රෙදි කෑල්ල පොඩියි. හොඳට මඩ ගැවිලා තිබුනත් තැනින් තැන ඒකෙ පාට පේන තරමට තිබුනා.අඳුරු රතු පාටයි. අඳුරුවට තිබුනෙ මඩ ගැවිලා හින්දද මන්දා. ඒත් රෙදි කෑල්ල රතු එකක් කියලා පේනවා.
"පුතාට මොනවද පේන්නෙ?.."
සාජන් මහත්තයා මගෙන් ඇහුවෙ කලින් කිව්ව වගේ මගෙ අනුමාන ටික අහගන්න වෙන්නැති.
"රෙදි කෑල්ල නම් රතු පාටයි වගේ.."
මම කිව්වෙ ටිකක් වචන බර කරලා අවිශ්වාසෙන් වගේ කටහඬ හදලා. මම එහෙම කිව්වෙ හේතු 2ක් උඩ. මම අනුමාන කරපුවා වැරදුනොත් චා වෙලා චොර වෙනවනෙ.චමියත් බලන් ඉන්නවා. අනෙක මගෙ ඒව කරුමෙට වත් හරි ගියොත්? මෙතුමා හොයාගත්තා වගේ රටට කියයි. මගේ හැකියාවට හුලං වදී.
මගෙ කටහඬින්ම වැඩේ හරියන්නෙ නෑ කියලා තේරිලාද මන්දා, සාජන් මහත්තයා මගෙ ලඟින් අයින් වෙලා සේනාරත්න ලඟට කිට්ටු කලා.
එහෙම කිට්ටු කරලා එයා හෙමීට මට කිව්වා, මම දැනගෙන නොහිටි දෙයක්....
"අතුරුදහන් උනු ගෑනු ලමයා අන්තිමට දකිනකොට ඇඳගෙන ඉඳලා තියෙන්නෙ රතු ටී ෂර්ට් එකකුයි ජින්ස් එකකුයි..."
මට දැනුනෙ බයකටත් වඩා දුකක් වගේ හැඟීමක්. ඒ කෙල්ලට අනතුරක්ය කියන හැඟීම තවත් දෙගුන තෙගුන වෙලා මට දැනුනා. ඒ වගේම අප්සෙට් එකකුත් දැනුනා. ඒ අවංකවම සාජන් මහත්තයාට ඕනි උනේ මේ පරීක්ෂණය විසඳන්න මිසක් මගෙ පහනින් එලිය බලන්න නෙවේ කියලා මට හිතුනු නිසා. මම තවත් අවධානෙන් රෙදි කෑල්ල දිහා බැලුවා. සේනාරත්න මහත්තයා නම් රෙදි කෑල්ල දිහා අනිමිසලෝචනයක.
රෙදි කෑල්ල හතරැස් හැඩයකට ටිකක් හුරුයි. ඒ උනාට අගිස් වලින් නූල් තරමක් ලිහිලා. එක පැත්තකින් මැහුම් දාරයක් වගේ තියෙනවා. කොහොම රෙද්දක උනත් කෙලවරක කෑල්ලක් වෙන්න ඕනි. අනෙත් පැත්තෙ තිබුනෙ හොඳට කැපිලා කෙටිලා ගිය පෙනුමක්. අවුරුදු 2ක 3ක ලමයෙක්ට රෙදි කෑල්ලකුයි කතුරකුයි හම්බුනාම කපන කැපිල්ල දන්නවනෙ? අන්න ඒ වගේ, ලවක් දෙවක් නැතුව කපල හැරියම තියෙන පෙනුමක් ඒ කෙලවර තිබුනෙ. අනෙත් පැති දෙකේ නම් විශේෂත්වයක් පෙනුනෙ නෑ.
මම "මිස්ට" සේනාරත්න දිහාවට හැරුනා.
"සර්.. තව පොඩ්ඩක් මේක උස්සලා හරවලා බලමුද?..."
සේනාරත්න මොකුත්ම නොකිය ආයෙත් කෝට්ටෙන් රෙදි කෑල්ල උස්සලා මගේ දිහාවට දික් කරල එල්ලගෙන හිටියා. මමත් බෙල්ල දික් කලා නහය රෙදි කෑල්ලෙ ගැවෙන තරම්...
මම එතකොට දැක්කෙ,..
රෙදි කෑල්ලෙ දෙපොටක් තියෙනවා. සේනාරත්න මහත්තයා කෝට්ට රිංගවලා තියෙන්නෙ රෙදි කෑල්ල මැද්දෙන්. මේ රෙදි කෑල්ලත් දැන් අගක් මුලක් නැති කෑල්ලක් වගේ. මොන ඇඳුමක කොහේ තියෙන කෑල්ලක්ද?
