චමියගෙ භාන්ඩේ-09

                                                                                                                 මුල් කොටසට...
සාජන් මහත්තයා එතනට කඩා බිඳගෙන ආවෙ කැලේ පොඩි කරන්න එපාය කියලා දැන් ටිකකට කලින් කියපුව අමතක වෙලාද කොහෙද. ඒත් මට අමතක නෑනෙ.මම හෙමින් හෙමින් ගියා එතනට. මම යනකොටත් සාජන් මහත්තයගෙ සද්ධන්ත සරීරෙ එතන හොඳට මට්ටම් කරලා තිබුනා. සේනාරත්න මහත්තයා ලඟින්ම සාජන් මහත්තයා ඇන තියාගෙන ඉන්නවා.

ඒ දෙන්නගෙම අවධානෙට යොමු වෙලා තිබුනෙ අපි හොයපු අත.

ඒකෙ හැටි දැක්කම මට වමනෙට වගේ ආව. අත වටේටත් ලේ ගලාගෙන ගිහින්, අත නිකම් දෙකක් විතර සයිස් එකකට ඉදිමිලා නිල් පාට වෙලා. කුනු වේගෙන එන පාටයි. ඊටත් වඩා ගඳ?  මෙහෙම ගඳක් දැනිලම නෑ. ඒත් ගොඩක් ඈතට ගඳ පැතිරිලා නෑ. ඒකයි ලඟටම යනකම් නොදැනුනේ. ඊයෙනෙ මේක සිද්ද වෙලා තියෙන්නෙ.

මේ අත භාන්ඩෙගෙයි කියන්න තවම සාක්ෂි නැති උනත් මට හිතෙනව එයාගෙයි කියලා. කොහොම උනත් තව හොයලා බලලම තීරණය කරන්න ඕනි.

මමත් එතනින්ම පහත් උනා. සේනාරත්න මහත්තයා නම් හැරිලවත් බැලුවෙ නෑ. සාජන් මහත්තයා හැරිලා බැලුවෙ බොහෝම ගවුරව පුරස්සර විදියකට. ඇයි දෙයියනේ මම කියපු දේ කෙහෙල් ගහකට ඇන්නා වගේ හරි ගිහින්නෙ? කෙල්ලගෙ අත හම්බුනානෙ?


මම අත දිහා හොඳට බැලුවා. කෙල්ලෙක්ගෙ අතක් තමයි. පිරිමියෙක්ගෙ වගේ මස් පිඬු තියෙන ගතියක් ඒකෙ නෑ. වටකුරුයි. අත දිග ඇරිලා හින්දා වැලමිටි හන්දියෙත් ගෑනු ලක්ෂණ තියෙනවා. බහුතරයක් පිරිමින්ගෙ අත දික් කලාම දැකලා තියෙනවද? කෙලින්ම දිග ඇරෙනවා. ගෑනු අයගෙ අත දික් කලාම වැලමිට ගාවින් පොඩ්ඩක් හැරිලා තියෙනවා.

අතේ ලස්සන මම තව දුරටත් විස්තර කරන්න යන්නෙ නෑ. බලන අයට අප්පිරියා වෙලා කතාව නොබලා ඉඳීවි. ඒත් මට මතක් උනා අපේ චමියව. මේ කෙල්ලගෙ හස්ත ස්පර්ෂයක් ලබන්න උනත් චමියා කොච්චර පෙරුම් පිරුවද? මේක අහලකින් යනකොට උනත් මූ බලෙන්ම හැපෙන්න යනවනෙ.දැන් මේක උගෙ අතට දීල කියන්න ඕනි ඉඹ ඉඹ ඉඳපන් කියලා.  මූනෙ සිරියාව බලාගන්න.

"පුතේ"

"සර්?..."

සාජන් මහත්තයා මා ඇමතුවා. හැබැයි ස්වරය නම් වෙනස්....

"මේකෙ තේරුම මොකක්ද? මට තේරුම් කරලා කියන්න.."

හ්ම්ම්.. දැන් නම් කියන්න වෙනවා. මොනවා කරන්නද? අන්තිමට කතාව කියලා කස්ටිය පුදුම කරවන්න තිබ්බ ආතල් එකත් නැති උනානෙ...   :(

"සර් දැක්කනෙ අතන තිබ්බ ලේ ගොඩ?....
එතන තිබිලා සේනාරත්න සර් හොයාගත්ත රෙදි කෑල්ල? ..."

