මොකද හැබෑටම කොරන්නේ?......

යාලුවනේ.
මම අලුත් කතාවක් ඉක්මනින්ම දෙනවා කියලා ගියා ගියාමයි ආවෙත් අද.  :D
 
තරහා වෙන්න එපා ඉතින්. ඒත් මට නිකන් මොකක්ද වගේ තිබ්බා ඊලඟ කතාව ලියන්න.
මගෙ ඔලුවේ කතා දෙක තුනක් තියෙනවා ගොඩ ගැහිලා. කොයික ලියන්නද මන්දා ඉස්සෙල්ලම. මම මුලින්ම ලිව්ව එක ටිකක් ලොකු බැරෑරුම් එකක් හින්දා මම තීරණ
ය කලා ඊලඟට සිම්පල් ප්ලෑන් එකක්ම ලියන්න ඕනි කියලා.  ඒත් ආයෙත් මම හිතුවා මේ ලියපු එකේ හැටියට සිම්පල් 1ක් ලිව්වොත් කට්ටියට එපා වෙයි කියලා.
ආයෙත් ටිකක් කල්පනා කරලා හිතුවා මේ ලිව්වා වගේම දිග එකක් ලියන එක හොඳයි කියලා. ඒත් කට්ටියට කම්මැලි හිතේවිද මන්දා. කතාව දිග උනාම ගොඩක් ඇද ඇද යැවෙනවාමනෙ. 

ඉස්සෙල්ලම කොයික ලියන්නද මන්දා.   ඒ විතරක්ද? මගෙ ඔලුවේ කතා වලට වඩා ගොඩක් දේවල් තියෙනවා ලියන්න නම්. ඒත් කතා කියවන්නනෙ ඔයාලා එන්නෙ. ඉතින් කතා නැතුව වෙනින් දේවල් ලිව්වොත් ඒත් එපා වෙයිද කියලා මට හිතෙනවා.
( එහෙම වෙයි කියලා චමියත් මාව බය කරනවා. )
කාටවත් එපා වෙන්නෙ නැති එකක් ලියන්න මම දහ අතේ කල්පනා කරනවා. කල්පනාව මිසක් ලියන්න කම්මැලී. දෙතුන් පාරක්ම ලියන්න ලෑස්ති වෙලා ආයෙත් මම හිතනවා.

මේක මන් හිතන්නෙ අලුතෙන් බ්ලොග් එකක් ලියන්න පටන් ගත්ත ගොඩක් දෙනෙක්ට හැදෙන ලෙඩක්.... තමන් ලියන දේ කට්ටියට අල්ලලා යයිද? නැත්නම් එපා වෙයිද? බයේ බෑ......

මොකද හැබෑටම කොරන්නේ?......   :-(

21 thoughts on “මොකද හැබෑටම කොරන්නේ?......

  1. හිත හිතා ඉන්නෙ නැතුව කිව්ව නම් ඉවරනේ...කාට හිතට අල්ලනවද බලන්න ඉස්සරවෙලාම කියවන්න ඕනෙනෙ...අර රහස් පරීක්ෂක කතා තමා මරු..ඒත් ඉතින් වෙනස් වෙනස් ඒවාත් ලියන්න එපායෑ..දැන් ඔය කම්මැලි කම පැත්තකට කරලා ලියන්න ගන්න..කියවන්න එන අය එනවා... :)

    ReplyDelete
    Replies
    1. ඒකත් ඇත්තනේ? තෑන්ක්ස් ලීනියෝ...

      Delete
  2. මූට මඤ්ඤං. ලියාපං යෝධයෝ හිත හිත ඉන්නැතිව.

    හිත හිත ඉන්න ගියොත් කවදාවත් වැඩේ කෙරෙන්නෙ නැහැ. ලියන්න ඕන කියල දැනුන ගමන් පටස්ගාලා පටන් ගන්න. ආයෙ හොඳද නරකද කියල ලත වෙන්න ඕන නෑ, ඒක අපි කියවල තීරණය කරගන්නම්, උඹ ලියපං කොළු.

    අනෙක ඉතිං කතා අතරතුරට වෙන වෙන පොස්ට් එකක් දෙකක් දැම්මට අවුලක් නෑ, ආයෙ මොකද ඒකට වෙන බ්ලොග් එකක් පටන් ගන්නයැ. අනේ බං ... මේක උඹේ බ්ලොග නේ, උඹ කැමති මඟුලක් ලියපං, අවුලක් නෑ.

    ReplyDelete
    Replies
    1. හිතපු ගමන් ලියන්න ඕනි. ඕකේ.

