ඔන්න පටන් ගත්තා.

මම SPIDER. මට ඉංග්‍රීසියෙන් කියන්නෙ මකුලුවා කියලා. නිකම් නෙවේ. බූත මකුලුවෙක්. කළවානෙ බූත මකුලුවා.
යාලුවො ආදරේටයි තරහටයි 2ටම කියන්නෙ ඕක.ඒත් ඔයාලට මගෙ බූත වැඩ වැඩක් නෑනෙ? මම නිල නොවන "පරීක්ශන රහස්" ලියන, කරන, කරලා ලියන, ජොබක් කරනවා. 
හැබැයි ඔයාල දැනගන්න. මම ෂර්ලොක් හෝම්ස් කෙනෙක් නෙවෙයි.  මෙහෙම කතා ලිව්වට මම වොට්සන් කෙනෙක්වත් සර් ආතර් කොනන් ඩොයිල් වගේ කෙනෙක්වත් නෙවේ. මම ඔය නිතරම ගෙවල් වල අහුමුලු දොරමුලු බාත් රූම් වල හෙම ඉන්නවා වගෙ ජාතියේ අහිංසක මකුලු පැටියෙකි. ඒ හින්දා ඒ පොත් බලලා හුරු අය මගේ කතා වලට හිනා වෙන්න එපා. මට ඇඩෙනවා තනි ඇහැට.
(වරදවා හිතන්න එපා. මම බාත් රූම් වල ඉන්නෙ කවුරුවත් නාන්නෙ නැති වෙලවට හොදේ. ඒකත් මගෙ පරීක්ශන රහස් වැඩ වලටයි.) 
මම මේ වගෙ කතා ලියන්න පටන් ගන්නෙ මේ දැන් ඉදන්. හැබැයි මම ඒ ලෙවල් කලේ සයන්ස් වලින්. මගෙ සිංහල දැනුම නම් බින්දුවයි (දශම එකයි)(0.1). ඉතින් ව්‍යාකරන වැරදි හෙම තියේවි ගොඩක්. කතාවත් හරි නෑ වගේ තියේවි. අනේ ඒවට බනින්න එපා. මට වැරදි කියල දෙන්න. මම හදාගන්නම්. 
ඒ වගේම හිතෙන දේ කොමන්ට් කරලා යන්න. බ්ලොග් ලියන ඈයො නම් දන්නවනෙ කොමන්ට් වල වටිනාකම? ඒ වගේම ඔයාලගෙ සයිට් ටිකත් දාල යන්න. මට ඇවිත් බලන්න.
ආයෙත් කියන්නම්. අඩුපාඩු පෙන්නල විවේචනය කරන්න. ඒත් කුනුහබ්බ කියන්න, බනින්න, හෙම එපා. දැන් කාලෙ ගොඩක් තියෙන්නෙ ගොසිප් නිව්ස්, ටෙක්, ජෝක්, බ්ලොග්. ඉතින් මට හිතුනා මෙහෙම අලුත් විදියක 1ක් කරන්න. ඔයාල මේවා කොපි කලාට කමක් නෑ. මගෙ නමත් මුල්ලක දාල. නැතත් කමක් නෑ.
ඔන්න ඒනම් මමත් පටන් ගත්තා බ්ලොග් එකක්.

23 thoughts on “ඔන්න පටන් ගත්තා.

  1. දිගටම කරගෙන යන්නට සුභ පැතුම්

    ReplyDelete
  2. තැන්කු. ගොඩාක්. ඔයාගෙන් තමයි මම ගොඩක් ඉගෙනගත්තෙ

    ReplyDelete
  3. ආරම්භයට සුභ පැතුම් ! ඔයා ලියන්නකෝ, අපි එන්නම් කියවන්න.

    (මචං, මේ කමෙන්ට් බොක්ස් එකේ මොකක්ද අවුලක් තියෙනව චුට්ටක් බලන්න. සමහර විට වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කළාම ඒක හරියයි. ඒ ඉමේජ් එකේ තියෙන අකුරුටික ටයිප් කරන්න තියෙන බොක්ස් එක පේන්නෙ නෑ, ඒක ස්ක්‍රෝල් වෙන්නෙත් නෑ, ස්ක්‍රෝල් බාර් එක පෙන්නන්නෙත් නෑ. ඉන්. එක්ස්ප්ලොරර් වල යන්තම් මවුස් එක තියල පහළට ඇදන් යන්න පුළුවන්, අනිත් බ්‍රවුසර්වල එහෙමවත් බෑ.)

