චමියගෙ භාණ්ඩේ-05


                                                                                                                         මුල් කොටස...
මම චමියා කලින් හිටපු තැනට ගියා. සද්දෙ එන පැත්තට පිටු පාල පටන් ගත්තා සිංදුවක් කියන්න.(මුත්‍රා කරන්න). නිකන්ම නෙවෙයි. චමිය කරපු විදිහට ඔලුවයි පස්සයි වන වනා. හැබැයි පිටිපස්ස බැලුවෙ නෑ.

සර සරය ආයෙත් ඇහුනා ලඟින්ම. ඒ ගමන්ම නැවතුනා. මමත් ඇක්ටින් පාර දාගෙනම හොඳින් කන් දීගෙන හිටියා. මෙලෝ සද්දයක් නෑ. මට පිටිපස්ස බලන්නත් ඕනි වගේ. ටැංකියත් ඉවර වේගෙන ආවා........

මම හැරිලා බලන්න හදන්කොටම ආයෙත් සර සරය ඇහුනා. හැබැයි මේ පාර නම් සර සරයක් නෙවෙයි. බර බරයක්...  මගෙ ඔලුව නිකන්ම හැරවුනා..

මොන...? මෙලෝ යකෙක් නෑ. සර බරය ඉක්මන්ට මගෙන් ඈතට යන සද්දෙ නම් පැහැදිලිව ඇහුනා.හැබෑටම කවුද මේ? කවුරු උනත් හරි පරෙස්සමෙන්,
හරි අවධානෙන්, හෙමින්, රහසින් වගේ, මෙතනට එනකම් ඇවිත් මගෙ මෙගා නාට්‍ය රංගනය දිහා බලන් ඉඳලද කොහෙද ගාල කඩාගෙන දිව්වා.(මම නාට්‍ය වලට අපහාස කරා නෙවෙයි හරී...? දැන් කාලෙ ටීවී බලන අය දන්නවා මගෙ උදාහරනය හරි කියලා.)

මේ ආවෙ මොකාද? මොකටද? කියන ප්‍රශ්නෙ මගෙ හිතට වද දුන්නා.මම හිතුව පස්සෙන් ගිහින් බලන්න. චමිය හෙම ආවත් ඉස්සරහටමනෙ හම්බ වෙන්නෙ. ඉතින් මම සිප් එකත් කාරිය වහගෙන ආපු කෙනා ෆලෝ කරන්න අඩි දෙක තුනක් තියන්න ඇති.

"මකුවෝ....."

චමිය බෙරිහන් දුන්නා. ඒ ඌ ගිය පැත්තෙ ඉඳන් නෙවෙයි. මෙතන ඉඳන් ගෙවල් පැත්තට තිබුනු පඳුරු පොඩි උනු පාර මතකද? අන්න ඒ පැත්තෙ ඉඳන්. මූ එහෙ මොන මගුලක් කරනවද බලන්න මම ඒ පැත්තට හැරුනා. ෆලෝ කෙරිල්ල පැත්තකට දාල.

ඈතින් එනවා කීප දෙනෙක්. කාකි සූට් දාපු ටිකක් විතර මිටි පොලිස් මාමෙකුයි, තව හීනි උස මහත, ඇත් ගමනින් වඩින කාකි සූට් එකකුයි, තව ඒ ලඟින්ම ඇවිදගෙන එන සිවිල් ඇඳුමෙන් ඉන්න කෙනෙකුයි, පෙරලීගෙන එන පිටි ගෝනියකුයි ( සොරි ඒ චමියා). ඒ ඔක්කොම හතර දෙනෙක්. එන්නෙ හරියට හතර දෙනාම සූරයෝ වගේ.

උස මහත කාකි සූට් එක එක පාරටම බිමට නැවුනා. හරියටම මේ කැලෑ මණ්ඩිය පටන් ගන්න තැන. පඳුරු පොඩි උන පාර තිබ්බෙත් ඒ පැත්තටයි.  එයා නැවෙනවත් එක්කම අනෙත් අයත් වට උනා. කස්ටිය වට වෙනකොට උස මහත කෙනා අත් දෙකම විහිදලා කට්ටිය ඈත් කලා. තව මොන මොනවදෝ කියනව වගෙත් මට පෙනුනා.

