චමියගෙ භාණ්ඩේ-03


                                                                                මුල් කොටසට.... 
අපි භාන්ඩෙගෙ ගෙදර කිට්ටු කරනකොට සෙනග පිරිලා ගේ ඉස්සරාට වෙලා කසු කුසු ගානවා. අපිත් ඔලුව දාල බැලුවා. ගේ දොරකඩ ජීප් එකක් තියෙනවා. පොලිස් මාත්තුරු දෙන්නෙක් ගෙදර මනුස්සයා එක්ක කතාවක. දුරින් උන්නු හින්දා ඇහෙන්නෙත් නෑනෙ. මම වට පිට බැලුවෙ ගොසිප් ටිකක් අහගන්න කවුද ඉන්නෙ කියලා. බලන කොටම ඉන්නවා ඉස්සරහින්ම. කෝපි කඩේ අබිලිං මාමා.
(සොරි හොඳේ, අපේ චමියගෙ තාත්තා.)
මිනිහත් නියම වැඩ කරන්නෙ. උදේ පාන්දර කුකුලටත් කලින්
අහරිනවා, ඊට පස්සෙ කුකුලවත් ඇහැරවලා උදේට කන්නෙ, බොන්නෙ, (මූන හෝදන්නෙ, දත් මදින්නෙ,) වත් නැතුව ගම වටේ යනවා. වෙන මොකටවත් නෙවේ.ගමේ කාටවත් කරදරයක් දුකක් වෙලාද බලන්න. බලලා පුලුවන් උදව්වක් කරන්න. ඒ අතින් අපේ චමියගෙ කපාපු පලුව. පුතාගෙම තාත්තා.

...."ආ සිරිසේන මාමෙ?..."

මමත් පනාව දාගත්තා. අබිලින් කිව්වෙ ආදරේට. ඒක තමා පැට් නේම් එක.

මේ චමිය කොහේ ගියාද මන්දා? උගෙ තාත්තව දැක්ක ගමන් මාරු උනාද කොහෙදෝ? ඒව එහෙම තමයි ඉතින්. උගෙ තාත්ත ගැන ඌ හොඳට දන්නවනෙ..

"මොකක්ද මාමෙ කේස් එක?.."

"අර අහිංසක දැරිවි අතුරුදාන් වෙලාලු පුතේ..
ඊයෙ හවස මනුස්සය ගෙදර එනකොට හිටියෙ නෑලු....  දහ අතේ ඇවිදලා හොයලා හොයලා බැරිම තැන උදේ ඇන්ට්‍රියක් දාල.... ඔය පොලිස් ආවෙ දැන් පොඩ්ඩකට ඉස්සරායින්.."

"මාමා කෝමද දන්නෙ?.."

"ඊයෙ රෑ මේ මනුස්සය අපේ ගෙදරටත් ඇවිත් ඇහුවා... උදේ පොලීසි යන ගමනුත් මට කතා කොරන් ගියේ.. මමත් මේ උදේ ආපු ගමන් පුතේ.. තාම නෑනෙ කෙල්ලව හොයාගත්තෙ?..."

මාමා තාම කාලත් නෑ වගේ. පව් අහිංසකයා. පොඩි රාජකාරියක්ද කොරන්නෙ? කෙල්ලව හොයන වැඩෙත් තමන්ම බාරගෙන. පොලීසිය ආපු හින්ද කරන්න දෙයක් නැතුව ඉන්නවා.

මම වට පිට බැලුවා.හැබෑටම කෝ මේ චමියා?
 ඌ මට කිව්වෙ නෑ, අර මනුස්සයා ගෙදරට ආපු සීන් එකවත්.
නැත්නම් ඌත් දන්නෙ නෑ. ෂුවර් එකටම මූ එතකොට රෑ හින්දා බුදියන් ඉන්න  ඇති..

"... මේ ටිකක් කලින් ආපු පොලිස් මහත්තයෙක් මෙතනින් ගියා ලොක්කට ටැල්පොං එකෙන් කතා කොරන ගමන්. මට ඇහුන පුතේ කියනව ගේ ඇතුලෙ පොඩි වලියක ලකුනු තියේලු.. ගෙදර මනුස්සයා ගැන සැකයිලු..."

මාම තව විස්තරයක් කිව්වා.

ඇත්ත වෙන්නැති. මට චමියත් කියල තියෙනව මේ දෙන්න අතරෙ ලොකු සමගියක් තිබුනෙ නෑ කියලා. සමහර දවස් වලට රන්ඩු වෙන සද්දෙ චමියටත් ඇහෙනවලු... මිනිහ ගෑනිව හරියට සැක කරනවලු..

ඔව් ඉතින් ලමයිනුත් නැති ඉටි රූපෙ වගේ ගෑනියෙක් තනියෙන් ගෙදර දාල ජොබට යන එකේ, එන්නෙ හවස් ජාමෙ. මිනිහට ඉතින් අනිවා සැක හිතෙනවනෙ. අනෙක කව්ද දන්නෙ ගෑනි කොහොම කෙනෙක්ද කියල?

