චමියගෙ භාණ්ඩේ-04

                                                                                    මුල් කොටසට... 
මට කිසි දෙයක් හිතාගන්න බැරි උනා එක පාරටම. පොඩ්ඩක් වට පිට බලනකොට දැක්ක වටේටම පඳුරු, තණකොළ පොඩි වෙලා.මැද හරියෙන් චමියගෙ මූන විතර ලොකුවට රවුමට වගේ ලේ එකතු වෙච්ච පැල්ලමක්. ඒ වටේටම පඳුරු වලත් ලේ පැල්ලම්. හරියට මාලු කපන තැනක් වගේ ලේ පැල්ලම් විසි වෙලා.මට චමිය දිහා බැලුනා.

අනේ අහිංසකයා. මීටර් 1500 දුවන්න වගේ ස්ටාන්ස් එහෙක ඉන්නෙ, ඇඟ ගෙවල් පැත්තටයි ඔලුව මගේ පැත්තටයි දාල.

"අනේ මචං, මෙතනින් යන්... ගිහින් පොලීසියට කියමු...."

"ම්ම්ම්??? උඹ දුවලා පලයන්.. ගිහින් පොලීසියෙ කාට හරි කියලා එක්කන් වරෙන් මෙහෙට. හැබැයි මෙතන ඉඳන් ගේ ලඟට යනකොට දුවන එක නතර කරලා වටේ ඉන්න මිනිස්සුන්ට වෙනසක් පේන්නෙ නැති වෙන්න පලයන්.
නැත්නම් රොත්ත පිටින් දුවන් ඇවිත් වනසයි මෙතන....
දන්නවනෙ ඉතින් අපේ අය?.."

"ඇයි උඹ එන්නැද්ද?.."

"මම ඉන්නම්.. උඹ ගිහින් වරෙන්...
 ඉක්මන් කරපන්..."



චමිය ඉගිල්ලුනා. මට සැකයි ඌ ඔහොම්මම ගෙදර ගිහින් දොර මුල්ලෙ හැංගෙයිද කියලා. මිනිහා ඒ ජාතියෙ.

මෙතන හැටි දැක්කම මට හිතුනා තව ටිකක් හොයලා බලන්න.ඒත් ඇවිදින එක හරි නෑනෙ. මෙතන මොකුත් අපරාධයක් වෙලා නම්, පොලීසියට උවමනා සාක්ෂි උනත් විනාශ වෙන්න පුලුවන්. ඒ හින්දා මම එහෙම්ම ඉඳන් ඇස් දෙක විතරක් වටේට දිවෙව්වා. අනෙක මම චමියට කිව්වෙත් මිනිස්සු ඇවිස්සෙන්නෙ නැති වෙන්න පොලීසිය එක්කන් එන්න කියලා, මෙතන අවුල් වෙන එක නවත්තන්නනෙ.

ලේ විසිරුනු තණ පඳුරු ගොඩ වටේටම පොඩි වෙලා කියලා මම කිව්වනේ? හැබැයි එහෙම වෙලා තිබුනෙ රවුමට වගේ නෙවෙයි. ලේ තිබුනු තැන ගොඩක්ම පොඩි වෙලා. එතන ඉදන් ගෙදර පැත්තට වෙන්නත්, ගෙදරින් විරුද්ධ පැත්තට වෙන්නත්, පඳුරු පොඩි වෙලා.තණකොළ කපන මැෂිමක් ගියා වගේ තියෙනවා. හැබැයි ලේ ගොඩ වටේට තරම් පොඩි වෙලා නෑ. අනෙක ගෙවල් පැත්තට වෙන්නයි, එයින් විරුද්ධ පැත්තට වෙන්නයි, පඳුරු පොඩි වෙලා තිබුනත්, අනෙත් පැති වල පඳුරු පොඩි වෙලා නෑ. හරියට මොනවා හරි ඇදගෙන ගිහින් වගේ. ඒ මොනවද?

ම්ම්ම්ම...???

