චමියගෙ භාණ්ඩේ-11

                                                                                                                              මුල් කොටසට...
 මට හැපි.. ඇයි ඉතින් ලොකු ප්‍රසංශාවක් හම්බුනානෙ. මම ආඩම්බර හිනාවක් මූනට දාගත්තා චමියට පේන්න. ඊට පස්සෙ ආයෙත් කතාවට
අවධානය යොමු කරා.

"ඒත් මේ මිනිහට තුවාල උනේ කොහොමද?..
මේ කෙල්ල මැරෙන්න කලින් මිනිහත් එක්ක රණ්ඩු කරලද?..."

සාජන් මහත්තයා ඇහුවා.

"නෑ ජයේ. මම හිතන්නෑ. මොකද, මුල ඉඳන් මම බලාගෙනමයි ආවෙ. මේ තුවාල උනු ලකුණු මම දැක්කෙ අර අත කපපු හරියෙ ඉඳන් එද්දි. ඊට කලින් එක ලේ පැල්ලමක්වත් නෑ..."

"සර්.. මට මෙහෙමත් හිතෙනවා..."

මමත් අදහසක් දැම්මා.

"මේ මිනිහා අතේ පයේ වැඩට සූරයෙක් නෙවේ කියලා මට කලින්ම හිතිලා තිබුනා.මිනිහා අත කපන අතරේ තමන්ගෙ කකුලත් කපාගන්න ඇති. හදිස්සියයි, නුහුරු කමයි එක්ක. මම උනත් කෝටුවක් කපාගන්න ගියහමත් ඇඟිල්ලක් හරි කපාගන්නවා. ඒ හැටි..."

සාජන් මහත්තයා ඔලුව වැනුවා.


"ඒ වගේම සර්... මේ ලේ බින්දු වැටුනු පාර තියෙන්නෙ අපි ඉස්සරහට යනකොට අපේ වම් පැත්තෙන්. මිනිහා මෙතනට ආවෙ පස්සෙන් පස්සට. ඒ කියන්නෙ තුවාල වෙලා තියෙන්නෙ දකුනු කකුල. ගෑනු කෙනාගෙ කපලා තිබුනෙත් දකුණු අතනෙ. මිනියෙ දකුනු පැත්තෙ ඉඳන්. ඉතින් ඒ පැත්තෙ අත කපනකොට මිනිහගෙ දකුනු කකුලනෙ ලඟින්ම තියෙන්නෙ?ඉතින් අතට ගහපු පිහි පාරක් කකුලටත් හම්බ වෙන්න ඇති. ඒක වෙන්න පුලුවන් දෙයක්..."

සාජන් මහත්තයා ඒකටත් ඔලුව වැනුවා. සේනාරත්න මහත්තයා වෙන මොකුත් කිව්වෙ නෑ. ආයෙත් ලේන් එක දිගේ චෙක් පාර දාන්න වගේ හැරුනා....

"සර්?..."

මම කතා කලේ සාජන් මහත්තයට. සාජන් මහත්තයා මගේ දිහා බැලුවා.

"සාමාන්‍යයෙන් අපරාධකාරයෙක් අපරාධයක් කරාට පස්සෙ කරන්නෙ තමන්ගෙ අපරාධය වහලා දාන්න කටයුතු කරන එක. එහෙම නේද සර්? මේ මිනිහත් එහෙම උත්සාහයක් යොදලා තියෙනවා වගෙයි මේ වෙලා තියෙන දෙයින් පේන්නෙ..
සර්ට එහෙම හිතෙන්නෙ නැද්ද?..."

"එහෙම දෙයක් වෙන්නත් පුලුවන් පුතා. ඒත් අපි එක පාරම එහෙම හිතන්න හොඳ නෑ. නේද සේනෙ?..."

සේනාරත්න මහත්තයා අපි දිහා නොබලම ඔලුව වැනුවා.
"ඒක ඇත්ත. ඒක වෙන්න වගේම නොවෙන්නත් පුලුවන්..."

"සර්.. මම කිව්වෙ ඒක වෙලාමයි කියලා නෙවේ..
මේක නොවෙන්න වගේම වෙන්නත් පුලුවන්.. එහෙමනෙ?..."

"ඔව් කියමුකො..."

"ඉතින් සර් මේ කෙනාත් එහෙම කරා නම් ඊලඟට එයා මොකක්ද කරන්නෙ?.."