එක පැත්තක මැහුම් දාරයක් තියෙන, අනෙත් පැත්ත පතුරු ගහපු රෙද්දක්???
මට එක පාරටම අකුණක් ගැහුව වගේ ඔලුවට ආව මේක ගැන. මේ රෙදි කෑල්ලෙ හැඩයයි, කැපිලා කෙටිලා තියෙන විදිහයි, වටේ තියෙන ලේ ගොඩයි දිහා බලද්දි මට හිතුන දේ???
ම්ම්හ්....
නෑ. එහෙම කියන්න බෑ. මට හිතුනු දේ මටම විශ්වාස කරන්න අමාරුයි. මම ආයෙත් ලේ ගොඩ ලඟින් පාත් උනා, මගෙ අනුමාන හරිද වැරදිද කියලා තීරණය කරන්න පුලුවන් තවත් සාධක හොයාගන්න පුලුවන්ද බලන්න... සොයන්නාට සම්බ වේ කියනවනෙ.
මම බලාගෙන හිටියෙ සේනාරත්න මහත්තයා තව මොනා හරි අවුස්සනකන්.
ම්ම්හ්?
එයාට නම් එහෙම බලාපොරොත්තුවක් නෑ වගේ. බිම බලන් පස්ස උඩ තියන් කල්පනා කරනවා. ටිකක් වෙලා ඔහොම කල්පනා කලාට පස්සෙ එයා හැරුනා සාජන් මහත්තයා දිහාට..
"ජයේ..."
සාජන් මහත්තයා හැරිලා බැලුවම ඔලුව වනලා ලඟට කැඳෙව්වා. ඊට පස්සෙ මුනු මුනු ගාල මොනවද කිව්වා. මට හරියට ඇහුනෙ නෑ. සාජන් මහත්තයත් කටුස්සා වගේ ඔලුව වන වනා ඉඳලා නැගිට්ටා. ගත්තා කෝල් එකක්. ඒකත් කනේ තියාගෙන අපි හිටපු තැනින් ටිකක් ඈතට උනා.
"පුතා.. අපේ කට්ටිය එනකම් අපි තව ටිකක් මෙතන චෙක් කරලා, මේ ලයින් එක දිගේ ඉස්සරහටම යන් නේද?...."
සේනාරත්න මහත්තයා ඇහුවෙ මගෙන්...
මමත් ඔලුව වැනුවා. ඒත් මගෙන් උත්තර බලන් නොඉඳම සේනාරත්න මහත්තයා ලේ ගොඩ වටේටම ආයෙත් කෝටු කෑල්ලෙන් පාදන්න ගත්තා.. මමත් බලන් හිටියා. ඒත් වෙනින් වැදගත් කියල දෙයක් හමු උනේ නෑ. ලේ ගොඩයි, ඒකට කලවම් උනු පස්, කොල රොඩු, සේරම පෑදෙනකන් කෝටු ගෑව.... ඒත්..... ඉතාම කලාතුරකින් එතන තියෙන්න ඉඩ ඇතියි කියලා මම අනුමාන කරපු දෙයක් මම දැක්කා. අන්තිම මොහොතෙදි.. මට කෑ ගැහුනෙ ඉබේටම.(මම කෑ ගැසූ ආකාරය මෙහි පල කල නොහැක.)
මහා හයියෙන් නොවුනත් කටින් පිට උනු සද්දේ මේ වෙලාවෙ හැටියට ඕනි කෙනෙක් තිගස්සවන්න සමත්.. සේනාරත්න මහත්තයා නම් රවාගෙන වගේ අමුතුවට මගෙ දිහා බැලුවා. සාජන් මහත්තයා දුවගෙන ආවා. චමියා දිහා නම් මම බැලුවෙ නෑ. බැලුවා නම් මීටත් හයියෙන් කෑ ගැහෙන ස්ටාන්ස් එහෙක ඌ ඉන්නවා දකින්න ඉඩ තියෙන හින්දා.
මම දකින්න ඇත්තෙ මහා බිහිසුනු දර්ශනයක්ය.... කස්ටියටම හිතෙන්න ඇති. අපෝ නෑ. මට කෑ ගැහුනෙ බිම ඇඳිලා තිබුනු ඉරි වගයක් දැකලා. ඒකත් හරියට කෝටුවකින් බිම ඉරි ඇඳලා වගේ. ඒත් සේනාරත්න මහත්තයා අතින් ඇඳුනු ඉරි නෙවේ කියලා මම දන්නවා. කෝටුවෙන් කාල් ගාන දිහාව මමත් බලන් හිටිය නිසා. ඊටත් වඩා කෝට්ටකින් ඇඳෙනවට වඩා ගැඹුරට මේ ඉරි ඇඳිලා...