මම තාම හිතන්න පටන් ගත්තෙ නෑනෙ. සතෙක් ගියා වෙන්නත් පුලුවන්. මේ තියෙන්නෙ උගෙ ගොදුරක ලේ ගොඩක් වෙන්නත් පුලුවන්. නැත්නම් උගෙම තුවාලෙක ලේ. ඒත් නැත්නම් මේ ලේ නෙවෙයි. වෙන මොනවා හරි ජරාවක්.
එහෙම නැත්නම්...... භාන්ඩෙව මරලා ඇදගෙන ගිහින් වෙන්නත්........

නෑ, නෑ. මම හිතන්න ඉක්මන් වෙනවා වැඩි.

 තව විශේෂ දෙයක් මම දැක්කා. ගෙයින් විරුද්ධ දිහාවට ලේ පාරක් තියෙනවා. ඒත් ගේ පැත්තට නෑ... ඒ කියන්නෙ? මේ ලේ නම්, ලේ පිටවෙන්න පටන් ගත්තෙ, එහෙමත් නැත්නම් තුවාලයක් සිද්ධ වෙලා තියෙන්නෙ.. මෙතැනදි.

මම හිටියෙ වට පිට බල බලා, මෙතන උන දේ ගැන අනුමාන කර කර..
ඒත් ඇහුන හීනි සද්දෙකට මගෙ අවධානෙ බිඳුනා.

 "සර සරස්..."

චමියා පිට උනු දිහාවෙන්ම සර සරය ඇහුනා. මම හැරිලා බැලුවෙ කවුද එන්නෙ කියලා. බාග විට චමියා ගිය වැඩේ හරියට කරලා පොලීසිය එක්ක එනවා වෙන්න ඇති.

"සරස්..."

ම්ම්ම්???

වෙන්න බෑ.මේක බොහොම පරිස්සමෙන් අඩිය තියලා එන සියුම් සද්දයක්. චමියවත් පොලීසියවත් නෙවෙයි. එයාල එනවා නම් මෙච්චර හීනි සද්දයක් වෙන්න බෑනෙ? චමියට වැඩේ කරගන්න බැරුව ආපහු එනවද?

ම්හු... චමියා නම් නෙවේ. පොලව පැලීගෙන, අහස ගුගුරුවාගෙන, ගාල කඩාගෙන, එන සද්දයක් ආව නම්?.. අන්න ඒ චමියා. ඒත් මෙයා වෙන්න බෑ. අතරින් පතර ඇහෙන පුංචිම පුංචි සර සරය? නෑ මේ වෙන කෙනෙක්. සමහර විට (බොහෝ විට) චමියා පොලීසියට නිව්ස් එක දෙන්න ගිය සන්සුන් ලීලාව දැකපු මිනිහෙක් හිතේ සැකේට මෙහෙට එබිකම් කරන්න ආව වෙන්නත් පුලුවන්..  

එහෙමත් නැත්නම් අර ගෑනි මැරිලා අවතාරයක් වෙලා එනවද?
අනේ අම්මෝ.... (මම බය උනේ හෙම නෑ.)

 මට හිතෙන්නෙම මේ වෙන මිනිහෙක් කියලා... එහෙම නම්, මිනිහා මෙතන දැක්කොත් ගිනි විජ්ජුම්බරයක් තමා. එක්කො ලතෝනි දෙයි මම මෙතන අපරාධයක් කරලා කියලා. (නැත්නම් මේ රතු පාට දැකලා හිතයිද මන්දා මටත් අර ගෑනු ලමයින්ට මාසෙට සැරයක් වෙන 'අරක' වෙලා කියලා.. හපෝ සී. කැතයි හොඳෙ.) කොහොමත් මිනිහා ගිහින් තව කස්ටිය එක්කන් එයි. මෙතන විනාස කරයි.

මොකද කරන්නෙ? පොලීසිය එනකම් මෙතන පරිස්සම් කරන්නත් ඕනි.. මම කල්පනා කලා.

