චමියගෙ භාණ්ඩේ-10

                                                                                                              මුල් කොටසට...       
 මමයි, සාජන් මහත්තයයි, සේනාරත්න මහත්තයයි, කතාවක් නැතුවම ආයෙ ලේ ගොඩ තිබුනු තැනට ආවා. අපරාධ පරීක්ෂණ අංශයෙන් පරීක්ෂා කරලා ඉවර වෙනකන් මේ හරියෙවත්, අත තිබුනු තැනවත් තව දුරටත් අවුල් නොකර තියමු කියලා සේනාරත්න මහත්තයා කිව්වා. මටත් හිතුනා ඒක හොඳයි කියලා. අනෙක මගෙ වැඩ හින්දා මේ තැන් අවුල් වෙන එක පොලීසියට බාධාවක් වෙනවා කියලා මමත් තේරුම් ගත්තා.මම වගේ කිරි සප්පයෙක් කියපු කතා ටිකක් හින්දා (ඒවා හරි ගියා උනත්,) පොලීසියට එයාලා අපරාධ පරීක්ෂණ කරන සම්මත විදිහ වෙනස් කරන්න බෑනෙ? හරි නම් මෙතනට මගේ මැදිහත් වීමත් බාධාවක්. සාජන් මහත්තයා කොහොම හිතුවත්.....

ඒත් මෙහාට ආවෙ පොලිස් නිලධාරි මහත්වරු කීපදෙනයිනෙ. ඒකත් අතුරුදහන් වීමක් හොයන්න මිසක් අපරාධ පරීක්ෂණයකට නෙවෙයිනෙ. අනෙත් පොලිස් ටීම් එක එනකන් ඉන්න අමාරු හින්දයි සාජන් මහත්තයා මාවත් අඬගහගෙන  මේකට ආවෙ. එක අතකින් ඒකට වැරදි කියන්නත් බෑනෙ? සාමාන්‍ය පුරවැසියො හැටියට අපේ යුතුකම් පොලීසියට උදව් කරන එක...

"චටාස්.."


මගෙ කනට පාරක් වැදුනෙ මම පිස්සු හිතුවිලි ටිකක් අස්සෙ පාවෙවී ඉන්නකොට. මම හිටියෙ ලේ ගොඩ ලඟම. සාජන් මහත්තයා ආයෙත් කෝල් එකක. සේනාරත්න මහත්තයා කැලේ පැත්තට වැටුනු ලේ පාර ලඟ පොඩි උනු පඳුරු පරීක්ෂාවක. එතකොට මගෙ කන්සෙට ගැව්වෙ?

හහ්, ඒ චමියා.

"මොකද යකෝ???..."

මම ඇහුවෙ දරාගන්න බැරි සන්තෝසෙන් කන අතගාන ගමන්.

"තොට මේ මන් අමතක උනා මේ ඩිංගට..මම උන්නද මලාද බැලුවෙ නෑ. ගියා පොලීසිය පස්සෙන්..... අඩුම තරමෙ තෝ අර අතෙන්ට මට එන්න දුන්නද?...."

ඌ බැනගෙන බැනගෙන ගියා රහසක් කියන විදියට. හිනා මූනකුත් දාගෙන. පොලීසියෙ අය ලඟ ඉන්නවනෙ.

මට හිනා ගියා. මුගෙ බැනිල්ලට නෙවේ. මූ භාන්ඩෙගෙ අත ඉඹ ඉඹ ඉන්න එක ආයෙ සිහියට ආපු හින්දා. ඒත් එක්කම ආයෙ හිතට ආවෙ අප්පිරියාවක්.

මට හිතුනා චමියට විස්තරේ කියන්න. අපි අත හොයාගත්ත වගක් මූ දැක්කෙ නෑනෙ. මටත් මෙතනට ඇවිත් පිස්සු හිත හිත උන්නට මූ ගැන නිකමටවත් මතක් උනේ නෑනෙ. පව් අප්පා...

"උඹෙ භාන්ඩෙ මැරිලා වගේ බන්..."

"හෑහ්?...."