"ඔව්?..."

"මට මේ සේරම තේරුනේ ඒකෙනුයි..."

"එතකොට අර ලතෝනි දුන්නෙත් ඒ රෙද්ද දැකලද?... තමුන් කෑ ගහන්න ඉස්සෙල්ලනෙ රෙදි කෑල්ල හොයාගත්තෙ?..."

"නෑ සර් මට පොඩ්ඩක් උගුර බැරැන්ඩි ගතියක් ආව හින්දා එහෙම සද්ද උනේ. ඇත්තටම මම තව දෙයක් දැක්කා. සේනාරත්න මහත්තයා තවත් එතන පාදන කොට මම දැක්කා බිම ඇඳිලා තිබුනු බිම ඇඳුනු ඉරි වගයක්... මට සේරම තහවුරු උනේ ඒකෙන්... "

"මොනා තහවුරු උනේද?..."

"මේ අත සර්..."

සාජන් මහත්තයට නම් මොකුත් තේරුන පාටක් නෑ. සේනාරත්න මහත්තයා නම් ගල් ගිල්ලා ඉරියව්වෙන් මන් දිහා බලන් ඉන්නවා. කිසි හැඟීමක් මූනෙ නෑ.මම පටන් ගත්තා සේරම තේරෙන්න සරලව සාජන් මහත්තයට විස්තර කරන්න.

"ඇත්තටම සර්, මට කිසි දෙයක් හිතාගන්න බැරි උනා රෙදි කෑල්ල දැක්කට. ඒත් ඒක රතු පාටයි කිව්වම සර් මට කිව්ව අර භාන්ඩ්..... සොරි, අර ගෑනු ලමයා අන්තිමට ඇඳන් හිටියෙත් රතු ටී එකක් කියලා.
එවෙලෙ මට හිතුනා මේ ඒ ඇඳුමෙ කෑල්ලක්වත්ද කියලා. මම කල්පනා කලා මේක එයාගෙ ඇඳුමෙ, කොතන කෑල්ලක් වෙන්න ඇත්ද කියලා. ඒත් හිතාගන්න අමාරු උනා..."

"හුම්ම්.. ඉතින්?..."

"ඊට පස්සෙ සේනාරත්න මහත්තයා කෝට්ටෙන් ඒ රෙදි කෑල්ල ඉස්සුවම මම දැක්කෙ ඒක කොහොම එකක්ද කියලා.
සරුත් දැක්කනෙ ඒකෙ හැඩය? එක පැත්තක මැහුම් දාරයක්,ඒ කියන්නෙ ඇඳුමේ කෙලවරක්. අනෙත් පැත්තේ කැපුම් දාරයක්. සේනාරත්න සර් කෝට්ට රිංගෙව්වෙ ඒක මැද්දෙන්නෙ? එතකොටනෙ මම දැක්කෙ මේක හතරැස් විදිහට තිබුනට සිලින්ඩරාකාරයි කියලා? මැදින් ඉඩ තියෙනවා. එහෙම කොටසක් ටී ෂර්ට් එකක තියෙනව නම් වෙන කොහේද සර්, අතක ඇරෙන්න?.... මේක ෂර්ට් අතක කොටසක්"

සාජන් මහත්තයා සද්ද නෑ..මම තවත් පැහැදිලි කලා.

"මම කල්පනා කලා සර්..
මෙහෙම කෑල්ලක් කැපිලා වැටෙන්න හේතුව මොකක්ද? ඒ ගෑනු ලමයා උවමනාවෙන්ම තමන්ගෙ ෂර්ට් අත කපලා ,මෙතන දැම්මද? නැත්නම් වෙන කෙනෙක් කරපු දෙයක්ද? ෂර්ට් එක ඇඳගෙන ඉද්දිම කැපුවද? ඇඳුම ගලෝලා කැපුවද? මොන මගුලකටද හොඳ ෂර්ට් එකකින් අත් කොටසක් කපලා දැම්මෙ?...
මගෙ ඔලුවට ඔහොම ප්‍රශ්න ගොඩක් ආව...."

"ඉතින්?..."

