චමියගෙ භාණ්ඩේ-02

                                                                                                                           මුල් කොටසට..... 
මම චමියට සයින් කරන් ලිඳ ලඟට ආවා. ඌත් පස්සෙන් ආවා. මම හැදුවෙ අම්මගෙ අහලකින් මාරු වෙලා කතාව හොඳට අහගන්න.

"හරි මයිනො දැන් කියපන්.."

"නොදකින් හිකනලයා.. තොට දැන් මම මයි නෙක්ද? මොන කතාවද යකෝ?.."

"අර කතාව... "

"ඇයි මන් තොට කිව්වෙ?.."

"..චුට්ටයිනෙ?..."

"ඉතින් එච්චර තමා. මන් ආවෙ තව විස්තර ටිකක් හොයාගන්න ඒ පැත්තෙ යන්න උඹවත් අඬගහගෙන... " 

අනේද කියන්නෙ?
මූ හින්දා ලිඳ ලඟටත් ආවෙ මේ කතාව අහගන්න. වස නෝන්ඩියනෙ. ඉතින් මම ලිඳට ආවෙ හරියට දත් මදින්න වගෙ ටූත් පේස්ට් එකත් අතට ගත්තා. ගත්තමනෙ මතක් උනේ. බුරුස් එක කාමරේ. මොනවා කරන්නද? මට කම්මැලි හින්ද......
එක්කො මූව යවනවා.


".. මචෝ උඹ දන්නවනෙ මගෙ සේප්පුව? (ඇඳ යට තියෙන කාඩ් බෝඩ් පෙට්ටියකි)අර වටින කියන බඩුමුට්ටු හන්ගන්නෙ?.."

"..හුම්?????..."

".. ඉතින් හොඳ එකා වගේ ගිහින් මගෙ සේප්පුවෙ අඩියෙම ඇති මගෙ බුරුසුව. උඹැත් එක්ක යන මගුලක යන්න එන්නම්. ඒක ගෙනත් දිය...."

චමිය මොකුත්ම නොකියා හැරුනා. මම දැන් එන්නෙ ඒක කරලා දුන්නොත් තමයි කියලා ඌ දන්නව. ඌත් එක්ක බලද්දි මන් හොඳම මිනිහෙක්. ඌ වගේ නෑ. ඌ ඉතින් දත් මදින්නෙත් සුමානෙට එක පාරයි.දත් මැද්දට පස්සෙ කවදාවත් ඒ බුරුසුව ආයෙ පාවිච්චි කරන්න බෑ. කාටද දෙයියනේ බුරුසුවෙ කෙඳි නැතුව දත් මදින්න පුලුවන්?

හුහ්..&*()%$#@^&

ඒ අතින් මම? ඌ වගේ විනාස කාරයෙක් නෙවෙයි. දත් බුරුසුවක් උනත් ඉතාම පරිස්සමෙන් සේප්පුවක තැන්පත් කරගෙන ආරක්සා කරනවා. ඉතාම හදිසියකදි විතරයි එලියට ගන්නෙ.

චමියට බුරුසුව ගේන්න ගොඩක් වෙලා ගියාට මට මගෙ වැඩේ කරගන්න එයින් බාගයක් ටයිම් ගියෙ නෑ. මම කොහොමත් ඉක්මන් කාරයා.

ඊළඟට මම උදේට කාලා චමිය එක්ක එලියට බැස්සෙ උගෙ භාන්ඩෙට මොකද උනේ කියල විපරම් කරල බලන්න. අම්මට නැතත් අපිට තේරෙනවනෙ?  භාන්ඩෙ කිව්වට මේ ලස්සන ගෑනු පරානයක්. වයස 30ක් විතර. ලමයි නෑ. මිනිහ වැඩට ගියාම ගෙදර තට්ට තනියම. මේව මමත් දැනගත්තෙ චමියෑ දිහා ගිය වෙලාවල් වල මූ කියන කතා වලට. මම හරියට දැකල නැතත් රතට රතේ දිලෙන පොත්තක් කියලා දන්නවා. හරියට දැකල නම් නෙවේ. චමිය හලන පැනි තොගේ හින්දා..

කොහොමෙන් හරි අපි චමියගෙ ගෙවලුත් පහු කරන් ආවා. අපිට පේනවා තව කස්ටිය ඉන්නව ස්පොට් එක කිට්ටුව. ගෑනු පිරිමි ගොඩක් රැස් වෙලා.හරියට කරෝල කඩේක මැස්සො ඇහිරෙනව වගේ. අපිත් ඉතින් කිට්ටු කලා........

                                                                                                         මතු පෝස්ට් හා සබැඳි......

One thought on “චමියගෙ භාණ්ඩේ-02

හික් හික් හික්...
ඔයාලට මොකක්ද හිතුනෙ මේක කියවද්දි?
මටත් දැනගන්න කොමන්ටුවක් දාලා කියන්නකො.

Photobucket
Create your own banner at mybannermaker.com!
Sinhala Blog Reader
  • ආයුබෝවේවා

මේ වෙලාවේ

© 2013  boothspider.blogspot.com. Powered by Blogger.