"ස්..ස්... හෙමීට...
අපිට අත හම්බුනා. ඒක කෙල්ලගෙ වගෙයි. අපි දැන් තව උඩහට යන්න හදන්නෙ තව විස්තර හොයාගෙන..."

චමියගෙ මූන බර උනා. ඌටත් දුක නැතුවැයි.මුගෙ හිතේ කොනක හරි ලව් කරන් හිටපු කෙල්ලනේ... මට චමියා ගැන දුක හිතුනා.සිරාවටම ආදරේ නැති උන එක හරි. නිකන් ආතල් 1ට වගේ තිබ්බ එකක් තමයි.ඒත් කෙල්ල මැරුනාම? ඇත්තටම ලොකු දුකක්නෙ දැනෙන්නෙ. මට හිතුනා පොඩ්ඩක් හිත හැදෙන්න වචනයක්වත් කියන එක යාලුවෙක් හැටියට මගෙ යුතුකමක් කියලා.

"මචෝ... දුක් වෙන්න එපා බන්.. උඹ ඒකිට කැමතියි උනාට ඒකි උඹට කැමති නෑනෙ. අනෙක මිනිස් ජීවිතයක් කියන්නෙ මොන තරම් අස්ථිර දෙයක්ද? බලපන්? අපි උනත් අද හිටියා හෙට නෑ.. පන නම් තන අග පිනි බිඳු වැන්නේ කියලා......"

"මොනා අග???...."

" තන අග...
කොහෙද කවියක තිබ්බා.ඒකෙන් කමක් නෑ. උඹ දුක් වෙන්න එපා. හිත හදා ගනින් මචං.. "

"උඹෙ  @#$%&*  නෙවෙයි යකෝ. මට තියෙන අප්සෙට් එක, දැන් උඩහට යනකොටත් උඹ මාව දාල යයිද කියලා..."

අනෙ මුගෙ ලව්...
මට එහෙම හිතුනා..

"නෑ නෑ. මේ පාර උඹව එක්ක යනවා..."

එවෙලෙම සාජන් මහත්තයා කෝල් එක ඉවර කරලා අපි ලඟට ආවා.

"අපි යමුද පුතා?

කට්ටිය දැම්ම එන එකක් නැති වෙයි වගේ සේනෙ... ටිකක් වෙලා යයි කිව්වා..."

සාජන් මහත්තයා අන්තිම ටික කිව්වෙ සේනාරත්න මහත්තයා දිහාට හැරිලා. එයා ඒ ගමන පාත් වෙලා හිටපු තැනින් නැගිට්ටා. නැගිටලා පෙරමුන ගත්තා. සාජන් මහත්තයා නම් මට ඉස්සර වෙන්න ඉඩ දුන්නා. චමියා ආවෙ අන්තිමට. මමයි සේනාරත්න මහත්තයයි ගියේ මග දිගට සෝදිසි කර කර. සාජන් මහත්තයයි චමියයි ආවෙ අපිව සෝදිසි කර කර.

මම හොඳට බලාගෙන ආවෙ තව අහු වෙන්න තිබුනු හෝඩුවා මොනවද කියලා අල්ලගන්න. මොකක් හරි මග ඇරුනොත් කියලා ගොඩාක් පරීක්ෂාකාරී උනා. සේනාරත්න මහත්තයත් එහෙමයි. ඒ හින්දා අපේ ගමන සිද්ද උනේ ගොඩාක් හෙමින්, අඩියෙන් අඩියට නැවති නැවතී. ඒ මදිවට කටු පඳුරු.. ඒ හින්දා ගමන තවත් පමා උනා.

පාර දිගටම බර දෙයක් ඇදගෙන ගිය ලකුනු හොඳට පෙනුනා. ඒ පාරෙ අපිට සාපේක්ෂව වම් පැත්තෙන් ලේ පාර විහිදුනා. මිනිය ඇදන් ගිහින් තියෙන්නෙ උඩුබැලි අතටනෙ. ඒ හින්දා දකුනු අත තිබුනු තැනින් ගලාපු ලේ පාරෙ සලකුණු වෙලා තිබුනේ අපේ වම් පැත්තෙන්. බිම දිගේම ගැවිලා ගිය ලේ කොල රොඩු පඳුරු අඩු තැන් වලදි පොලොවට උරාගත් ලකුනුත් පෙනුනා.