"මම තවත් ලං වෙලා බැලුවා සර්. රෙදි කෑල්ලෙ කෙලවර කැපිලා තිබුනු තැන් වල නූල් ලිහිලා ගොඩක්. කතුරකින් කැපුවා නම් එහෙම වෙන්නෙ නෑ. චුට්ටක් නූල් යයි. නැත්නම් මොට්ට කතුරකින් කැපුවත් මෙහෙම වෙන්න පුලුවන්, ඒත් මෙහෙම අක්‍රමවත් විදිහෙ කැපුම් කතුරකින් ඇතිවෙන්න විදිහක් නෑ, පොඩි ලමයෙක් කැපුවොත් ඇරෙන්න....
එවෙලෙ මගෙ ඔලුවට අදහසක් ආව සර්...
මේක කපලා තියෙන්නෙ පිහියකින් වෙන්න බැරිද කියලා...."

මම එක දිගටම කියවලා හුස්මක් ගත්තා.තත්පරයක් ඉඳලා කතාවෙ ඉතුරු ටිකත් ගොනු කරගත්තා. සාජන් මහත්තයයි සේනාරත්න මහත්තයයි කිසි හාහූවක් නැතුව අහන් ඉන්නවා.

"එහෙම පිහියකින් කැපිලා නම්, අර වගේ ලේ ගොඩක් කොයින්ද?
ඒ ලේ ගොඩ වටේ පඳුරු පොඩිපට්ටම් වෙලා ඇයි?
එතන ඉඳන් ගෙවල් පැත්තට වෙන්නයි, එතන ඉඳන් කැලේ පැත්තට වෙන්නයි මොනවද අර ඇදගෙන ආපු ලකුනු තියෙන්නෙ?
එහෙම හිතෙනකොට මගෙ ඔලුවට සේරම කල්පනා උනා සර්..."

"මොනවද?.."

"මේ කෙල්ල මැරිලා වෙන්න ඕනි සර්... නැත්නම්, බොහෝ විට මරලා... ගෙදරදි හරි, ගෙයින් පිටදි හරි....."

සේනාරත්න මහත්තයගෙ මූන දුක්බර උනා.

"මටත් ඕක හිතිලා තිබුනා පුතේ.."

මම තව දුරටත් පැහැදිලි කරන්න ගත්තා.

"මේක කරපු කෙනා, ඒ ගෑනු ලමයව ඇදගෙන ඇවිත් තියෙනවා බිම දිගේ, මෙතනට එනකම්.."

"නෑ නෑ..."

සේනාරත්න මහත්තයා මෙවෙලෙ මට බාධා කලා.

"මම ජයේටත් පෙන්නුවා, මේ කැලෑ මන්ඩිය හම්බ වෙන්නෙ ගේ හරියෙ ඉඳන් ටිකක් දුර ආවම. අපි එනකොටත් මම වට පිට හොඳට සෝදිසි කරගෙන ආවෙ. පොලව හයියයි.  ඒ උනත් බර දෙයක් ඇදගෙන ආව නම් මට පේනවා..."

"ඉතින්?..."  ඒ මම..

""මම ඈතදිම දැක්ක පඳුරු පොඩි වෙලා තියෙනවා කැලේට ඇතුලු වෙන තැනකින්. මම ජයේට ඒගැන කිව්වම එයා මටත් ඉස්සර වෙලා ඇවිත් එතනින් පහත් උනා.."

සාජන් මහත්තයත් එවෙලේ කට ඇරියා.

"ඔව් පුතා. මම එතනින් පාත් උනාම හොඳට දැක්කා, එතන පඳුරු පොඩි වෙලා. එතන ඉඳන් පුතා හිටපු පැත්තට වෙනකම් රෝඩ් එකක් වගේ..."

"ඒ කියන්නෙ මේක කරපු මිනිහා, මේ කෙල්ලව කර තියාගෙන කැලෑ මණ්ඩිය පටන් ගන්න තැනටම ඇවිත්, එතන ඉඳන් බිම දිගේ ඇදගෙන ඇවිල්ලා.."

සේනාරත්න මහත්තයා කිව්වා.
"මම ඒ මිනිහාය කිව්වෙ මෙහෙම බරක් කරේ තියාගෙන එන්න ගෑනියෙකුට අමාරු නිසා.."

"එතකොට සෙනේ? ඇයි ඒ මිනිහා ගේ ලඟ ඉඳන්ම බිම දාගෙන එන්නැතුව කැලේට එනකන් උස්සගෙන ආවෙ?

සාජන් මහත්තයා ඇහුවෙ මටත් උත්තර දෙන්න පුලුවන් ප්‍රශ්නයක්.