චමිය කියන හැටියට නම්..............,

"..මකුවො...!  "

මට හිතන්නවත් දෙන්නෑ. චමිය කෑ ගැහුව ඈත ඉඳන්.

මූ මට කියන්නෙ මකුලුවා කියලා නෙවෙයි. ඉඳ හිට නම් වැරදිලා හරියට නම කියවෙනවා.ඒත් නිතරම කරන්නෙ වරද්දන එක තමයි. මමත් හෙමීට ඌ හිටි පැත්තට කිට්ටු කලා.
අබිලිං මාමට නම් මගේ වගක් වත් නෑ.

මම හිතුවෙ චමිය මාවත් දාල භාණ්ඩෙ හොයන් ගියා කියලා. ඒක නැතත් අඩුම තරමෙ මොකක් හරි අලුත් දෙයක්වත් හොයාගෙන ඇතෑ? කව්ද දන්නෙ ගෑනි පැනල ගිහින්ද කියලා?

ඒත් පෙනේද මූ කියපු කතාව?

"... මචෝ.. උදේ ඉඳන් ගියෙ නෑ. දැන් පිරිලා බන්. පොඩ්ඩක් යමංකො ලන්ද අස්සට.."

"මොක...? තොට සුලු චාජ්
කරන්නත් මන් ඕනිද?..
පල ඩෝ යන්න....තෝ මෙච්චර කල් ගියෙ මන් එක්කද? .."

"..අනේ බන්, මම ආපු ගමන් ගියේ මෙහෙ ටොයිලට් එක පැත්තට.. ඒකට යන්න බෑ පොලිස් චෙක් පොයින්ට් එකක්.. දැ
න් ආවෙ මේ කටු අකුලක් අස්සෙවත් රිංගන්න කියලා..ඒත් තනියෙන් බෑ බන්, බයයි..."

" ඒ මොකෝ..? තොට බය කටු ඇනෙයි කියලද?
එතකොට මන් කටු ගලවන්නද ඕනැද
?...."

"අනේ බන්, මකුවො...
මන් තනියෙන් මේක අස්සෙ රිංගනව පොලීසියෙන් දැක්කොත්?
අනේ මන් අල්ලන් යයි බන්. තනියෙන් යන එක සැක සහිතයිනෙ.. අනේ උඹත් වර..."

"හා... හුම්ම්.. යමන්..."

මම ඉස්සර උනා. නැත්නම් උගෙ ටැන්කිය පිපුරුනොත් මෙතන බැරි වෙලා හරි, මටනෙ නාන්න වෙන්නෙ.

"මකුවො.."

"ඒ ගමන මොකෝ?.."

"අපි මෙහෙම වෙලාවක මෙහෙම ඉන්නවා පොලීසියෙන් දැක්කොත්..."

" වෙන මොනවා කරන්නද? අල්ලගෙන දඩ ගහයි පරිසරය දූෂනය කලා කියලා..
කට වහගෙන ඉක්මන් කරපන්.."

ටිකක් වෙලා ගියා. උගෙ ටැංකිය ඇත්තටම ෆුල් තමා තිබිලා තියෙන්නෙ.
අනෙක ඌ මේ මගුල කරන්නෙත් ඌටම ආවේනික විදිහකට. වයින් කරපු බෝනික්කා වගේ ඔලුව දෙපැත්තට වනනව. නැට්ටක් තියෙයි කියලා හිතාගෙනද කොහෙද පස්සත් තාලෙට වනනවා.. උගෙ ජල ප්‍රහාරයත් ඒ තාලෙටම දෙපැත්තෙන් මාරුවෙන් මාරුවට විසි වෙනව පිටිපස්සෙන් ඉන්න මට පේනවා. හරියට අර ඩිස්නිලන්තයේ වතුර මල් වගේ.දැනිච්ච  යෞවනයේ පොපියන පිලිකුල් ඔක්කාරයත් එක්ක, මම අහක බලාගත්තා.

"මකුලුවෝ..?"

උගෙ ස්වරය වෙනස් හින්ද මම ඔලුව ඉස්සුවා.මේ පාර මගෙ
නමත් හරියට කිව්වනෙ.
උගෙ බෙල්ල උලුක් වෙලාද කොහෙද. වන වනා හිටපු ඔලුව සයිඩ් එකට හැරිලා ලොක් වෙලා වගේ තියෙනවා.

"අර මොනාද බන්?..."
 

ඌ අත දික් කරලා ඇහුවා.

"කෝ?  මොනාද?..."

"අර අර.. වරෙන් බලන්න.."

ඌට වැඩෙත් අමතකද කොහෙද....