සේනාරත්න මහත්තයා නිතරම නතර වෙවී පහත් වෙලා බිම පරීක්ෂා කලත් මට එච්චර විශේෂ දෙයක් පෙනුනෙ නෑ. සමහර විට සේනාරත්න මහත්තයා අඩි සලකුණු පරීක්ෂා කලාද දන්නෙත් නෑ. ඒත් පැහැදිලිව පේන හෝඩුවා තරම් හොඳට අපැහැදිලි අඩි සලකුණු වගේ හෝඩුවා දකින්න තරම් මගේ ඇස් පුරුදු පුහුණු වෙලා නෑ.

එක තැනකදි මට හොඳටම තේරුනා සේනාරත්න මහත්තයා බලන්නෙ අඩි ලකුනු දිහාවයි කියලා. එතනදිත් එයා පහත් වෙලා නහය බිම ගැවෙන්න තරම්, බිම සෝදිසි කලා. ඊට පස්සෙ අපි ආපු පැත්තට හැරිලා එක කකුලක් උස්සලා ඒ බලපු තැන උඩට අරන් බැලුවා. එයාගෙ අඩියේ සයිස් එකට අනුව බිම තිබුනු ලකුණු වල සයිස් එක සංසන්දනය කරා වගේ. මාත් එතනට ඇස් දෙක කිට්ටු වෙලාම බැලුවා. ම්හු... පේන්න නම් අඩි ලකුණක් නෑ. ලේ සලකුනු තියෙනවා. පොඩි පට්ටම් උනු පඳුරු තියෙනවා. අවුල් වෙච්ච කොල රොඩු තියෙනවා. ඒ ඇරෙන්න වෙන දෙයක් මට පෙනුනෙ නෑ.

මම සුපිරිම නෑ කියලා මම දන්නවා.පැහැදිලිව පේන්න තියෙන හෝඩුවා වලින් විතරක් යමක් විසඳන්න බෑ කියලාත් මම දන්නවා. පුහුණු පරීක්ෂකයෙක් විදිහට සේනාරත්න මහත්තයට තිබුනු තියුණු ඇස් මම නොදැක්ක සියුම් දේ දැක්කා කියන එක මට විශ්වාසයි. ඒත් එයා මොකවත් කිව්වෙ නෑ. ඔහේ බුකවාගෙන වැඩ කලා මිසක්.කොහොම උනත් මම මගේ හෝදිසිය නතර කලේ නෑ. තවම මට යමක් හම්බ උනේ නැතත්, තවම වැඩි දුරක් ගියෙත් නෑනෙ.

ඔහොම හිතාගෙන ටිකක් මම දුර ගියා. ලේ පාර එක දිගට එක වගේ ඇඳිලා තිබුනෙ නෑ. එක තැනක පොලොවට උරාගෙන ලේ පාර පෙනෙන නොපෙනෙන තරමට. තවත් තැනක ගොඩක් ගැහිලා වගේ එකතු වෙලා. මම හිතුවෙ මේ තැන් වල මිනිහා මහන්සි අරින්න ඇති කියලා. ඒ වගේම ලේ පාර බිම් මට්ටමෙන් සලකුණු වෙලා තිබුනත් තැන් කීපයකදිම මම දැක්කා උස් පඳුරු වලත් ලේ තැවරිලා තියෙනවා. මගේ දනහිසට පොඩ්ඩක් උඩ හරියෙන්.බිම දිගේ ඇදගෙන ගිය මිනිය ආයෙත් කරේ තියාගන්න උත්සාහ කලාදෝ කියලා මට හිතුනා. නැත්නම් බිම දිගේ ඇදගෙන ගිය මිනියෙන් ගලපු ලේ කොහොමද දණක් උස පඳුරු වල ගැවෙන්නෙ?