"මම හිතන්නෙ සර්, කාටවත් නොපෙනී ඉක්මන්ට මෙතනට එන්න මිනිහට ඕනි වෙන්න ඇති. නැත්නම් එතන ඉඳන්ම බිම දිගේ ඇදගෙන ආවොත් ආපු පාර හිටියි, ඒක පස්සෙ ඇවිත් පොලීසිය මේව හොයාගනී කියලා මිනිහා හිතන්නැති..."

මම කිව්වා.
"කෝම උනත් මිනිහා ලොකු හයි කාරයෙක් වෙන්න බෑ. මොකද දිගටම මිනිය කරේ තියාගෙන ගෙනියන්න මිනිහට අමාරු වෙලා. ඒකනෙ බිම දාගෙන ඇදගෙන ගිහින් තියෙන්නෙ? එක්කො පොඩි කොල්ලෙක්, නැත්නම් බර වැඩ නොකරන මිනිහෙක්...."

"ගෑනිගෙ මනුස්සයා වෙන්න බැරිද?... මිනිහා නිතරම ගෑනිත් එක්ක රණ්ඩු වෙනවා කියලා මට ආරංචි උනා..."

සාජන් මහත්තයා කිව්වා.

"ඒක තවම අපිට ෂුවර් නෑනෙ සර්. මිනිහා රණ්ඩු වෙන කතාව නම් ඇත්ත. මමත් අහලා තියෙනවා..."

මම කිව්වා.

"හැබැයි සර්, මේක කරපු මිනිහා මෙහෙම අතක් කපලා දැම්මෙ අහම්බෙන් නම් නෙවේ. මිනිහා ඒක කරන්න හිතාගෙනමයි ආවෙ. මෙතනට එනකම් ආයුධයකුත් උස්සගෙන ඇවිල්ලනෙ?..

"ඒත් පුතා මෙහෙම අතක් කපලා විසි කරලා කියලා හරියටම අනුමාන කලේ කොහොමද?.."

"මම සර්ට කිව්වනෙ රෙදි කෑල්ලෙ කැපුම් සලකුනු හින්දා මම හිතුව පිහියක් වගේ එකකින් මෙහෙම අත කපලා දාන්න ඇති කියලා? ඒත් කෙල්ලව කෙලින් හිටවලා කැපුවා වෙන්න බෑනෙ? බිම දාගෙනනෙ මේ වැඩේ කරන්න ඇත්තෙ? ඉතින් මම හිතුවා ඒ ගැන තවත් හෝඩුවාවන් තියෙන්න පුලුවන් කියලා.
හිතුවා වගේම හම්බුනා..."

"අර ඉරි කෑලි?..."

"ඔව් සර්.. ඒවා කෝටු කෑල්ලකින් බිම ඉරිඇඳිලා වගේ. ඒත් ඊට වඩා ගැඹුරුයි. එහෙම ඉරි ඇඳෙන්න හේතුව මොකක්ද? කෙල්ලව බිම දාලා එයාගෙ අතට පිහි පාර එල්ල කරද්දි පිහිය පොලවේ වැදුනම ඇති උනු සලකුනු.
මට ඒක එක පාරම මීටර් උනේ මම දර පලන වෙලාවට පොරව බිම වැදුනමත් ඒ වගේ සලකුනු ඇතිවෙනවා මම දැකලා හුරු නිසයි.."

මම දිගටම කියෙව්වා.
"මට දර පලන එක එච්චරම හුරු නෑ. ඒ හින්දා පොරව වදින්නෙ අහකට. මේ වැඩේ කරපු කෙනා කවුරු උනත් අතේ පයේ වැඩ වලට නුහුරු කෙනෙක් වෙන්න ඇති කියලා මට හිතෙනවා..."

සාජන් මහත්තයා ඔලුව වන වනා අහන් ඉන්නවා.

"ඒ වගේම සර්, මට අත වෙන් වෙන්නම කපලා කියලා හිතුනෙ, අර රෙදි කෑල්ල නිසයි. මිනිහා වද කරලා අත වෙන් වෙනකන් කපනකොට පිහි පාර කී පාරක් අතට වදින්න ඇත්ද? රෙදි කෑල්ලෙ අක්‍රමවත් විදිහෙ කැපුම් ලකුනු ඇති උනේ ඒකයි. ඒ වගේම අතට යට උනු හරියේ රෙදි කෑල්ල වෙන් උනේ නෑ. ඒක ෂර්ට් එකටම හයි වෙලා තියෙන්න ඇති.
මේ මිනිහා අත කපලා ඉවතට ඇද්දා. එතකොට අත වෙන් වෙලාම ආවා. ඒත් රෙදි කෑල්ල ෂර්ට් එකේම රැඳුනා නොකැපී ඉතුරු උන නූල් කෑලි කීපයකින්...

