"සර් මට පිස්සුය කියලා නම් හිතන්න එපා. ඒත් මම දක්ක දේවල් වලින් මට හිතෙනවා...."
මම පොඩ්ඩක් එහෙට මෙහෙට ඇඹරුනා. මට හිතෙන දේ වරදීවි කියලා හිතට බයයිනෙ. ඉතින් මේක කියාගන්නත් නිකම් මොකක්ද වගේ.
"පිස්සු නැතුවට ඉතින් කියනවා... "
කරුනාවන්ත සාජන් මහත්තයගෙ කරුනාව කොහෙන් ගියාද නෑ. ඉවසිල්ලක් නැතුව මිනිහා නලියන්න ගත්තා. මූනත් නිකන් කුනු වෙච්ච දොඩම් පලුවක් වගේ උනා.. ඒත් කියන්නේ මේක කියාගන්න මට තියෙන අමාරුව මමනෙ දන්නෙ...
"සර්...
අපි පොඩ්ඩක් මේ වටේට ඇවිදලා බලමුද...?"
"ඒ මොකටද...?"
මම කාරනාව කියන්න හදන හින්දද කොහෙද කරුනාවන්ත පෙනුම ආයෙත් මූනට වැඩියා.
"මේ කෙල්ලගෙ අත හොයාගන්න...
මමත් ඔහේ කියලා දැම්මා..
(එතකොට කෙල්ල මැරිලද ඈ?
නෑ මම තාම එහෙම කිව්වෙ නෑනෙ. මම කිව්වෙ අත ගැන.)
සාජන් මහත්තයාගෙ මූන දම් පාට උනා. බලාගෙන ඉද්දිම වගේ කලු පාටට හැරුනා. එයාගෙ හමේ සෛල වල කටුසු ජාන අඩංගුද කොහෙද.
"මොනවා මනුස්සයෝ???..."
සාජන් මහත්තයා ගෙරෙව්වා.
මම ඔලුව වැනුවා.
"සොරි සර්.. මට වැරදිලා වෙන්න ඇති. ඒත් මට එහෙම හිතුනා. ප්ලීස් අපි ටිකක් හොයලා බලමු..?"
මම කිව්වෙ යන්තම් ඇහෙන සද්දෙකින්.
කියන්න බෑනෙ. කරුණාව ඔලුවට කඩන් පනීද කියල.
"හ්ම්ම්..."
ඒ යන්තම් සද්ද කලේ සාජන් මහත්තයා නෙවේ. සේනාරත්න මහත්තයා. සාජන් මහත්තයා ඒ දිහාට හැරුනෙ මූනෙ ප්‍රශ්නාර්ථය තියාගෙනමයි. මමත් බැලුවා සේනාරත්න මහත්තයා දිහා. එයා ඔලුව හෙලෙව්වෙ මම කියන දේ අනුමත කරන්න වගේ.
"ජයේ.. මටත් හිතෙනවා අපි මේ ලයින් එක දිගේ යන්න කලින්, මේ අවට පොඩ්ඩක් හෝදිසි කලොත් හොඳයි කියලා...
හැබැයි පුතේ, මේ හරියෙ අපිට උවමනා වෙන මොනවා හරි දෙයක් තියෙන්න පුලුවන් හින්දා කැලේ අවුස්සලා පීරන්නෙ නැතුව පරිස්සමින් හොයලා බලන්න ඕනි...."
සේනාරත්න මහත්තයා අන්තිම ටික කිව්වෙ මන් දිහාට හැරිලා. මම මොකුත් නොකියා ඔලුව වැනුවා.. ආයෙත් ටිකක් කල්පනා කරලා මම මෙහෙම කිව්වා.
"සර්.. කැලේ ඇවිස්සෙන්නැති වෙන්න මේක කරන්නත් ඕනි හින්දා, අපි වෙන වෙනම ඈත් වෙලා යමුද?... "
සාජන් මහත්තයා පොඩ්ඩක් ඔලුව හෙලෙව්වා. හොලවලා මගේ පැත්තට හැරුනා. ඒ ගමන්ම මම ආයෙත් කට ඇරියා.
" ඒ හින්දම සර්, මේ මගේ යාලුවට මෙහෙම්මම ඉන්න කියලා අපි තුන්දෙනා විතරක් සර්ච් කරමුද?..."
මම ඇහුවෙ චමියා ගැන තරහකින් වත් වෙන අප්සට් එකකටවත් නෙවේ. මිනිහ විතරක් තනියෙන් ඇවිද්දත් කැලේ ඇතුලෙ කුඹුරක් මඩවලා වගේ වෙන බව මම දන්න හින්දා.
