නංගිගෙ මාලේ-03


                                                                                                 මුල් කොටසට...
 මම සාලෙට ඇවිත් පුටුවක් උඩ වාඩි වෙලා උඩ බලාගෙන කල්පනා කරන්න ගත්තා. නංගිගෙ මාලෙ ගැන නෙවෙයි. සිවිලිමේ තිබ්බ මකුළුදැල් ගැනයි මම මේ කල්පනා කලේ. වැඩකාරයා වගේ එක වැඩක් ගොඩ දාගත්තට මේකෙදි නම් මම හිර වෙලා කියලා මට දැනුනා. කැලේ වගේ හෝඩුවාවන් හොඳට පැහැදිලිව හිටින්නෙත් නෑ මේ කාමර අස්සේ. තිබුනොත් නම් ඉතින් එලියෙම තමා.

මම ඔහේ කල්පනාවෙ ඉද්දි ඇන්ටියි නංගියි චමියයි තුන් දෙනාම මගේ දිහා බලාගෙන සාලෙටම වෙලා හිටියා. හැබැයි කවුරුවත් මගෙ කල්පනාවට බාධා කරන්න ආවෙ නෑ. ඔහොම ටිකක් වෙලා ඉන්නකොට ඇන්ටිගෙයි නංගිගෙයි ඉවසීම අඩුවෙලා වගේ, මගේ දිහා බලා ඉඳිල්ල ඇති වෙලා අනෙත් පැත්ත හැරුනා. දෙන්නත් එක්ක කුටු කුටු ගගා කුස්සිය පැත්තට යනකොට මම එලියට බැස්සා. චමියා මගෙ පස්සෙන් ආවා.

මම ටිකක් වෙලා කල්පනා කලේ මොනවද මම හොයන හෝඩුවාවන් කියලා. හොරෙක් ආව නම් උගේ අඩි සලකුණු, උගෙ ඇඳුමේ නූල් කෑල්ලක්, නැත්නම් උගෙ ඇඩ්‍රස් එක ලියලා තියෙන විසිටින් කාඩ් එකක්වත් ඌ තියලා ගියාද කව්ද දන්නෙ?

පුහ්... මගෙ මහ ලොකු හැකියාව. හම්බවෙයි මට...

මම බිම බලාගෙන දොරකඩ ලඟ එහාට මෙහාට ගියා. ම්හු. පේන්න දෙයක් නම් නෑ. අනේ අපොයි. මටත් පිස්සුනෙ. හොරෙක් ආවොත් ඉස්සරහ දොරෙන් එයිද? මට තනියෙන් හිනා ගියා මන් ගැනම.

මම මිදුලට බැස්සා. ඊට පස්සෙ බිම බලාගෙනම පිළිකන්න පැත්තෙන් ගේ පිටිපස්සට ගියා. අඩි ලකුණක්වත් වෙන මොකුත් ලකුණක්වත් මට පෙනුනේ නම් නෑ. තිබ්බත් මඩේ එරුනා වගේ තිබ්බොත් මිස මගේ ඇහැට පේන්නෙ නෑනෙ?  මට ඒ ගමන මතක් උනේ සේනාරත්න මහත්තයව. එයා හිටියා නම්...

ඉතිරිය කියවන්න >)))>

චමියගෙ භාන්ඩේ ඊබුක් කලා.