මෙහෙම අත කපලා, ඒ මිනිහා බලාපොරොත්තු වෙන්න ඇත්තෙ මොකක්ද? මිනියෙ කොටස් වෙන් කරලා, අපිට ඒක හොයාගන්න අමාරු වෙන විදියකට හංගන එකද? එහෙම නැත්නම් කැලේට විසි කරලා සත්තුන්ට කන්න හරින එකද? මොකක්ද වෙන්න ඇත්තේ? මට හිතුනේ මුලින්ම හිතුනු අදහස වෙන්න බෑ කියලා.මොකද මෙතන සේරම කොටස් කරන්න හැදුවා නම් මිනිහා මොනවද අර තවත් ඇදන් ගිහින් තියෙන්නෙ?  මට හිතුනෙ දෙවැනි අදහස වෙන්න පුලුවන් කියලා. ඒත් එක්කම තව දෙයක් හිතුනා. මෙහෙම බිම දිගේ උනත් පඳුරු අස්සෙන් කිලෝ 50ක් විතර ඇදගෙන යන එක අමාරු වැඩක්. මේ මිනිහා අත කපලා විසි කරන්න ඇති. අත වෙන් වෙන්නම කපලා ඒකත් කිහිල්ලෙ ගහගෙන මිනියත් බිම දිගේ ඇදගෙන යන්න මිනිහට මොලේ අමාරුවක් නෑනෙ? මිනිහා අත කපලා විසි කරලා ඉතුරු ටික ඇදගෙන ගියා..
එතකොට අර එල්ලිලා තිබුනි ෂර්ට් එකේ අත් කොටය කැඩිලා වෙන් වෙලා ගියා, මිනියට යට වීමෙන්.

ඒ වගෙම සර්... මම තව දෙයක් එතන දැක්කා. සේනාරත්න සර් එතන පාදද්දි උඩින්ම තිබුනෙ පස්, දිරාගිය කොල රොඩු වගේ දේවල්. ඒවට යටින් තිබුනේ අමු කොල රොඩු. අඩුවෙන් දිරාගිය ඒවා.  සාමාන්‍යයෙන් තියෙන්න ඕනි කොහොමද? උඩින්ම අඩුවෙන් දිරාගිය සහ අමු කොල රොඩු. ඊට යටින් දිරාගිය ඒවා. ඊටත් යටින් පස්. මෙතන විතරක් ඒ ස්ථර කණපිට ගැහුනේ ඇයි?

මිනිය ඇදගෙන යාම නිසා බිම තිබුනු ඒවා අනෙත් පැත්ත ගැහුනා.මිනියේ යටි පැත්තෙ ඇතිල්ලීගෙන පස්, දිරපු කොල රොඩු, උඩින්ම තිබුනු කොල රොඩු උඩට පෙරලුනා. ඒක මේ මිනිය ඇදගෙන ආපු පාර දිගටම වෙන්න ඇති. ඒත් සර් අපි චෙක් කලේ මෙතන විතරනෙ? අනෙක මෙතන ලේ ගලාගෙන ගිය හින්දා පස් පෙඟිලා පහසුවෙන් ගැලවිලා පෙරලිලා එන්න ඇති...."

මගේ දීර්ඝ  විස්තර විචාරය ඉවරයි කියලා සාජන් මහත්තයට තේරුනේ නැතුව ඇති. තව මොනවා හරි කියයි වගේ මගෙ දිහා බලා ඉන්නවා... ඉතින් මට හිතුනා තව මොනා හරි කියලා දාන්න.

"මිනිහා ගෑනු කෙනාව අත් වලින් අල්ලලා ඇදගෙන එන්න ඇති කියලා මට හිතුනා. මිනිහා කපලා තියෙන්නෙ ඉස්සෙල්ලම අතට අහු උන අවයවය. ඒ කියන්නෙ මිනිහා මිනිය ඇදගෙන පස්සෙන් පස්සට ගිහින් මිනිය අතෑරලා ඉස්සරහින්ම තිබුන අත අරගෙන පහර එල්ල කලා.. එතකොට පිහිය බිමත් වැදුනා. මට ඒ ටික කල්පනා උනත්, මට හිතාගන්න බැරි උන දෙයකුත් තිබුනා..."