එතන ටිකක් පරීක්ෂා කරලා, එයා නැගිටලා මේ පැත්තට එන්න ගත්තා. ආවෙ හරිම හෙමින්. පොඩි උනු පඳුරු  පාරට පැත්තකින්. අනෙත් අය එයා පස්සෙන් ආවා.මගෙ ලඟට ආපු ගමන් එයා හිනා උනා. අනෙත් අයත් ලාවට හිනාවක් දැම්ම. චමිය එරෙව්වා.

"පුතාල අපිට නිව්ස් එක දුන්නට ගොඩක් තෑන්ක්ස්. අපිට පැමිනිල්ල ආවෙත් උදේ. අපිට මෙහෙ චෙක් කරන්නවත් උනේ නෑ තාම...."

උස මහත එක්කෙනා හරී නිවිච්ච පාටට, කියාගෙන කියාගෙන ගියා. මේ පොලිස්මන් කරුනාවන්ත පාටයි. අපේ සමහර පොලිස් වහන්දෑල වගේ මරුමුස් පාට් දාන්නෙ නෑ. මම හිතුවෙ ආපු ගමන් ඔරවලා, ගොරවලා, නියවලා, සද්දෙත් දාල මාවයි චමියවයි එලවයි කියලා. දන්නවනෙ ට්‍රැෆික් පොලිස්? ඒත් අනේ මෙයා එහෙම නෑනෙ?

"මම මෙහෙ පොලීසියෙ සාර්ජන්ට් ජයනාත්. පුතා තව මොනවද දැක්කෙ..?"

මගෙන් අහන ගමනුත් සාජන් ඇස් දෙක යැව්වෙ මම යවපු දිහාවටමයි. මම අනුමාන කරපුව එයත් හිතනවද කොහෙදෝ? ඉතින් චමිය ගියාට පස්සෙ මම දැකපු දේවල් එකින් එක විස්තර කරද්දි සාජන් මහත්තය අවධානෙන් අහන් හිටියා. මම ඉතින් මට හිතුනු දේවල්, අනුමාන වගේ දේවලුත් කිව්වා. එතකොට ඔලුව වැනුවෙ ඒව අනුමත කරන්න වගේ.මම හිතුවෙ මට හෙන චාටරයක් දායි කියලා. ඒත් මොකුත් කිව්වෙ නෑ.

මම අර සර සරය ගැන කියනකොට නම් ඔලුව තදින් එහාට මෙහාට වැනුනා. ලඟ හිටපු අනෙත් පොලිස් මාමගෙ ඇස් දෙක ලොකු උනා. චමියගෙ කට ඇරුනා...

සාජන් මහත්තයා ටිකක් කල්පනා කලා.

"වීරසිංහ?..."

"සර්...?"

පොලිස් මාම ඇහුවා.

"තමුන්ට ඇහුනනේ?.. මේ පාරෙන් ගිහින් පොඩ්ඩක් බලනවා.. මේ ලමයට ඇහුන සද්දෙ ගැන. මෙහෙම්මම ගෙවල් ගාවටම යන්න හොඳ හෝදිස්සියකින්. ගිහින් අර මිනිස්සු වට වෙලා බලන් ඉන්න හරියෙන් ඉන්නවා මම කතා කරනකල්... පොඩ්ඩක් බලනවා එතන සැක කටයුතු මිනිහෙක් ඉන්නවද කියලත්... තේරුනානෙ?..."

"යස් සර්..."

එහෙම කියන ගමන් පොලිස් මාම මන් දිහා බැලුව.
මම අත දික් කලා සද්දෙ ආපු දිහාවට. පොලිස් මාම ඒ පැත්තට ගියා. ඊට පස්සෙ මම චමියට කිට්ටු කලේ ඌ ගිහින් පොලීසිය එක්කන් එන්න කියපු කරපු දේවල් අහගන්න. ඒත් සාජන් මහත්තයා මගේ දිහාවට හැරුනා.

