිතන්න එපා. මම බාත් රූම් වල ඉන්නෙ කවුරුවත් නාන්නෙ නැති වෙලවට හොදේ. ඒකත් මගෙ පරීක්ශන රහස් වැඩ වලටයි.) 
මම මේ වගෙ කතා ලියන්න පටන් ගන්නෙ මේ දැන් ඉදන්. හැබැයි මම ඒ ලෙවල් කලේ සයන්ස් වලින්. මගෙ සිංහල දැනුම නම් බින්දුවයි (දශම එකයි)(0.1). ඉතින් ව්‍යාකරන වැරදි හෙම තියේවි ගොඩක්. කතාවත් හරි නෑ වගේ තියේවි. අනේ ඒවට බනින්න එපා. මට වැරදි කියල දෙන්න. මම හදාගන්නම්. 
ඒ වගේම හිතෙන දේ කොමන්ට් කරලා යන්න. බ්ලොග් ලියන ඈයො නම් දන්නවනෙ කොමන්ට් වල වටිනාකම? ඒ වගේම ඔයාලගෙ සයිට් ටිකත් දාල යන්න. මට ඇවිත් බලන්න.
ආයෙත් කියන්නම්. අඩුපාඩු පෙන්නල විවේචනය කරන්න. ඒත් කුනුහබ්බ කියන්න, බනින්න, හෙම එපා. දැන් කාලෙ ගොඩක් තියෙන්නෙ ගොසිප් නිව්ස්, ටෙක්, ජෝක්, බ්ලොග්. ඉතින් මට හිතුනා මෙහෙම අලුත් විදියක 1ක් කරන්න. ඔයාල මේවා කොපි කලාට කමක් නෑ. මගෙ නමත් මුල්ලක දාල. නැතත් කමක් නෑ.
ඔන්න ඒනම් මමත් පටන් ගත්තා බ්ලොග් එකක්.

  • ආයුබෝවේවා

මේ වෙලාවේ

© 2013  boothspider.blogspot.com. Powered by Blogger.