"ඒ මොකක්ද?..."

"සාමාන්‍යයෙන් මිනිහෙක්ව බිම දිගේ ඇදගෙන යද්දි අත් දෙකෙන් ඇදගෙන යනවට වඩා පහසුයි කකුල් වලින් ඇදගෙන යනවා නම්. මේ මිනිහා ඇදගෙන ඇවිත් තියෙන්නේ අත් වලින්.. ඒ ඇයි?  මට හිතුනා එවෙලේ, මිනිහාගෙ එක අතක ආයුදයකුත් තිබුන හින්දා අනෙත් අතෙන් ගෑනු කෙනාගෙ කකුල් දෙකෙන්ම අල්ල ගන්න අමාරු වෙන්න ඇති,  එක කකුලකින් ඇදගෙන එන එක ලේසි වැඩක් නෙවේ හින්දා අත් වලින් ඇදගෙන එන්න ඇති කියලා...."

"ඔව් ඒකත් වෙන්න පුලුවන්..."

"ඒත් සර් සේනාරත්න සර් කිව්ව එකෙන් පැහැදිලි උනානෙ මිනිහා කෙල්ලව මුලින්ම කරේ තියාගෙන ආව කියලා? මට ඒකෙන් තේරුනා මිනිහා කෙල්ලගෙ අත් දෙකෙන් ඇදගෙන එන්න හේතුව.."

"මොකක්ද?..."

"ඇයි සර් හිතන්නකෝ අපි එක අතක ආයුධයකුත් තියාගෙන ගෑනියෙක්වත් කරේ තියාගෙන එනවා කියලා? අපි කොහොමද ගෑනු කෙනාව කරේ තියාගන්නෙ?
මම එහෙම කලොත්, මුලින්ම ආයුධය උස් තැනකින් තියලා ගෑනු කෙනාව කරට ගන්නවා. කොහොමද? එයාගෙ අත් දෙක මගෙ පිටිපස්සට, කොන්ද පැත්තට වැටෙන විදිහට, කකුල් දෙක මගෙ ඉස්සරහින් තියෙන විදිහට, එයාගෙ බඩ මගෙ උරහිසට හිටින්න.. එහෙම නෙවෙයිද සර් ලෙහෙසි විදිය? මිනිහෙක්ව කරේ තියන් යන්න?..."

"ඔව් ඒක හිතා ගන්න පුලුවන් අපිට.."

"ඉතින් සර්, එහෙම මේ මිනිහත් ගෑනිව උස්සගෙන ඇවිල්ලා කැලෑව අයිනෙදි බිම තියන්නෙ කොහොමද? මිනිහා පාත් වෙලා තමන්ගෙ ඉස්සරහ පැත්තෙන් තියෙන ගෑනිගෙ කකුල් දෙක ඉස්සෙල්ලම බිමින් තියලා ඊට පස්සෙ උඩුබැලි අතට බිම දිගා වෙන්න පහත් කරනවා. නැත්නම් බිමට අතාරිනවා. ගෑනි වැටෙන්නෙ මිනිහා පාමුල, කකුල් දෙක ගේ පැත්තට තියෙන්නයි ඔලුව කැලේ පැත්තට තියෙන්නයි.. එහෙමනේ?

ඒ වගේම ගෑනිව එහෙම බිම දාන වේගෙට එයාගෙ අත් දෙකත් උඩට වීසි වෙනවා. එවෙලෙත් අත් දෙක ඔලුව දෙපැත්තෙන් කැලේ පැත්තට දික් වෙලා තියෙන්න ඇති.  මෙච්චර බරක් කරේ තියන් එන්න තරම් හදිස්සි මිනිහා තමන්ගෙ ලේසියට ආයෙත් ගෑනු කෙනාගෙ කකුල් දෙක කැලේ පැත්තට හරවාගෙන යන්න වද වෙයිද? ඊට වඩා ලේසිනෙ අර කැලේ පැත්තට වැටිලා තියෙන අත් දෙකෙන් ඇදගෙන ගියා නම්..?  මේ මිනිහත් ඒ වගේ මිනියට උඩින් පැනලා එක අතකින් ආයුධයත් අරගෙන අනෙත් අතෙන් ගෑනු කෙනාගෙ අත් දෙකෙන්ම හරි එක අතකින් හරි අල්ලගෙන පස්සෙන් පස්සට ඇදගෙන ආවා. ඒත් වැඩි දුරක් යන්න කලින් අමාරුව තේරුනා. ඒ හින්දා අතක් කැපුවා, විසි කලා. ආයෙ ඇදන් ගියා...