"ගොඩක් වෙලාවට මෙහෙන් පැනගන්න බලනවා..
නැත්නම් එහෙම පැනගියොත් සැක හිතයි කියලා ටිකක් කල් ඉඳලා හෙමින් සීරුවෙ මාරු වෙනවා..
එහෙමත් නැත්නම්, තමන් කරපු අපරාධය අහුවෙයි කියලා හිතන්නෙ නැති කෙනෙක්, භය නැති කෙනෙක්, නම් කිසි ගානක් නැතුව වෙනදා වගේ මොකුත් නොදන්න විදියට හැසිරෙනවා... මේ වගේ දේවල් නිතර වෙලා තියෙනවා. මගේ අත්දැකීම් වල හැටියට.."

"ඉතින් සර් මේ මිනිහත් මේ කරලා තියෙන දේ හැටියට මේවා හොයාගන්න පොලීසියට අමාරු වෙයි කියලා හිතන්න තරම් මෝඩ උනා නම් බාග විට, මිනිහා තාමත් පැනලා නොගිහින් මේ අවටම ඉන්නවා වෙන්න පුලුවන්...
සමහර විට සර්, මේක පොලීසිය ගොනාට අන්දන්න කරපු කපටි කමක් වෙන්නත් පුලුවන්.. මොකද මෙහෙම අපරාධයක් කරන්නෙ පිස්සෙක්, විකෘති මනසක් තියෙන එකෙක් වගේ කෙනෙක්නෙ. ඒ වගේ දෙයක් හිතන පැත්තට පොලීසිය යොමු කරන්න තරම් මේක කරපු මිනිහා කපටියෙක් උනාද දන්නෙත් නෑනෙ..."

"හ්ම්ම්"

"එහෙම කරලා නම්, මේ මිනිහා කොහෙත්ම පැනලා යන්නෙ නෑ...."

"මිනිහා එනවා පොලීසියටම..."
සේනාරත්න මහත්තයා අපි දිහාවට හැරිලා කිව්වා.
"එහෙම මිනිහෙක් නම් තමන්ගෙ රැවටිල්ල සාර්ථකද බලන්න අපරාධය උන තැනට ආපහු එනවා.."

"එහෙම ඇවිත් මාට්ටු වෙනවා..."
සාජන් මහත්තයත් කිව්වා.

"ඉතින් සර්, මෙතනත් එහෙම වෙන්න බැරිද? තාම මෙහෙම අපරාධයක් වෙලා කියලා ගමේ මිනිස්සු දන්නෙවත් නෑ. මේ මිනිහා සමහර විට කිට්ටුවට ඇවිත් බලන්න පුලුවන් තත්ත්වෙ කොහොමද කියලා...."

"ඒත් අපි කොහොමද ඒ මිනිහව අඳුනාගන්නෙ?..."

"ඒකට නම් සර් හිතන්න වෙනවා. සර්ලා නිතරම අල්ලන්නෙ සැක සහිත හැසිරීම් තියෙන අය,  නැත්නම් මේ ගමේ නොවන නාඳුනන අය, අන්න ඒ වගේ අය එතන ඉන්නවා නම් සර්ලට පුලුවන් ප්‍රශ්න කරන්න.."

"ඔව්.. අපි ගියාම බලමු.."
සාජන් මහත්තයා කිව්වෙ ටිකක් අකමැත්තෙන් වගේ.

කොහොමත් මේක අඩමානයි. අපරාධකාරයා එහෙම එන එක වෙන්න තියෙන්නෙ බොහොම කලාතුරකින්.සාජන් මහත්තයට ඒක තේරෙනවනේ. ඒ හින්දා මේ ගැන ලොකු උනන්දුවක් නෑ වගේ.

"සර්?...."

"ඇයි?..."

"සර්, මේ දැකපු දේවල් වලින් අපිට පුලුවන්නෙ මිනිහා ගැන ටිකක් විස්තර හොයාගන්න?
මේ අනිවාර්යයෙන්ම පිරිමියෙක්. වම හුරු කෙනෙක්. ඒ ටික අපි දන්නවා. ඒත් අපිට හිතන්න පුලුවන් මේ මිනිහා ලොකු මහත හැඩිදැඩි කෙනෙක් නෙවේ කියලා.. මම එහෙම කිව්වෙ, මේ මිනිහා බර වැඩ පල වලට හුරු නැති, මහන්සි වෙලා වැඩ කරන්න අමාරු කෙනෙක් කියලා මට පෙනුන හින්දා... ඒක ස්ථිරේටම කියන්න අමාරුයි. ඒත් වෙන්න පුලුවන් දෙයක් ඒකත්....