මගෙ පලමු බ්ලොග් අඩවියේ මුල්ම කතාව 'චමියගෙ භාන්ඩේ'. මේ බ්ලොගය පටන්ගත්ත දා ඉඳලා ගොඩක් යාලුවො එකතු උනා මාව කියවන්න. පෝස්ටුවෙන් පෝස්ටුවට මාව දිරිමත් කලේ එයාලා. ඒත් අතර මැදදි මේ බ්ලොගෙට එන කස්ටියට, විශේෂයෙන්ම බ්ලොග් ලෝකෙට අලුත් අයට, තව ෆ්‍රී ඩේටා අඩු කට්ටියට, සිග්නල් අඩු, කනෙක්ෂන් එක ස්ලෝ කට්ටියට, බ්ලොග් අඩවිය පීර පීර මුල ඉඳන් පෝස්ට් කියව කියවා එන එක වදයක්. කම්මැලි වැඩක්.ඒ වගේ අය වෙනුවෙන් මේ ඊබුක් එක දාන්නේ. මේක පොතක් පල කිරීමක් නෙවෙයි. කර්තෘ හිමිකමක් කියලා දෙයක් නෑ. මේක කැමති කෙනෙකුට කැමතිදේකට ගතෑකි. ඒත් දාපු පින්තූර නම් ගූගලෙන් ගත්ත ඒවා. ඒවයේ හිමිකම් ඒ ඒ අය සතුයි. මේක නිදහසේ කියවලා තමන්ගෙ අදහස එක පාර කොමන්ට් කරන්න පුලුවන් විටෙක ඇවිත් යන්න මගේ පරීක්ෂණ රහස් කතා බ්ලොග් අඩවියටත්….

මේක ඩවුන්කරගන්න. මම දැම්මෙ ඇඩ්ෆ්ලයි හරහා. දන්න කස්ටිය, ගන්න කස්ටිය, මෙතනින් ගිහින් ගන්න. නොදන්න කස්ටිය පහලින් බලාගන්නකෝ.




ගියාම එන පිටුවේ තත්.5ක් හිටියම පිටුවේ උඩ වම් පැත්තේ මේ වගේ පෙන්නයි. 

එතන "skip ad" click කලාම බඩු හම්බෙනවා. 
නැත්නම් ඊලඟ පේජ් එකට යැවෙයි. ඒකෙ මෙන්න මේක ඔබන්නකෝ. 

... හරි නොගියොත් කියන්න ඈ.....  

නංගිගෙ මාලේ-02

http://bloggers.com/post/5-situations-in-life-when-you-must-run-3844529 

                                                                                                            මුල් කොටසට...
මම අහස පොලොව ගැටලන්න වගේ කල්පනා කලා. බීම එකත් ඉස්මොලේ ගිය එක හින්දා මොලේ පෙඟිලා. වයර් ශෝට් වෙලා. වැඩ කරන්නෙ නෑ. ඒ හින්දාමද මන්දා, මට කිය උනා..

"හා ඇන්ටි. මන් බලන්නම්..."

ඒ ගමන ඇන්ටිගෙ මූන මලක් වගේ පිපිලා ගියා. සිරාවටම නංගිගෙ මූනෙ ලස්සනත් මට අමතක වෙලා ගියා. චමියගෙ අම්මටත් මාර ලස්සන හිනාවක්නෙ තියෙන්නේ. ඉතින් මාත් හිනා උනා.
ඒ ගමන ඇන්ටි ආයෙත් හිනා උනා. මාත් ටිකක් වැඩියෙන් කට පළල් කලා. ඇන්ටිට උනත් සෙකන්ඩ් වෙන්න බෑනෙ? ඔන්න බලාන්.. ඇන්ටි ඊටත් වඩා ලොකුවට.....
අපොයි මේ ඇති. මම පරාජය බාරගත්තොත් හොඳයි....

මම හිනාව මුලටම බස්සලා අහක බලාගත්තා. ඒ ගමන තමයි දැක්කේ, නංගි මගේ දිහා බලන් හිටපු හැටි. හොල්මනක් දැකලා වගේ පුදුම බයකින්. එයාගෙ ඇඟිලි තුඩුත් යන්තම් ගැහෙනවා මම හොඳට දැක්කා.
ම්හ්හ්..... කෙල්ල බය වෙලා..  ඒත් මොකටද? මගෙ මූනටද?  නැත්නම් මාලෙ හොයන්නම් කියල මම කිව්ව එකටද?
ඒත් ඒකට බය වෙන්නෙ මොටද? සතුටු වෙනව මිසක්??
හ්ම්ම්. මගෙ මූනෙ හැටියට තමයි මේ....

ඉතිරිය කියවන්න >)))>

Photobucket
Create your own banner at mybannermaker.com!
Sinhala Blog Reader
  • ආයුබෝවේවා

මේ වෙලාවේ

© 2013  boothspider.blogspot.com. Powered by Blogger.