"පුතා.. මම හැදුවෙ තව ඉස්සරහට ගිහින් බලන්න. මේ ලේ පාර දිගේ.පරක්කු වෙන්න බෑනෙ? කැමති නම් මගෙත් එක්ක යන් පොඩ්ඩක් හෝදිසියටත් එක්ක?..."

                                                                      මතු පෝස්ට් හා සබැඳි....

13 thoughts on “චමියගෙ භාණ්ඩේ-05

  1. අගේ කරන්නෙ නැතුව ටිකක් වැඩිපුර ලියහන් බං. කියවන්න පටන් ගන්නකොටම කතාව මතුසම්බන්ධයිනේ.

    ReplyDelete
  2. හිකිස්....
    කතාව එක පාර කිව්වම බලන්න එන්නෙ කව්ද ඈ?
    මගෙ හිතේ තියෙනවා අදහසක් කතාවෙ පීඩීඑෆ් ෆයිල් ටිකක් දෙන්න.

    DDT සයිට් එක දාල යන්න.

    ReplyDelete
  3. දැන් මෙතන පරික්ෂක රහස් ඇවිල්ලා මකුළුවද නැත්නම් සාජන්ට් ද ? චමියව බයිට් කරන එකනම් කැත වැඩේ ඈ...

    ReplyDelete
  4. පරීක්ශකයා කවුද කියල බලාගෙන ඉන්නකෝ. ෂර්ලොක් හෝම්ස් වගේ එක මොල කාරයයි, අනෙත් සේරම ගොන්නුයි වගේ කතාවක් නෙවේ මේක.

    & හෙට ඉදන් චමියා අත හැර සෙන්නාව බයිට් කරමි.

    ReplyDelete
  5. අප්පද බොල සෙන්නත් ඉන්නවද කතාවෙ..? මේ ඌට හොඳ රෝල් එකක් දියන් ඈ..

    ReplyDelete
  6. මොන අසාදරණයක්ද බන් මේ කරන්නේ.තලු මරලා කතාව කියවනකොටම මතු සම්බන්ධ වෙනවනේ.පට්ට කතාව හොඳේ.

    ReplyDelete
  7. මානවකය... ස්තූතියි. මතු සම්බන්දය නම් කරන්නම වෙනවනෙ. ඈ?
    අපේ ටීවී එකේ කතාවක් උනත් හොඳම හරියකට ගීන් මතුහම්බන්දයි කියනවනෙ... එතකොට කෝමද ආතල් එක?

    @සෙන්නා. සෙන්නට චමිය ගැන දුක හින්දා චමියගෙ රෝල් එක සෙන්නට දෙන්න හදන්නෙ... :D

    ReplyDelete
  8. "මම නාට්‍ය වලට අපහාස කරා නෙවෙයි හරී...? දැන් කාලෙ ටීවී බලන අය දන්නවා මගෙ උදාහරනය හරි කියලා."

    මරු මරු. ඉක්මනට ලියන්නෝ.................

    ReplyDelete
  9. හිකිz
    ඕකේ ඕකේ. ලියනවෝ

    ReplyDelete
  10. කතාව ඉවරවෙනකල් අදහසක් කියන එක කල් දානවා ඔන්න මමත් ආව මේ පැත්තේ ඕන්

    ReplyDelete
  11. බොහොම ආසාවෙන් කියෙව්වා...

    ReplyDelete
  12. කෝරලේ මහත්තයා. සැපත් වුනාට පින්. හේනන් කතාව බලලම අදහස් කියන්නකෝ

    @නලීන්, තෑන්ක්ස්, දිගටම කියවන්නකො.

    ReplyDelete

හික් හික් හික්...
ඔයාලට මොකක්ද හිතුනෙ මේක කියවද්දි?
මටත් දැනගන්න කොමන්ටුවක් දාලා කියන්නකො.

Photobucket
Create your own banner at mybannermaker.com!
Sinhala Blog Reader
  • ආයුබෝවේවා

මේ වෙලාවේ

© 2013  boothspider.blogspot.com. Powered by Blogger.