"ඔව්"

"ඇයි සර්? මේ තුවාලෙත් අපිට ගන්න පුලුවන්නෙ? දකුනු කකුලෙ තුවාලයක් තියෙන මිනිහෙක්.. ගොඩක් විට තුවාලෙ වැහෙන්න සරමක් හරි කලිසමක් හරි ඇඳලා එන්න පුලුවන්.  සේනාරත්න සර් කිව්වා වගේ තුවාලෙ ලොකු නම් කකුලේ කොර ගැසීමක්, නැත්නම් ඇඳුමේ ලේ පැල්ලමක්???  මේ සේරම එකතු කලොත් අපිට මේ මිනිහා ගැන සැලකියයුතු තරමේ චිත්‍රයක් මවාගන්න පුලුවන්..."

සාජන් මහත්තයා ටික වෙලාවක් මගෙ දිහා බලා හිටියා. ඊට පස්සෙ ෆෝන් එක අතට ගත්තා.

මම හැරුනා සේනාරත්න මහත්තයා දිහාවට. එයා නම් තාමත් වැඩ.

සාජන් මහත්තයා කෝල් එකේ ඉන්න අතරෙ සේනාරත්න මහත්තයයි මමයි ටිකෙන් ටික ඉස්සරහට ගියා. චමියත් අපේ පස්සෙන් එන්න ඇති. ඔහොම චුට්ට දුරක් යනකොට.....

ඇහෙන්න ගත්තා සර සරයක්. ආයෙමත්...

සේනාරත්න මහත්තයට නම් ඇහුනෙ නෑ වගේ. සාජන් මහත්තයටත් ඇහිලා නෑ. එයා දිගටම කෝල් එකක. මම බැලුවෙ චමියටවත් ඇහුනද කියලා. ඒත්, කෝ මේ චමියා???
දැන් ටිකකට ඉස්සෙල්ලත් මට රවපු මිනිහා. දැන් කොහෙද ගියේ. මම එහාට මෙහාට අහැ දැම්මා ගස්කොලන් අස්සෙන්.. එතකොට මන් දැක්කා ටිකක් ඈතින් හෙවනැල්ලක් වගේ දෙයක්...

සර සරය ඇහෙන්නෙත් ඒ පැත්තෙන් වගේ...

මම හිතුවා ටිකක් කිට්ටු කරලා බලන්න. සේනාරත්න මහත්තයා එයාගෙ වැඩේට සම්පූර්ණ අවධානය යොමුකරගෙන ඉන්නෙ. සාජන් මහත්තයත් රාජකාරියට මුවා වෙලා මල් කඩනවද කොහෙද? මම ටිකෙන් ටික අඩිය මාරු කලා...

හපෝයි.. චමියා හැංගි හොරා මුත්‍රා කරනවා. මුගෙ අර පුරුදු ස්ටයිල් එකටම. සාජන් මහත්තයා හෙම දැක්කොත් හිතයි මූට පිස්සු කියලා. හරියට ගැන්ග්නම් ස්ටයිල් එක වගේ.

මූට බනින්නත් බෑ. සාජන් මහත්තයා හෙම බලයි මොකද කියලා. මම සද්ද නැතුව ආවා. ඇවිත් සේනාරත්න මහත්තයා ලඟින් බිමට පාත් උනා. සේනාරත්න මහත්තයා හැරිලා බැලුවා මන් දිහා.

"කෝ පුතාගෙ යාලුවා?...."

"ආ. මේ,..  සර්, පොඩ්ඩක් කැලේට වැදිලා..."

"ආ හරි හරි..."

එවෙලේ සාජන් මහත්තයාත් අපි ලඟට ආවා.
"මම වීරසිංහට විස්තරේ කිව්වා. මිනිහා සෝදිසියෙන් ඉඳීවි.."

අපි ආයෙත් නිරීක්ෂණ චාරිකාවෙ යෙදෙන්න පටන්ගත්තා. ඒ අතරතුරේ චමියත් ඇවිත් කොයි වෙලේ හරි අපේ පස්සෙන් වැටිලා. උගෙත් තියෙන්නෙ නියඟෙටවත් හිඳෙන ටැංකියක් නම් නෙවේ. සුලු දිය උල්පතක්.