මෙහෙම ටිකක් දුර ඇවිදගෙන යනකොට කැලේ පඳුරු ටිකෙන් ටික අඩු වෙන්න ගත්තා. තරමක් උස ගස් වර්ග හමුවෙන්න ගත්තා. වැඩි හරියක්ම තිබුනෙ කෝපි ගස්. කලින් කෝපි වගාවක් තිබුනු දිහාවක් වෙන්නැති.මේ දිහාවට එනකොට බිම ගැවිලා තිබුනු ලේ පැල්ලම් අඩු වේගෙන ආවා. කලින් වගේ ගොඩාක් නෑ. ලේ උනත් කොහෙද ටැප් එකක් නෙවෙයිනෙ. ඉවර වෙනවනෙ.

බිම ඇදගෙන ගිය ලකුණු හොඳට පේන්න ගත්තා මේ හරියෙදි. පොඩි පඳුරු අඩු වෙලා හින්දා පොලොව මට්ටමේ ගොඩක් තිබුනෙ තෙත් වගේ පස්. තවත් ටිකක් දුර යද්දි කලුවර ගතිය වැඩි උනා. කෝපි ගස් වියනක් වගේ අපේ ඔලු උඩින් හෙවන කලා. යටට එලිය අඩුවෙන් වැටුනෙ.ඒ හින්දා යටි වගාවත් ගොඩක් අඩු උනා. තිබුනේ තරමක් උසට කෝපි ගසුයි තවත් නම් නොදන්න පොඩි පොඩි ගසුයි. මේ හරියෙ බිම ලේ පාර පැහැදිලිව බලාගන්න අමාරු උනත්, ඇදගෙන ගිය පාර පෙනුනා. ඒ වගේම දණහිස මට්ටමෙන් තැනින් තැන තිබුනු ලේ පැල්ලම් ටිකත් පෙනුනා.

කලුවර ගතිය හින්දද මන්දා සේනාරත්න මහත්තයා කෙලින් උනා. තව දුරටත් බිම හෝදිසි කරලා වැඩක් නෑනෙ හරියට පේන්නෙ නැතුව. මේ පාර එයා පරීක්ෂා කරන්න ගත්තෙ උඩින් තියෙන කෝපි ගස් ටික. ටිකක් දුර යනකන් කෝපි අතු වලට එබි එබී ගිය කෙනා එක සැරයක් කෝපි අත්තක් කඩාගත්තා. දත් මදින්න වෙන්න ඇති කියලා මට හිතුනෙ. ඒත් ටික වෙලාවක් ඒකෙ කොල, දලු, දිහා බලන් ඉඳලා  ආයෙත් ගමන පටන් ගත්තා. මේ පාර ගමන ටිකක් වේගවත් කලේ කලුවර ගතිය හින්දා පේනවා අඩු කමටද? නැත්නම් මේ දැන් ටික වෙලාවක ඉඳන් පටන් ගත්ත මදුරු කරදරේ හින්දද මන්දා. මදුරුවො නම් ඉන්නවා ගෝනියක් හැලුවා වගේ.

කට්ටියම දැන් මදුරුවො තල තලා ගමනේ. අනෙත් අයට කොහොම උනත් මට නම් හිතට හරි නෑ. තාම කිසි හෝඩුවාවක් නෑ. නිකන් සාංකාව වගේ. ඉතින් මම හිතුවා මග දිගට දැක්ක දේවල් වලින් මොනවද හිතාගන්න පුලුවන් කියලා. ඒත් දැකපු දේකුත් නෑනෙ? ඔහොම ටිකක් කල්පනා කරනකොට මගෙ හිතට ආව තව අදහසක්.. ඒ ගමන මම පහත් උනා බිමට. මේ කලුවර ගතිය උනත් මිනිය ඇදගෙන ගිය ලකුනු පේනවා. දිරපු කෝපි කොල දෙපසට වෙලා. ඒ පාර දිගේම වම් පැත්තෙන් අර කිව්ව වගේ තැනින් තැන ලේ බින්දු කෝපි කොල වල හෙම ගැවිලා තියෙනවා. ඒත් එක්කම මම තව දෙයක් දැක්කා. මිනිය ඇදගෙන ගිය පාර දිගට බිම තැනින් තැන පොඩි වලවල් හෑරිලා. ලී මිටකින් තෙත පොලොවට ඇනලා වගෙයි.රටාවකට වලවල් තියෙනවා. සිග් සැග් ස්ටයිල් එකට වගේ. ඒ වගේම පොඩි බයිසිකල් රෝද පාරවල් වගේ ඉරි පාරවල් දෙකකුත් තියෙනවා.