මම හිතපු දේ දැන් නම් වරදින්න තියෙන්නෙ පොඩි ඉඩක් විතරයි....."මොකද පුතේ?...."
මගෙන් ඇහුවෙ සාජන් මහත්තයා. එයාට දෙන්න මගෙ ලඟ තියෙන්නෙ නම් එච්චර හොඳ උත්තරයක් නෙවේ.
මතු පෝස්ට් හා සබැඳි...
නියමයිනේ මාර ආසාවෙන් කියෙව්වේ
ReplyDeletemath asawen liyanawa,
Deleteඔක්කෝටම කලින් පහුගිය පෝස්ට් ටික කියවලා ඉන්න ඕනේ..කතාව තේරුම් ගන්න නම්
ReplyDeletemula idan balannako. Awata thnkz lihiniyo.
Deleteමමත් මුල ඉදලම එන්නං... කතාව නං නැගලා යනවා වගේ :)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
adawi rajageth raaja sampath wadi wewa...
DeleteAwata thankz hode
ෂික් බලපං නවත්තපු තැන, දැන් හිටපංකෝ ඊළඟ එක දානකන් උඹට හිතිච්ච එක දැනගන්න.
ReplyDeleteඅළුත් ඇඳුමක් ඇඳල වගේ. අර උඩින් ඉන්න රහස්පරීක්‍ෂකයා නම් මල් හතයි. ආ .....
jhonny english reborn film 1n. . . Mage master sir
Deleteනියෙමෙට කතාවා ලියලා තියනවා....... ජය මචෝ
ReplyDeletetan-q wewa.
Deleteආ Spider කාරයා අලුත් Template එකකුත් දාල තියෙන්නේ. මරු මරු. අයියෝ ඒත් කතාව නවත්තපු තැන? ඊලඟ එකත් ඉක්මනට දාන්න.
ReplyDeleteලියන්නාන් ඉක්මන්ටම
Deleteනියමයි.. මට නම් ඔය එකක්වත් අනුමානෙන්වත් හිතා ගන්ඩවත් බැරි වුනා.. උඹ ඇත්තටම රහස් පරීක්ශකයෙක්ද ? අර රහස් පරීක්ශක නරිසන් වගේ.. :-)
ReplyDeleteටෙම්ප්ලේට් එක මාරු කරපු එක හොඳයි.. දැන් කිසි කිසි ගාලා කෙලින්ම රිප්ලයි කරන්ඩ පුළුවන්..
නරි සන් ගැන නම් දන්නෙ නෑ.හික් හික්...
Deleteසෙන්න ලිව්වයි කිව්ව ඩිටෙක්ට් ස්ටෝරියක්? ඒක කෝ? මට හොයාගන්න බෑනෙ
ඇයි බන් දොස්තර හොඳ හිත එකේ ඉන්නෙ.. දන්නැද්ද ?
Deleteමෙන්න ලින්ක් එක.. ඔතෙන්ට ගිහින් එතනින් නිධාන කතාවට ගිහින් ඒක කියවලා වරෙන් හරිද ? නැත්නම් විකාරයක් වෙනවා.. දැන් මේ උඹ ලියන ඒවා එක්ක බලපුවම මට නිකන් ලැජ්ජයිත් වගේ ඒක පෙන්නන්නත්.. :-) ඒක ලාමක ටින් ටින් ඩිටෙක්ටිව් එකක් බන්...
http://kurundha.blogspot.com/2012/02/blog-post_29.html
එලනෙ මනුස්සයෝ. දිගටම ලියන්න. මගෙ ස්ටයිල් එකට වඩා ගොඩාක් වෙනස්. මගෙ කතාව කියන්නෙ මමයි. ඒකත් මගේ ව්‍යවහාරයෙන්. මම ඔයාව ෆේස් 2 ෆේස් හම්බෙලා මේ කතාව කියන විදියකයට. ඔයාගෙ කතාව නම් පුස්තක භාශාවෙන්ම තියෙනවා. තේරුම් ගන්නත් ලෙහෙසි. අනෙක මම වගේ පෝස්ට් ගනන් අදින්නෙත් නෑනෙ ;)
Deleteමම උබට කිව්වා කියල හිතා ගනින්..යකෝ රහ වැටිලා දිව එලියට ඇදෙනකොටම කතාව ඉවරනේ.
ReplyDeleteදිව ඇතුලට දාගනින්.
Deleteඅනිවා ඔය එහෙ මෙහෙ දදා අවුස්සනවා ඇත්තේ fems එකක හු ඈ
ReplyDeleteහා හා
ReplyDeleteහෑ
ReplyDelete