ඒත් එක්කම සර්, මට හිතෙනවා මිනිහා වමත් කාරයෙක් කියලා...."

"ඒ කොහොමද?"

"මේ මිනිහා කපලා තියෙන්නෙ ගෑනු කෙනාගෙ දකුනු අත.(සාජන් මහත්තයා හැරිලා අත දිහා බැලුවා.)
ඕනිම මිනිහෙක් පිහියක් වගේ ආයුධයක් ගන්නෙ තමන්ගෙ හුරු අතටනෙ සර්?.. සර් හිතන්න... සර් දැන් මෙහෙම වැඩක් කරනවා කියලා? සර්ට හුරු දකුනු අතයි කියමු. එතකොට සර් පිහිය ගන්නෙ දකුනු අතට. ඊට පස්සෙ අර අතට පහර එල්ල කරන්න ලේසි වෙන්න වම් අතින් ඒ අත අල්ලලා පොඩ්ඩක් උස්සගන්නවා. එහෙමනෙ කරන්නෙ?

එතකොට සර්,  දකුනු අතින් පිහියක් අරගෙන වම් අතින් ගෑනු කෙනාගෙ අත අල්ලගෙන උරහිස ලඟට පිහි පාර දෙනවා. සර්ට ලෙහෙසි කොයි අතට පහර දෙන එකද?  සර් ඉන්නෙ ගෑනු කෙනාව ඇදගෙන ආපු හැටියටමයි. සර්ගෙ කකුල් ගෑනු කෙනාගෙ ඔලුව ලඟම. ඉතින් ගෑනු කෙනාගෙ දකුනු අත සර්ගෙ වම් අතින් අල්ලගෙන සර්ගෙ දකුනු අතින් ගෑනු කෙනාගෙ උරහිසට පිහි පාර දෙන්න හැදුවොත් සර්ගෙ අත් දෙක පැටලෙනවා. ඒ හින්දා සර් නිසැකවම තෝරගන්නෙ ගෑනු කෙනාගෙ වමත. ඒත් මේ මිනිහා ගෑනු කෙනාගෙ දකුනත කපලා. ඒ කියන්නෙ මිනිහා වමත් කාරයෙක්.

ඒ වගේම සර් මිනිහා අත කපලා ඇදලා විසි කලා. ඒ කොයි පැත්තටද? මිනිහගෙ වම් අතේ පිහිය. දකුනතින් ගෑනු කෙනාගෙ අත අල්ලගෙන හිටියෙ. ඒ හින්දා මිනිහා දකුනතින්ම ඒ අත ඇදලා තමන්ගෙ දකුනු පැත්තට විසි කලා. මිනිහා හිටියෙ කැලේ පැත්තට පිටු පාලා. මම කැලේට මුහුන දාලා ගේ පැත්තට පිටුපාල හිට ගත්තම ඒ අත විසි කරලා තියෙන්නෙ මගේ වම් පැත්තට කියලා මට තේරුනා. ඉතින් මම වම් පැත්ත සර්ච් කරන්න හිතාගෙන ඒ පැත්තට යනකොට සේනාරත්න මහත්තයා මට කලින් ඒ පැත්තට ගියා.
වැඩි දුර නොයා අත හොයාගත්තා..."

මම කතාව ඉවර කලා.. සාජන් මහත්තයා සේරම තේරුම් ගත්තා කියලා මට තේරුනා.

"එතකොට කෝ මිනිය? කෝ මිනීමරුවා?..."

"ඒක හොයාගන්න නම් අපිට අර පඳුරු පොඩි වෙන පාර දිගේ යන්න වෙනවා සර්..."

                                                                                         මතු පෝස්ට් හා සබැඳි...

33 thoughts on “චමියගෙ භාන්ඩේ-09

  1. නියමයි මචන් . වේගෙන් වේගෙන් කියවගෙන ගියා අයෙත් ඇවිත් නැවත වතාවක් කියවන්න ඕනි අන්තිමට් තියන මිනිහා වමත් කාරයෙක් කියලා. හොයාගත්ත විදිහ සිරාවටම නියමයි හොදට හිතලා කතාව ලියලා තියනවා .... ජය මචෝ

    ReplyDelete
    Replies
    1. thankz yaluwa. Kathawa digatama balannako.
      Jaya....!