මට ටිකක් වෙලා ගියාම තේරුනේ. මේ මිනිහා මිනිය ඇදගෙන ගියේ පස්සෙන් පස්සටනෙ. මිනිහට තමන්ගෙ බරට අමතරව මිනියකුත් ඇදගෙන පස්සෙන් පස්සට යනකොට සම්පූර්ණ බර එන්නෙ විලුඹටනෙ. මිනිහ පය මාරුවෙන් මාරුවට තියපු ලකුනු තමයි මේ. තෙත් පස බුරුල් හින්දා පය බරට ඇතුලට එරාගෙන ගිහින්. අර රෝද ලකුනු වගේ තිබුනු පාරවල් දෙක මිනියේ කකුල් දෙක බිම දිගේ ඇදිලා ගිය ලකුණු වෙන්න ඕනි.

හහ් හා..  ඇති යන්තම් මමත් අඩි ලකුණු හොයාගත්තා. ඒකත් තෙත් පොලොව හින්දා හොඳයි. නැත්නම් මොකවත් මට පේන්නෙ නෑනෙ. මෙච්චර වෙලා ආවත් මම මේ ලකුණු කලින් නොදැක්කෙ ඒවා මේ තෙත් පොලොවේ තරමට කලින් හරියේ හොඳට පැහැදිලිව නොපෙනුන හින්දා වෙන්න ඕනි. සේනාරත්න මහත්තයත් මග දිගට චෙක් කලේ මේ ටිකද මන්දා.

ටිකක් දුර යනකම් මේ ටිකම බල බලා ගිය හින්දා මට එපා උනා. මෙතන මිනී මැරුමක් වෙලා තියෙනවා. ගෑනියෙක් මැරුනාය කියලත් දැන් සිහියෙ නෑ වගේ. හරි කම්මැලි. මම හැරිලා බැලුවා අනෙත් කට්ටිය මොකද කරන්නේ කියලා. සාජන් මහත්තයා එනවා මගෙ දිහාම බලාගෙන පස්සෙන්ම. චමියා එනවා ඊටත් පස්සෙන්.

මම ඉස්සරහ බැලුවා. සේනාරත්න මහත්තයා අතේ තිබ්බ කොපි අතු කෑල්ල වන වනා ගමනේ. හැබැයි පුරුදු විදිහටම නැවති නැවති. එයා දෙතුන් විටක්ම බිම තිබුනු ලේ පාරයි තැනින් තැන උඩින් ගැවිලා තිබුනු ලේ බින්දු ටිකයි පරීක්ෂා කලා මම දැක්කා. එතකොට හෙන ගැහුවා වගේ ඉක්මන්ට තව අදහසක් මගෙ ඔලුවට ආවා. මම ටිකක් කල්පනා පාරක් දැම්මා.

ම්ම්ම්. හරි..
මම එවෙලෙම හැරුනා සාජන් මහත්තයා දිහාවට. සාජන් මහත්තයා මගේ දිහා බලන් හිටියෙ ලොකු ප්‍රශ්නාර්ථයක් මූනෙ තියාගෙන.

"සර්.. මම තව දෙයක් දැක්කා.."

"මොකක්ද?..."

"සර් දැක්ක නේද මේ මිනිහා මිනිය බිම දිගේම ඇදන් ගිහින් තියෙනවා.."

"ඔව්.. ඉතින්?..."

"ඒ හින්දා බිම දිගේම ලේ පැල්ලම් තියෙනවා..."

"ඔව්.."

"ඒ වගේම සර් මේ බලන්න. මගේ දනිස්ස හරියෙන් විතර ලේ බින්දු බින්දු වැටිලා කෝපි කොල උඩට.. මේ කෙනා මිනිය බිම දිගේ ඇදන් ගියා නම් බිම් මට්ටමේ ලේ ගැවෙන එක වෙනවාමයි. ඒත් මේ වගේ උඩින් ලේ ගැවුනෙ කොහොමද?..."