      Delete
  3. මෙහෙමයි. ස්පයිඩර් ඉස්සෙල්ලා ලියන්නෙ කොයි කතාවද කියන එක නෙවෙයි ඇත්තටම වැදගත්. හිතේ තියෙන ඔය කතා තුනම කොයි වෙලේ හරි ලියන එකයි. ඒක නිසා මම නම් කරන්නෙ කතාවක් මතක් වුනාම ඒකෙ මාතෘකාව හරි ලිස්ට් එකක ලියලා තියෙනවා අමතක නොවෙන්න. අනික ලියන කතාව පොලිෂ් කරන්නත් සෑහෙන කාලයක් ගත කරන්න වෙනවා. හිතට හරි නැති තැන් ආයෙ ලියන්න වෙනවා. වැරදි තියෙනවද කියලත් බලන්න ඕනෙ.

    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. මමත් කතාව පොලිෂ් කරන්න තමයි සෑහෙන කට්ටක් කන්නෙ. ඒත් ලියපු ගමන් දානවා මිසක් ඩ්‍රාෆ්ට් වල පෝස්ට් දැමිල්ලක් මම කරන්නෙ නෑ.
      එඩිටර් එකක ලිව්ව.
      ඒ ගමන්ම කොපි කලා.
      පෝස්ට් එකට පේස්ට් කලා.
      වැරදි බැලුවා.
      පබ් කලා.

      Delete
  4. ස්පයිඩර් හිතට එනදේ ලියන්න මචෝ.. උබ්ගේ කතා එල මචං ඕනිම දෙයක් සාර්ථක කරගන්න පුංච් අවදානමක් ගන්න ඕනි
    ජය මචෝ

    ReplyDelete
    Replies
    1. :) තෑන්ක්ස් ලහිරු. මන් ඒ අවදානම ගන්නවා. ඔයාල හැමෝම මගෙත් එක්ක ඉන්න හින්දා.

      Delete
  5. මුලින්ම අන්න ඒ රිස්ක් එක ගන්න ඕනේ. මම බ්ලොග් ලියන් ආවේ මොකුත්ම නොදැන. නමුත් එක එක විදියේ අත්හදාබැලීම් වලින් පස්සේ පොඩ්ඩක් වැඩේ හරිගියා. ලියන්නකෝ බලන්න කොහොමත් අපි එනවනේ.

    ReplyDelete
    Replies
    1. මේ පෝස්ට් එකත් අත්හදාබැලීමක්නෙ. නේද? රිස්ක් එක නම් ගන්නවා.

      Delete
  6. අනුපිළිවෙල කොහොම උනත් ඔය ඔලුවෙ තියෙනවා කියපු කතා දෙක තුනම කොහොම හරි දාන්න. රහස් පරීක්ෂක කතා විතරක්ම වෙන්න ඕන නෑනෙ. වෙනස් වෙනස් දේවලුත් ලියන්න. වැඩිය හිතන්න එපා:)

    ReplyDelete
    Replies
    1. මගෙ ආසාව නම් පරීක්ෂණ රහස් වලටයි. වෙනස් දේවල් ගොඩකුත් තියෙයිනෙ. ටිකෙන් ටික සේරම එලියට ගන්න ඕනි.

      Delete
  7. ලියන්න එපැයි මොනවහරි කොමෙන්ට් කරන්න....නැත්තං මොන අලගෙඩියකට අපි කොමෙන්ට් කරන්නද?

    ReplyDelete
    Replies
    1. ඒකනෙ. ඕනි කෙංගෙඩියක් කියලා මන් ලියනවා.

      Delete
  8. ඔන්න ඔහේ ලියහන් මචන් වැඩිය හිතන්නේ නැතුව. මං නම් එනවා උඹ මොකක් ලිව්වත්. ලියන්න ගත්තම ඉබේම පොලිෂ් වෙලා එනවා. කතාම ඕනේ නෑ. ඒ අතරට ඔය එදිනෙදා සිද්ධි උනත් ලියන්න පුළුවන් නේ.

    ReplyDelete
    Replies
    1. hmm. කට්ටියම එහෙමනෙ.

      Delete
  9. ලියපන් බාන් ඉක්මනට..අපි බලාගෙන ඉන්නේ ඉවසිල්ලක් නැතුව :(

    ReplyDelete
  10. මං ආවේ පරක්කු වෙලා හංදා කියන්න දෙයක් නෑ.. මකුළුවා දැල වියා ඇත... හිහිහි..කට්ටියගේ කමෙන්ට් වල බලේ!

    ReplyDelete
    Replies
    1. කට්ටිය මාව ගොඩක් උනන්දු කලා

      Delete
  11. Ikmanata mokak unath awlak naha

    ReplyDelete

හික් හික් හික්...
ඔයාලට මොකක්ද හිතුනෙ මේක කියවද්දි?
මටත් දැනගන්න කොමන්ටුවක් දාලා කියන්නකො.

Photobucket
Create your own banner at mybannermaker.com!
Sinhala Blog Reader
  • ආයුබෝවේවා

මේ වෙලාවේ

© 2013  boothspider.blogspot.com. Powered by Blogger.