මම එහෙම කිව්වෙ චමියටත් ඇහෙන්නම. ඌ මගෙත් එක්ක තරහ වෙයිද දන්නෑ, ඒත් කැලේ අපරාදෙනෙ?
සාජන් මහත්තයා ඒකට මොකුත් කිව්වෙ නෑ. ඒත් මගෙන් මෙහෙම ඇහුවා.
"පුතා කොහොමද එහෙම දෙයක් කිව්වෙ?.. මේ ලේ ගොඩ දැක්කා උනත්,
අර රෙදි කෑල්ල දැක්ක උනත්...?
මට පැහැදිලිව කියන්න.... කොහොමද එහෙම හිතුනෙ?.."
මට ඉතින් හිතුන දේ පැහැදිලි කරලා දෙන හැටි හිතාගන්නත් බෑ. හිතෙන දේ කියාගන්නත් බෑ.. මම ටිකක් කල්පනා කලා.
"සර්. අපි පොඩ්ඩක් සර්ච් කරමු. මට මේක මෙහෙම පැහැදිලි කරන්න තේරෙන් නෑ.."
සාජන් මහත්තයා අහක බලාගත්තෙ නොකැමැත්තෙන් වගේ. එයාට මම කියපු දේ තාම හිතාගන්න බෑ කියලා මට තේරුනා. ඒත් සේනාරත්න මහත්තයා???
එයා ගල් ගිල්ලා වගේ. කිසි හා හූවක් නෑ. ඒත් මම කිව්ව එක අවිශ්වාස කරපු බවක් මූනෙන් පෙනුනෙ නෑ. විශ්වාස කරපු බවකුත් නෑ...
කොහොම උනත් එයා සර්ච් එක දාන්න හිතන්න ඇත්තේ මම කියපු දේ විශ්වාසෙන් නෙවේ නම්, එයාට තේරුන වෙන දෙයක් ගැන විශ්වාසෙන් වෙන්න ඇති. ඒත් නැත්නම් කැලේ අස්සෙ තව හෝඩුවාවන් තියේ නම් ඒව හොයාගන්න වෙන්නැති.
කොහොම උනත් මගේ බලාපොරොත්තුව උනේ මම කියපු විදියට කෙල්ලගේ අත හොයාගන්න. ඒ දේ මගෙ ඔලුවට වැටුනු හැටි ගැටගහගෙන සාජන් මහත්තයට කියනකල් හැමෝටම ඉවසන් ඉන්න වෙනවා ඕං.
ඒත් මම වැරදි නම්...?
හපෝ ලැජ්ජාව කෝටියයි. අඩුම තරමේ කැලේ සතෙක්ගෙ අඬු කෑල්ලක්වත් හොයාගෙන කට්ටියට පෙන්නලා සායම බේරගන්න ඕනි. නැත්නම් සර්ච් එක දාන මුවාවෙන් හොරෙන්ම මෙතනින් පැනගන්නවා. කෝකටත් දැනට හොයලම බලමුකෝ..
සාජන් මහත්තයා ඉස්සෙල්ලම කැලේට රිංගුවා. මම ලේ ගොඩ පැත්තකින් හිටගත්තා ගෙවල් තිබුන පැත්තට පිටුපාලා. එහෙම ඉඳන් මම කල්පනා කලා කොයි පැත්තටද යන්නෙ කියලා.
ම්ම්හ්?
මම කල්පනා කලා. මගේ අනුමාන වලට අනුව නම්,
වම් පැත්ත. බොහෝ විට. මම වම් පැත්තෙන් යන්න හදනකොටම, සේනාරත්න මහත්තයත් මම යන්න හදපු පැත්තෙන් ඉස්සරහට යනවා මම දැක්කා. එයාටත් මට හිතුනු දේම හිතිලද කියලා ඔන්න මට දැන් නම් සැකයි. කමක් නෑ, ඔහේ පල කියලා මමත් පස්සෙන් වැටුනා.
මම සර්ච් එක දැම්මෙ මගෙ හිතේ තියෙන දේවල් පිලිවෙලකට පෙලගස්වන ගමන්. එහෙම ගලපලා සාජන් මහත්තයට කියන්නත් එපැයි. මම වට පිට බැලුවෙ සාජන් මහත්තය කෝ කියලා බලන්න. එයා ටිකක් ඈතට වෙන්න සර්ච් එක දානවා. මට ඉස්සරහින් ගිය සේනාරත්න මහත්තයා බිමට පාත් වෙලා වගේ. පාතින් තිබුනු පඳුරු ගොඩක් හෙලවෙනවා මට පෙනුනා.
මට චමියව මතක් උනෙ මෙවෙලේ. අපොයි මේ මිනිහව මට අමතක වෙලා ගිහින්නෙ මේ ටිකට? පව් අහිංසකයා. මම හැරිලා බැලුව ඌ කෝ කියලා. ඌ හිටපු තැනමයි. පාෂාණිභූතයෙක් වෙලා වගේ එහෙම්මම ඉන්නවා.