"කොහොමද?..."

"මට ඒකට හේතු දෙකක් හිතෙනවා...  එක්කො මේ මිනිහගේ ඇඟේ මේ ගෑනු කෙනාගෙ ලේ ගැවුනා. මේ තැනින් තැන ගැවිලා තියෙන්නෙ ඒවා වෙන්න පුලුවන්.. එහෙම වෙන්න ඇති කියලා මට හිතුනත් ඊට පස්සෙ මට මෙහෙම හිතුනා සර්...
මේ පැල්ලම් වල හැටි බලන්න.  සර් දැක්කද? ගොඩක් තැන් වල කොලේ තියෙන්නෙ ලේ ගැවිලා ගිය ලකුණු. ඉඳහිට ලේ බින්දු කොල උඩට වැටිලා. ඒ කියන්නෙ ඇගේ ගැවිලා තිබුනු ලේ කොලෙත් ගැවිලා නෙවේ, මිනිහගෙ ඇඟෙන් බේරිලා වැටිලා. ඒ කියන්නේ....."

"ඒ කියන්නෙ මිනිහටත් තුවාලයි කියලද?..."

"ඔව් සර්.එහෙම තමයි මටත් හිතෙන්නෙ. මුල් හරියෙදි හැම තැනම ලේ විසි වෙලා. බිම, උඩ යට පඳුරු සේරගෙම වගේ ලේ. ඒ හින්දා මට මෙහෙම දෙයක් ඔලුවට ආවෙ නෑ. මට මුලින් හිතුනෙ ගෑනු කෙනාගෙ ලේ මිනිහගේ ඇඟේ ගැවිලා ඒව තමයි මේ කොල වල ගැවුනේ කියලා. ඒත් සර් මෙච්චර දුරක් එනකන් එහෙම ගැවි ගැවී තියෙන්න මිනිහගෙ ඇඟේ උල්පතක් වගේ ලේ ගැවෙන්න බෑනෙ. මිනිය ඇදගෙන ආපු පාරෙත් දැන් කලින් තරම් ලේ ගොඩක් නෑ. ඒ කියන්නෙ මෙහෙම උඩින් ගැවුනෙ අනිවාර්‍යයෙන්ම මිනිහගෙ ඇඟෙන් ගලපු ලේ. ඒකත් තරමක පොඩි තුවාලයක් කියලා මට හිතෙන්නෙ තැනින් තැන විතරක් මේ පැල්ලම් තිබුනු නිසා. ලොකුවට ලේ ගැලීමක් උනු තුවාලයක් නෙවෙයි වගේ...."

"පුතාට ඕක තේරෙන්න ඔච්චර වෙලා ගියාද?..."

මෙච්චර වෙලා සද්ද නැතුව හිටපු සේනාරත්න මහත්තයා මගෙන් ඇහුවා. මට පුදුම හිතුනා.

"සර්ටත් ඒක තේරුනාද? එහෙනම් නොකිව්වෙ ඇයි?..."

"මම ඒක කලින්ම තේරුම් ගත්තා. ඒත් ඔයා වගේ හැම දෙයක්ම එක පාර කියවන සිරිතක් මට නෑනෙ"

 සේනාරත්න මහත්තයා කිව්වෙ යන්තම් හිනා වෙවී.

"ඒ වගේම ඔයා කිව්වා වගේ ඒ තුවාලය පොඩිමත් නැහැ...."

"සර් එහෙම කියන්නේ?..."

"එහෙම කියන්නෙ මේකයි. මම මුලදිම දැක්කා මේ කොල උඩට වැටුනු ලේ පැල්ලම්. ඒව ගොඩක් තිබුනා.තරමක් ලොකු තුවාලෙකින් ගලන තරමට. මුල් හරියෙදිම මේක මම දැක්කා. තුවාලෙ පොඩියි කියලා ඔයා හිතුවෙ ලේ බින්දු වැටිලා තියෙන ප්‍රමාණයයි, ඒවා ගැවිලා තියෙන්නෙ ඈතින් ඈතට වෙන්නයි හින්දා නේද?..."