ඔන්න එතකොට මගෙ බූත මොලේට ආව කුප්ප අදහසක්. අප්පා. පික්සු පීකුදු වෙලා පීකුදු වකුගඩු වෙනවා.
   
                                                                                                           මතු පෝස්ට් හා සබැඳි.....

12 thoughts on “චමියගෙ භාණ්ඩේ-04

  1. හොඳයි, කුතුහල ටික ටික වැඩි වෙනවා...

    // අෆ්ෆා. පික්සු පීකුදු වෙලා පීකුදු වකුගඩු වෙනවා. //

    මේ වගෙ වදන් වලින් කතාව නිකන් විකාරයක් වෙනවා කියලයි මට හිතෙන්නෙ. "අෆ්ෆා" කියලා සිංහල වචනයක් තියනවද ? ඔය වගේ දේවල් ගැන අවධානය යොමුකෙරුවොත් හොඳයි කියලා මට හිතෙනවා.. අනිත් අයට කොහොමද කියන්ඩ දන්නෑ..

    ReplyDelete
  2. පොලෝසිය ආවත් ඒ ටික තමා නේද? ඔය වගේ තැන්වලට පොලිසිය ඇවිත් මැඩෙව්වම හෝම්ස්ට නම් යකා නගිනවා.

    ඒ එන්නෙ මිනීමරුවා නම් ඔන්න බඩු හෑව් ! ඔන්දස්පොට්. :)

    ReplyDelete
  3. @සෙන්නා. අලේ එල. මම ගොඩාක් කැමති මෙහෙම වැරදි පෙන්නලා දෙනවට. ඒක මගෙ භාෂාව යාලුවා. සිංහලේ නම් මෙහෙම වචන ඇත්තෙම නෑ තමයි. මට වරදින තැන්, හිතලා වරද්දන තැන්, දිගටම පෙන්නන්න හොදේ.

    @DDT ඔයා කිව්ව එක නම් ඇත්ත තමයි. ඒ උනාට මේ මගේ ස්ටෝරි වල එහෙම ගොනෙකුට ඉන්නෙ චමියා තමා. හිකිස්....
    මට හිතිල තියෙනව හෝම්ස්ගෙ කතා වලදි, පොලීසියට සෑහෙන්න පහර ගහනව කියලා. කවුද දන්නෙ කොනන් ඩොයිල් මහත්තයට පොලීසියෙන් මතක හිටින අරියාදුවක්වත් වෙලාද කියලා, පොත් ලියන්න කලින්? මම පුද්ගලිකවම හිතනවා පොලීසියට එහෙම මඩ ගහන එක අපරාදෙ කියලා. ඒ පොත් බලන්න ගත්ත කාලෙ අපේ කාකි සූට් එකක් දැක්කත් කට කොනකට එනව හිනාවක්. මම දන්නවා ඇත්තටම කොනන් ඩොයිල්ගෙ ප්‍රතිභාවට මට නම් කිට්ටු කරන්නවත් අමාරුයි. එහෙම කිට්ටු කරපු කෙනෙක්වත් මම දන්නෙ නෑ. ඒත් මම කොනන් ඩොයිල් කොපි කරනවා නෙවෙයි. මගෙ කතා කියවනකොට ඒ සේරම තේරෙයි. හැබැයි මම බලාපොරොත්තු වෙනවා එතනින් ආභාෂයක් ගන්න.

    ReplyDelete
  4. වරදින එකටනම් සමාවක් දුන්නෑකි මකුළුවෝ.. ඒත් හිතලා වරද්දන එකනම් සමාව දිය නොහැකි භායානක වරදක්..සිංහල කියලා තියෙන්නෙ එක භාෂාවයිනෙ. ඒක ඔයාගෙ භාෂාව මගේ භාෂාව කියලා වෙනස් වෙන්ඩ බෑ නේද ? මේවයෙ තියන නරක පැත්ත තමයි මේ වගේ කිසිම හරයක් නැති වචන සමාජගතවෙලා භාවිතයට එන එක.