මමත් උගෙ පස්සෙන් ගියා. අපි හිටියෙ ලන්දක කිව්වට මේක ගේ පේන මානෙ කටු පඳුරු සහිත ලඳු කැලෑවක්. උස ගස් නම් අඩුයි.
චමිය නැවතුන තැනට මමත් ගියා. එතන තිබුනෙ අමුතුම වර්ගයක පඳුරු වගයක්.....
...රතුම රතු...

"මේ ලේ ගොඩක් බන්...."

චමිය මගෙ දිහා බැලුවා. උගෙ ඇස් දෙකේ තියෙන බය මට හොඳට පෙනුනා. අවංකවම මටත් දැනුනෙ බයක්.. අතුරුදන් වුනු ගෑනු කෙනාගෙ ගේ ලගම කැලෑ රොදේ ලේ ගොඩක්.. ඒ ගෑනු කෙනාගෙ පරිස්සම ගැන මට එවෙලෙ දැනුනෙ සැකයක්
..... කාගෙද මේ ලේ? මේකිට කරදරයක් වෙලාද?           
                                                                  මතු පෝස්ට් හා සබැඳි....

13 thoughts on “චමියගෙ භාණ්ඩේ-03

  1. අදයි ආවෙ, හෙන්රි අයියගෙ ඩෙනිමෙ සාක්කුවට දාපු කමෙන්ට් එක දැකල ආවෙ, මේ කව්ද කියල බලන්න. රහස් පරීක්‍ෂක කතාවලට නම් මමත් කැමති. පරණ ටිකත් මුල ඉඳලම කියවන්න ඕන.

    මේ ෂර්ලොක් හෝම්ස් උඹද? නැත්නම් කතාවෙ චරිතයක් ද? පයිප්පෙත් කටේ ගහගත්තු ලෝගො එකකුත් ඔය උඩින් පේන්නෙ. හොඳයි ලියාගෙන යන්නකෝ, අපි එන්නම් බලන්න.

    අනේ කොළුවො මේ වර්ඩ් වෙරිෆිකේන් මඟුල නම් අයින් කොරන්න වෙයි. කමෙන්ට් කරන එක මහ වාතයක් වෙනව ඒකත් එක්ක.

    ReplyDelete
  2. අනේ මම ෂර්ලොක් හෝම්ස් නම් නෙවෙයි. කැමති නම් ලෙස්ට්‍රේඩ් හරි ග්‍රෙග්සන් හරි කියලා හිතාගන්නකො. :)

    ReplyDelete
  3. හ්ම්ම් හ්ම්ම් මේක ටිකක් එක විදියක කතාවක් වගෙ තමයි. මොකද ස්පයිඩර් මේ සමහර වෙලාවට එක දවසට පෝස්ට් දෙකක්ම දාන්නෙ? :D
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
  4. මම ඒම තමා ඩූඩ්. මම කරන්නෙම අමුතු මුතු වැඩනෙ. පිලිවෙලක් කියල 1ක් නෑ

    ReplyDelete
  5. එල කතාවක් වගේ.....

    ReplyDelete
  6. එන්න සෙල(සෙන්න එල) කතාවක්. දිගටම බලන්ටකෝ
    thanks ආවට.

    ReplyDelete
  7. අහ්, ඒක නෙවෙ සෙන්නා. මේ බ්ලොග් එකට හදිස්සියෙ ගොඩ වදින සයිබර් ලෝකෙට අලුත් අයටත් ඔයාගෙ කුරුන්දට එන්න පාර කියලා යන්න එපැයි....
    http://kurundha.blogspot.com

    ReplyDelete
  8. ස්තූතියි... මාත් ලියලා තියනවා පොඩි ඩිටෙක්ටිව් ස්ටෝරියක්.. කියවලා බලහන්කො හොඳයිද කියලා..

    ReplyDelete
  9. @ DDT... ඔයාගෙ සයිට් එකත් දාල යන්නකො.

    ReplyDelete
  10. වඩාත් කැමති ඉසව්වක් වගේ මෙතන.අනේ ඔව් DDT ගේ සයිට් එක මටත් තාම හමුවෙලා නෑ
    එන්න සමකය වටේ රවුමක් යන්න

    ReplyDelete
  11. මම නම් සමකයට ඇවිත් ඉන්නෙ දැනටමත්. ඉගෙනගන්න, දැනගන්න, දැකගන්න ගොඩක් දේවල් තියෙනවනෙ.

    ReplyDelete
  12. Hmmmm oya enne track ekata

    ReplyDelete

හික් හික් හික්...
ඔයාලට මොකක්ද හිතුනෙ මේක කියවද්දි?
මටත් දැනගන්න කොමන්ටුවක් දාලා කියන්නකො.

Photobucket
Create your own banner at mybannermaker.com!
Sinhala Blog Reader
  • ආයුබෝවේවා

මේ වෙලාවේ

© 2013  boothspider.blogspot.com. Powered by Blogger.