      Delete
  2. යකෝ උඹ ඇත්තටම රහස් පරීක්ෂකයෙක්ද ඈ.. නියමයි බන්.. මාර නිරීක්ශණ සහ නිගමන.. මට එකක්වත් නිකම්වත් හිතාගන්න බැරුව ගියා.. මම හිතුවෙ අත කපලා තියෙන්නෙ වළලු ගන්න කියලා.. හැක් හැක්.. බලපන් ඉතින්..

    ReplyDelete
    Replies
    1. hik hik. හිතාගන්න බැරි වෙන්නනෙ ලිව්වෙ.

      Delete
  3. Sherlock Holmes ගේ රහස් පරීක්ෂක කතා මතක් උනා...

    හ්ම්ම්ම්..කතාව ලියාගෙන යන විදිය හරිම Interesting...

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් ලීනියෝ. ඔයාගෙ බුරියා....නි එකත් රහයි ඈ?

      Delete
  4. අනේ.....හ්...
    පිස්සු bump වෙනවා බොස් දැන්නම්...
    මාරයි ආ. . . . . . . . . .

    ReplyDelete
  5. හ්ම් .... තර්ක කරපු හැටියෙ නම් අවුලක් නෑ, හොඳට තියෙනව, විශේෂයෙන් අන්තිම ටිකේදි. ඇත්තටම කොල්ලො උඹ ලෝ කරා නම් හොඳයි වගේ.

    ReplyDelete
  6. නිරීක්ෂණ මගින් නිගමන වලට එලැබීම කියන එක උඹ සිරාවට ඉදිරිපත් කරනවා.අදනම් උඹ නියම තැනකින් ඉවර කරලා.

    ReplyDelete
  7. මාත් මුල ඉදන්ම කියවන් ආවා. දැන් ඉතිං මේ කතාවේ පොලියේ ලොක්කො ටික මොඩයෝ වෙලා ඉවරනේ... එයාලා එයාගේ කතා අහන් ඉන්නේ ග්‍රෙන්සල්ලා වගේම තමා..

    ReplyDelete
  8. බලමු මලයා ඉතුරුටිකත්...

    ReplyDelete
  9. අම්මපා මං හිතන් හිටියෙ අර ඉරි කෑලි, කෙල්ලගෙ අතින් බිම පහුරුගාලා කියලා......හිකිස් :(

    ReplyDelete
    Replies
    1. මැරිච්ච කෙල්ල බිම පහුරු ගාලා. :o

      Delete
  10. Harima lassanai. Digtama liyanna friend. Missge ambaya

    ReplyDelete
    Replies
    1. thanks ambayaa. mata ahu unoth nam kapagena kanawa.

      Delete
  11. ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්... මම ආවෙ මගදිනෙ... :(

    ReplyDelete
  12. මරු මරු. නියම නිරීක්ෂන හා නිගමන. අදනම් කතාව දිගට ලියල තියනව. මරු.

    ReplyDelete
    Replies
    1. කස්ටිය බනිනවනෙ දික් කරපන් කියලා. ඕන් කොලා.

      Delete
  13. කෙල්ල මැරෙන්න කලින් බිම පහුරුගාලා කියලා :(

    ReplyDelete
    Replies
    1. hikz....සිතූ දේ නොම වේ. නොසිතු දේ සිදු වේ....

      Delete
  14. කොල්ලෝ මේක ඉක්මනට ලියල ඉවරකලොත් නාකද මට මුල ඉඳන්ම බලන්න

    ReplyDelete
    Replies
    1. බෝල මකුළුවෝ අල්ලලා ගහනවා දඬු කඳේ ඉක්මනට ඔක්කොම කොටස් ටික දැම්මේ නැත්නම්

      Delete
    2. ඕන් ඒනම් ඊලඟ එකත් දැම්ම

      Delete
  15. මරු.. ඇත්තටම රහස් පරීක්ෂකයෙක් කියල මට හිතුනේ

    ReplyDelete
    Replies
    1. ඇත්තම පරීක්ෂණ රහස් තමා :)

      Delete

හික් හික් හික්...
ඔයාලට මොකක්ද හිතුනෙ මේක කියවද්දි?
මටත් දැනගන්න කොමන්ටුවක් දාලා කියන්නකො.

Photobucket
Create your own banner at mybannermaker.com!
Sinhala Blog Reader
  • ආයුබෝවේවා

මේ වෙලාවේ

© 2013  boothspider.blogspot.com. Powered by Blogger.