"ඔව් සර්..."

"එහෙම වෙන්න හේතුව මේක..."

සේනාරත්න සර් අතේ තිබුනු කෝපි අතු කෑල්ල මට දික් කලා.

"මේ මිනිහා තමන්ගෙ තුවාලෙට බෙහෙත් දාන්න ටිකක් නතර වෙලා තියෙනවා. මිනිහා කෝපි දලු ටිකක් තලලා හරි, හපලා හරි තුවාලෙට තියාගෙන. මිනිහට තුවාලයි කියලා දැනගෙන හිටිය හින්දා බිම තිබුනු ලේ පාර තැන් තැන් වල ගොඩ ගැහිලා තිබුනු තැන් වල මම ටිකක් පරීක්ෂාකාරී උනා. ඒ කීප තැනකම මිනිහා නැවතුනේ මහන්සියට. නැත්නම් තුවාලේ වේදනාවට. කෝපි ගස් අස්සෙදි එක තැනක මිනිහගෙ අඩි ලකුණු එහෙ මෙහෙ වෙලා තිබුනා. මම එවෙලේ නැගිටලා කෝපි ගස් අතු වල දලු දිහා බැලුවා. මොකද මම දැනන් හිටියා තුවාල වල ලේ වහනය අඩු කරන්න ගම් වල මිනිස්සු කෝපි දලු තුවාලෙට තියනවා කියලා..."

"ඒ කියන්නෙ සේනෙ?..."
සාජන් මහත්තයා මැදට පැන්නා..

"මේක කරලා තියෙන්නෙ ගමේ මිනිහෙක්?..."

"එහෙම කියන්නත් බෑ ජයේ. නගරෙ මිනිහෙක් උන මමත් මේ ගැන දන්නවනෙ..
මම දැක්කා කෝපි අතු කීපයකම දලු කඩාගෙන තියෙනවා. ඒ සේරම අත පොවන මානෙ. මිනිහට ලොකු හදිස්සියක් තිබිලා තියෙන්නෙ...."

සේනාරත්න මහත්තයා කතාව නවත්තලා මන් දිහා බැලුවා.

"පුතා හිතුවෙ පොඩි තුවාලයක් කියලානෙ. ඒත් මේ ලේ ගැලීම් අඩු උනේ මිනිහා බෙහෙතක් දාගත්ත හින්දා. ඒකෙන් උනත් සම්පූර්ණයෙන්ම ලේ ගැලීම අඩු නොවුන එකෙන් තේරෙනවා තුවාලෙ පොඩි නෑ කියලා..."

මදෑ කොලා. මම හිතුවෙ මමයි වැඩ්ඩා කියලා.සද්ද බද්ද කතා නැතුවට සේනාරත්න මහත්තයානෙ වැඩකාරයා.

මම පොඩි හිනාවක් දැම්මා. ඒත් මගේ අප්සෙට් එක සේනාරත්න මහත්තයට තේරුනාද මන්දා.

"පුතා අපි දිගටම චෙක් කරමු. මම මේ දේවල් කලේ මගේ අත්දැකීම්, පුහුණුව, එක්ක ලැබුණු හැකියාවෙන්. ඒත් ඔයා ඒ මොකවත්ම නැතුව ගොඩක් දේවල් හොයාගත්තා. මෙතන ඔයයි දක්ෂයා. මට ඒක මුල ඉඳන්ම තේරුනා..."
                                                                                              මතු පෝස්ට් හා සබැඳි...

24 thoughts on “චමියගෙ භාණ්ඩේ-10

  1. පට්ට බන්.නියමයි.උත්කෘෂ්ටයි.

    ReplyDelete
  2. ඔයයි දක්ෂයා...ඇත්තටම

    ReplyDelete
  3. හ්ම්ම්ම්... අදත් අර වගේමයි.. සාජන් මහත්තයා වැඩ්ඩෙක් වගේ...ඒකනෙ ඔය වගේ සියුම් දේවල් හොඳට නිරීක්ෂණය කරලා තියෙන්නේ...