අපි කැලේ මැද්දෙන් ටිකක් දුර එනකොට එන්න එන්නම ලේ පාරවල් වල ඝනකම අඩු උනා. තැනින් තැන ලේ පැල්ලම් ගොඩ ගැහිලා තිබුනු තැන් වැඩි උනා. ඒ කියන්නෙ අපරාධකාරයට දැන් නම් හොඳටම හති. නිතර නිතර නතර මග වෙලා. ඒ හින්දා මගෙ හිත කිව්ව දැන් දැන් මේකෙ අවසානය පෙනෙයි කියලා. මම හිතුවා ඉක්මනටම මිනිය දකින්න ලැබේවි කියලා.

හිතුව වගේම හම්බුනා.

මිනිය තිබුනේ වලක. ලොකු වලක් නෙවේ. ඒත් පස් කණ්ඩියක් පහත් වෙලා වගේ තිබුනු තැනක්. හොයාගන්න අමාරු උනෙත් නෑ. කෙලින්ම ලේ පාර තිබුනේ එතනටනෙ. ඒත් එතනට කිට්ටු වෙනකොට ලේ පැල්ලම් පේන්න තිබුනෙ නැති තරම්. මිනිය ඇදගෙන ගිය හින්දා ඇති උන සලකුනු විතරයි පෙනුනෙ.

මිනිය එතනට දාලා අතට අහු උන කොල රොඩු වලින් මිනිය යන්තම් වහලා දාලා ගිහිල්ලා. මෙච්චර දුරක් ඇදගෙන එන්න ඉවසීම තිබුන මිනිහට හරි හැටි හංගන්න වෙලාවක් තිබිලා නෑ වගේ. මොකක්ද දන් නෑ හේතුව?

"පුතා?..."

සාජන් මහත්තයා කතා කලේ අපි මිනිය පරීක්ෂා කරන අතරතුර... සේනාරත්න මහත්තයා නම් දිගටම වැඩ. චමියා නම් කිට්ටු කලේවත් නෑ මෙතනට.

"මම හිතුවේ මෙහෙම මිනිය හම්බ වෙයි කියලා නෙවෙයි. අත කපලා වෙන් කරලා වීසි කලා වගේ අනෙත් ටිකත් කෑලි කරලා තැන් තැන් වල දාල ඇති කියලා මට හිතුනෙ. මොකද දන් නෑ මේ?..."

"මන් හිතන්නෙ සර්, මිනිහා එහෙම තමයි කරන්න හිතන් ඉන්න ඇත්තේ. ඒකනෙ ආයුධයකුත් අරගෙනම ඇවිත් තියෙන්නෙ. එක්කො මිනිය හොයාගන්න අපහසු කරවන්න. නැත්නම් කලින් කිව්වා වගේ පොලීසිය නොමඟ යවන්න..
ඒත් සර් මුලින්ම අත කපන්න ගිහින් මිනිහා කකුලත් කපා ගත්තනේ? ඒ මදිවට එක අතක් එහෙම ඇඟෙන් වෙන් වෙනකන් කපන්න ගොඩක් මහන්සි වෙන්න ඕනි. මහන්සි වෙලා වැඩ කරන්න අමාරු මේ වගේ මිනිහෙක් එතනින්ම අදහස අත් හැරගන්න ඇති...."

සේනාරත්න මහත්තයා හිටපු තැනින් නැගිට්ටා.

"අපිට මෙතන කරන්න දෙයක් නෑ තවත්. පරීක්ෂණ කරන්න උවමනා උපකරණත් නෑ. පොලිස් කන්ඩායම මෙතනට එනකම් අපි තව ටිකක් ඉස්සරහට ගිහින් බලමු..."
                                                                                   මතු පෝස්ට් හා සබැඳි...

27 thoughts on “චමියගෙ භාණ්ඩේ-11

  1. අපරාදෙ

    ReplyDelete
    Replies
    1. ඇයි ඒ? කෙල්ල මැරුන එකද? කතාව හරි නැතුවද?

      Delete
  2. අම්මෝ කෙල්ල මරලද? ෂැහ්... මම හිතුවෙ අත කපල හරි කෙල්ල ඉඳි කියල. චමිය කෙල්ලව දැකල මොකද උනෙ කියලත් දන්න. උගෙ කෑල්ල නෙ. මරු මරු කතාව

    ReplyDelete
    Replies
    1. අතක් වෙන් වෙන්නම කපලා දැම්මට පස්සෙ මිනිහෙක්ව ඉක්මනට හොස්පිට්ල් නොගෙනාවොත්, ජීවත් වෙන්නෙ නෑ. චමියට කෑල්ල වටින්නෙ ඉතින් පනපිටින් හිටියොත් විතරනෙ .. හික්z

      Delete
  3. තව කොටස් කීයක් තියෙනවද

    ReplyDelete
    Replies
    1. අවම වශයෙන් තව එකක්වත් තියෙනවා කෝරලේ මහත්තයෝ

      Delete
  4. කතාව එන්න එන්න ත්‍රාසජනක වෙනවා වගේ...