    ReplyDelete
    Replies
    1. මම නම් ඔය වගේ වෙලාවට keyboard එකේ Tab key එක යූස් කරනව. :)

      Delete
  4. තැන්කු හොඳේ. මේ ටෙම්ප්ලේට් එකේ අවුලක්ද මන්ද?
    කිව්ව එක ගොඩක් හොඳයි. ඔයා මාව දිරිමත් කරනවා.

    ReplyDelete
  5. ජයම වේවා!
    මගේ අද ලිපිය ඔබ වැනි නවකයන්ටයි..
    අවශ්‍ය නම් වෙලාවක කියවන්න.
    ජයෙන් ජයම වේවා!

    ReplyDelete
  6. ඩූඩ්ටත් ජය, හිරුටත් ජය. :D

    @හිරු.... මම එනවාමයි.

    ReplyDelete
  7. ආහ්හ්හ්හ්හ්.. අලුත් රහස් පරීක්ෂකයෙක් ව්අගේ!! මමනම් අදයි ආවෙ.. ලිපි ටිකක් මග ඇරිලා වගෙ!! කමක් නෑ.. අද ඉදන් එන්නම්කෝ දිගටම!! සුභ පැතුම්!!!

    ReplyDelete
  8. @චන්දික. එල තමාහ්.
    ඔයාගෙ නෙත්මි බලන්න මමත් එනවා.

    @හිතුවක්කාරියේ, මම ඇවිල්ලා පරීක්ෂණ රහස්.... දිගටම එන්නකො.

    ReplyDelete
  9. හොඳයි හොඳයි. :)
    මම මේ මාස ගාණකට පස්සෙ බ්ලොග් එකකට කමෙන්ට් එකක් දැම්මෙ.
    සුඟ පතනවා. හොඳින් කරගෙන යන්න.
    උදව්වක් ඕනෙ උනොත් අපිත් දෙන්නම්කෝ. :)
    ඔන්න මගෙ බ්ලොග් එකත් (එකක් කිව්වට 3ක් :D ) පහළින් දැම්ම.
    --
    http://madhawaweblog.blogspot.com
    http://www.guidetocse.com
    http://www.photographylk.com

    ReplyDelete
    Replies
    1. 3ම දාපු එක හොඳා. මමත් එනවා බලන්න. මේ පැත්තෙ ආපු එකට තෑන්ක්ස් ගොඩාක්.

      Delete
  10. අද තමයි මේ බ්ලොග් එක දැක්කෙ.මාත් රහස් පරීක්ෂක කතා කියවන්න ගොඩක් ආසයි. වෙලාව තියෙන විදිහට ඇවිත් මේ ලියලා තියෙන කතා ටික කියවන්න ඕන.
    දිගටම ලස්සන රහස් පරීක්ෂක කතා ලියන්න මගෙන් සුභ පැතුම්!!! :)

    ReplyDelete
  11. තෑන්ක්ස් ආවට.. වෙලාවෙ හැටියට ඇවිත් යන්නකෝ එහෙනම්.

    ReplyDelete
  12. ඔන්න මමත් ආරම්භය බලන්න පරක්කු වෙලා ආවා..

    ReplyDelete
  13. මාත් ආව මුල බලලං යන්න ඕං :)

    ReplyDelete
    Replies
    1. හා හා. මුල ඉඳන් බලාගෙන එන්නකෝ.

      Delete
  14. ආරම්භය දැක්කෙත් අද....සුබ සුබපැතුම් ....දිගටම ලියමු .....

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් යාලුවා,,

      Delete

හික් හික් හික්...
ඔයාලට මොකක්ද හිතුනෙ මේක කියවද්දි?
මටත් දැනගන්න කොමන්ටුවක් දාලා කියන්නකො.

Photobucket
Create your own banner at mybannermaker.com!
Sinhala Blog Reader
  • ආයුබෝවේවා

මේ වෙලාවේ

© 2013  boothspider.blogspot.com. Powered by Blogger.