    ReplyDelete
  4. ඒකනේ. නේද ලීනියෝ

    ReplyDelete
  5. නෑ..මේ පුතා

    ReplyDelete
  6. දැන් හරි.. කතාව යනවා සුපුරුදු බවෙන් මිදිලා. ඊලඟ කොටසත් බලන්න එනවා.

    ReplyDelete
    Replies
    1. එන්නකෝ....
      සුපුරුදු බවෙන් මිදිලා කිව්වෙ?

      Delete
  7. මුල ඉඳන්ම කියවලා දැන් තමා ඉවර වුනේ..
    කතාව එන්න එන්නම භයානක වෙනවා වගේ..ඉතුරු ටිකත් බලමුකෝ..ඉක්මනට ලියන්න..

    ReplyDelete
  8. පොඩ්ඩක් හෝව්... මට තේරුන්නෑ.. අර මිනි මරුවගේ ඇඟේ තුවාලයක් තියනවා කියල හොයා ගත්තෙ සාජන් මහත්තයද ? සේනාරත්නද ? මේ ටික ටිකක් පැටලිලි සහගතයි..

    // "පුතාට ඕක තේරෙන්න ඔච්චර වෙලා ගියාද?..."
    මෙච්චර වෙලා සද්ද නැතුව හිටපු සේනාරත්න මහත්තයා මගෙන් ඇහුවා. මට පුදුම හිතුනා.
    "සර්ටත් ඒක තේරුනාද? එහෙනම් නොකිව්වෙ ඇයි?..."

    "මම ඒක කලින්ම තේරුම් ගත්තා. ඒත් ඔයා වගේ හැම දෙයක්ම එක පාර කියවන සිරිතක් මට නෑනෙ"

    සාජන් මහත්තයා කිව්වෙ යන්තම් හිනා වෙවී. //

    // පන නම් තන අග පිනි බිඳු වැන්නේ කියලා...... //

    ඕක පණ නම් තන අග කිරි බිඳු වැන්නේ කියලා වෙනස් වෙන්න ඕනා.. :-)

    ReplyDelete
    Replies
    1. මමත් ඒක දැක්කා සෙන්නා, ඒත් මම හිතුවෙ මිස්ටර් සේනාරත්නත් යුනිෆෝම් නැතුව හිටපු සාජන් කෙනෙක් කියල.

      Delete
    2. sorry යාලුවනේ. ඒක මට උනු වැරදීමක්. ඒක කිව්වෙ සාජන් මහත්තයා නෙවේ සේනාරත්න මහත්තයා...

      Delete
    3. වැරැද්ද හරිගැස්සුවා. :)

      Delete
  9. හ්ම් කතාවනම් ගලාගෙන යනව කුතුහලෙත් එක්කම, ඉතිරි ටිකත් දාන්නකෝ බලන්න.

    අර ‘පන නම් තන අග පිනි බිඳු වැන්නේ‘ කියල තියෙන්නෙ ඔය ‘තන‘ ගැන නෙවෙයි මම හිතන්නෙ. :)

    ReplyDelete
    Replies
    1. පිනි, කිරි වුනාම ඒ තනටත් හරි යනවා බන්.... :-)

      Delete
    2. හුම් හුම්... ඕනි තනක්. :-/

      Delete
  10. මරු මරු. තවත් දිග කතාවක්. නියමෙට ගලාගෙන යනවා. තව හිනා වෙන්න කෑලි ටිකක් දාන්නකෝ...

    ReplyDelete
  11. මුල ඉඳලා කියවගෙන එන්න වෙනවා..බලමු ඉවර තියන විදිහට..

    ReplyDelete
  12. හා හා. පුලුවන් වෙලාවක ඇවිත් බලන්න.

    ReplyDelete

හික් හික් හික්...
ඔයාලට මොකක්ද හිතුනෙ මේක කියවද්දි?
මටත් දැනගන්න කොමන්ටුවක් දාලා කියන්නකො.

  • ආයුබෝවේවා

මේ වෙලාවේ

© 2013  boothspider.blogspot.com. Powered by Blogger.