මම ආයෙත් සර්ච් එකට හැරුනා. එවෙලෙම වගේ මට ඉස්සරහින් පඳුරු ගොඩක් අස්සෙන් සේනාරත්න මහත්තයගෙ පුරහඳක් වැනි කලු මුහුන මතුවුනා බිහිසුනු පෙනීමක්ද සහිතව...
අත හම්බ වෙලා වගේ..
මට එහෙම හිතුනා. සේනාරත්න මහත්තයාත් සාජන් මහත්තයා දිහාට හැරිලා කෑ ගැහුවා.
"ජයේ.. මෙහාට එන්න ටිකක්..."
මතු පෝස්ට් හා සබැඳි...
මේකට නම් මොකක් හරි කොරන්න වෙනව කොළුවො, උඹට ඔය පෝස්ට් එකට අකුරු වැඩි වෙන්නෙ හරි තැන්වලට ආවමනේ.
ReplyDeleteමොකක්ද අකුරු වැඩි වෙන කතාවක් කිව්වෙ ?
Deleteමේකනේ සෙන්නා, අපේ යාළුවට ටිකක් දිගට පොස්ට් දාන්ට බැරි ඒක දිග වැඩි වුනාම එරර් එකක් එනවළු.
Deleteමම කොරන්න දෙයක් හොයාගත්තා. මම කොම්පෝස් වලින් නොගහා එච් ටී එම් එල් වලින් ටිකක් කපලා කොටලා බැලුවා. එතකොට තව දිග පෝස්ට් දාන්න පුලුවන්. ඒත් බැරි උනොත් ෆොන්ට් සයිස් එක අඩු කරන්නද? මේ සයිස් එක ලාර්ජ්.මේම හොඳයි කියල මුල ඉඳන් දැම්මෙ.
Deleteමේක වෙන්ඩ බැරි වැඩක් මචන්.. මම දාලා තියෙන්නෙ මාගල් වගේ දිග ඒවා කිසිම අවුලක් නැතුව.. ෆෝන්ට් සයිස් එක අඩු කරාට වැඩක් වෙයි කියලා මම හිතන්නෑ.. උඹේ සෙටින්ග්ස් පොඩ්ඩක් චෙක් කරලා බලපන්, මොකක් හරි ඔප්ශන් එකක් වැරදිලා ක්ලික් වෙලාද දන්නෑ..
Deleteමේ නිව් ටෙම්ප්ලේට් එකෙන් පස්සෙ 8 වෙනි පාර්ට් දැම්මෙ. ඒක දිගට ගියා, ම්ම් හිතන්නෙ කලින් ටෙම්ප් එකේ අවුලක්.
Deleteනියමයි ඈ............ කුතුහලය උපරිමයි.. මට තාම හිතාගන්ඩ බෑ උඹට මොනවද හිතුනෙ කියලා..
ReplyDeleteසාජන් මහත්තයාට කියනකම් ඉන්නකෝ.
Deleteබොහොම හොදට කුතුහලය රැකගෙන යනවා. ඔහොම යන් ...
ReplyDeleteඕකේ. ඒත් මගේ අඩුපාඩු නැද්ද ඈ? සෙන්නා එක පාරක් පෙන්නලා දුන්නා සිංහල භාශාවෙ වරදක්. මට ගල් පාරකුත් නැතුව හරි නෑ වගේ. නලීන් අයියගෙන් ලොකු විවේචනයක් කොයි වෙලේ හරි බලාපොරොත්තු වෙනවා.(ඊයෙ කර්මයට දාපු පෝස්ට් එක දැක්ක වෙලේ ඉඳන් මමත් බයේ ඉන්නෙ.)
Deleteනියමයි. මටනම් ඊලඟ එක කියනවකම් ඉවසිල්ලක් නෑ.
ReplyDeleteමම ඉක්මන්ට පෝස්ට් දෙනවා.
Deleteඅනේ අපි පව් බන්.ලස්සන දේවල් ටිකක් වැඩිපුර රසවිදින්න දීපන්කො.
ReplyDeleteඅනේ පව්. එහෙනම් තව පාරක් කියවන්නකෝ
DeleteNaughty neme nice
ReplyDeleteමන්චි නයිස්. හික් හික්....
Deleteඔය තරම් අගේ කරලා නවත්තද්දි පිස්සු හැදෙනවනේ බොස්..?
ReplyDeleteමේ ඇනිමසයා. මාව හම්බුනොත් පිස්සුව හොඳ කරලා දෙන්නම්.
DeleteYako tikak vadipura liyala dapanko
ReplyDelete