    ReplyDelete
  5. තව ගොඩක් නෑ හලෝ

    ReplyDelete
  6. මං කිවුවෙ අපරාදෙ පොලිසියෙන් ආවෙ... :-*

    ReplyDelete
    Replies
    1. ඒ මොකෝ? පොලීසියෙන් නාවා නම්, මෙහෙම කතාවක් නොලියවෙන්නත් ඉඩ තිබුනා නේද?

      Delete
  7. ම්..මිනී මරුවා ගැන සැක කරපු හැටි ගැන නම් මට එච්චර තේරුනේ නැහැ..බලමුකෝ ඉතුරු ටිකත්..

    ReplyDelete
    Replies
    1. ආයෙත් පාරක් හෙමීට කියවන්නකො. කතාව මුල ඉඳලා බැලුවෙ නැත්නම් බලන්නකො. එතකොට තේරෙයි.

      Delete
  8. මුලින්ම පා තිබ්බේ අද... මීට පස්සේ ඉතින් එන්ට එපා කියලා එලෙව්වත් පෝස්ට් බලන්න එනවා...

    ReplyDelete
    Replies
    1. හ හා. මම එලවන්නෙ නෑ. සාදරයෙන් පිලි අරන් ගැටගහලා තියනවා

      Delete
  9. අඩේ පට්ට කොටස් 11 ඒක දිගට කියෙව්වා ...ඉක්මනට අනිත් ටිකත් දාපන්

    ReplyDelete
    Replies
    1. හර් රී දාන්නම්. දිගටම එන්ටකෝ

      Delete
  10. නියමයි..

    ඒත් දැන් උඹ ගැට ලිහන වේගෙ වැඩියි.. තව් ටිකක් කරකෝලා, වටේ යවලා කුතු හලය උපරිමේටම ගෙනල්ලා ටික ටික ලිහුවනම් කොහොමද ? ඊට පස්සෙ උඹට වෙන්නෙ කොනන් ඩොයිල් උන්නැහේට වෙච්ච සන්තෑසියම තමයි..

    ReplyDelete
    Replies
    1. තව කරකවලා, වටේ යවලා ගන්න පුලුවන් සෙන්නා. ඒත් මට හිතුනා කට්ටියට එපා වෙයි කියලා.

      හැබෑටම කොනන් ඩොයිල් මහත්තයට මොකදෑ උනේ?

      Delete
  11. බ්‍ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්..මොකෝ අප්පා ඔය කතාවට ඔහොම නමක් දැම්මේ??

    ReplyDelete
    Replies
    1. බ්‍ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්.. ඒක චමියගෙ ඉල්ලීම පරිදි තමා හිරු

      Delete
  12. නියමයි මලයා. හරිම කුතුහලාත්මකයි.

    ReplyDelete
    Replies
    1. තැන්ක්ස් ගොඩාක් :D

      Delete
  13. කාලෙකින් මේ පැත්තේ එන්න බැරි උනා මට කතාවේ කොටස් දෙක තුනක් මගහැරිලද කොහෙද

    ReplyDelete
    Replies
    1. මම කොටස් පිලිවෙලට අඩුක් කරලා නම්බර්ස් දාල ඇත්තෙ. එකේ ඉඳන් බලන්නකෝ

      Delete
  14. මං ටිකක් පරක්කු වෙලානේ.
    කුතුහලය එන්න එන්නම වැඩි වෙනවා!! එල මචං!!
    //ගැන්ග්නම් ස්ටයිල්// :D

    ReplyDelete
    Replies
    1. පරක්කු නෑ.
      (ගැන්ග්නම් ස්ටයිල් එක විදිය තමා. ඒක තේරුම් ගන්න නම් දකින්නම ඕනි.) :D

      Delete
  15. නියමයි..ඔහොම යන්

    ReplyDelete

හික් හික් හික්...
ඔයාලට මොකක්ද හිතුනෙ මේක කියවද්දි?
මටත් දැනගන්න කොමන්ටුවක් දාලා කියන්නකො.

  • ආයුබෝවේවා

මේ වෙලාවේ

© 2013  boothspider.blogspot.com. Powered by Blogger.