    ReplyDelete
  5. @ spider the DETECTIVE,

    ඩොයිල් උන්නැහෙ එයාගෙ කතාවලින් පොලිසියට කොචොක් කරාට එයාල තරහ නැතුව ඇති මම හිතන්නෙ, මොකද ඔය කතා සීරීස් එක ඒ දවස්වල පුහුණුවන පොලිස් නිලධාරීන්ගෙ අතිරේක කියවීම් පොතක් විදියට නිර්දේශ කරල තිබුණළු.

    ඇයි මේ කමෙන්ට්ස්වලට රිප්ලයි බට්න් එකක් එතැනම නැත්තෙ. මෙහෙම තැනින් තැනින් දැම්මම ටිකක් අවුල් වගේ නේද?

    ReplyDelete
  6. @සෙන්නා.කතාව ඇත්ත මමත් පිලිගන්නවා. ඒත් ඒක මම හද්පු දෙයක් නම් නෙවෙයි. එදිනෙදා කතාබහෙදි එන එකක්. මම කලේ මම, මගෙත් එක්ක ඉන්න අය, මගෙ අවට පරිසරය පාවිච්චි කරන වචන යූස් කරපු එක. ඇත්තටම සිංහල භාෂාවට මේකෙන් ලොකු වැරැද්දක් වෙන්නෙ. ඒත් මේ වචනෙ විතරද එහෙම තියෙන්නෙ? නෑනෙ? ගොඩක් වචන තියෙනවා. දැන් කාලෙ ඒව නොකියා සුද්ද සින්හලෙන්ම කියෙව්වොත් අපේ උන්ට තේරෙන්නෙත් නෑ. මෙහෙම පෝස්ට් වල එහෙම හරි සිංහලෙන් හරියට ලියන්න ගියොත් මට ලියාගන්න බැරි වෙනවා. හේතුව මම සිංහල ඉගෙනගෙන නෑ. මව් බස හින්ද පාවිච්චි කරන්න දන්නව විතරයි. අනෙක කවුරුවත් කිය්යවන්නෙත් නෑ. එපා වෙනවා. කතාවක් ලියන්න ඕනි කතා කරන භාෂාවෙන් කියල මම හිතනවා. මේකෙත් මම කලේ කියවන සාමාන්ය පාඨකයගෙ කතා බහට කිට්ටු කරන්න මිසක්, සිංහල හරියලට ලියන්න නෙවෙ.හැබැයි මම කලේ වරදක් කියලා පිලිගන්නවා.

    @DDTඅනේ මම තාම පටන්ගත්තා විතරනෙ? රිප්ලයි ඇඩ් කරන්න දන්නෙ නෑ. (ඔයාගෙ සයිට් 1ත් දාඅ යන්න.)

    ReplyDelete
  7. @සෙන්නා. ඔන්න දුන්නා.
    රතු පාටින්. නැත්නම් පස්සෙ මේ කොමන්ට් බලන ඈයො හිතයි අපිට පිස්සු කියල. :D

    ReplyDelete
  8. පට්ට පට්ට. ඔක්කොම ලිපි කියවල මේකට කොමෙන්ට් එකක් දැම්මා. ඉක්මනට අනිත් ලිපිත් ඕනා. මරු කතාව.
    http://www.pasinduzone.info

    ReplyDelete
  9. ඉක්මන්ට දෙනවා. තෑන්ක්ස් ආවට පසියා. :D

    ReplyDelete
  10. නියම ඉසව්වක්නේ දැන් හැමදාම එනවා.ජය සතුට

    ReplyDelete
  11. නියමයි. මට ලොකු සතුටක් දැනෙනවා.

    ReplyDelete

හික් හික් හික්...
ඔයාලට මොකක්ද හිතුනෙ මේක කියවද්දි?
මටත් දැනගන්න කොමන්ටුවක් දාලා කියන්නකො.

Photobucket
Create your own banner at mybannermaker.com!
Sinhala Blog Reader
  • ආයුබෝවේවා

මේ වෙලාවේ

© 2013  boothspider.blogspot.com. Powered by Blogger.